ලස්සන,සුවඳ මල් උයනෙන් ඉවත් කිරීම....
මේ සටහන ලියන්නට හිතුනේ දක්ෂ නිවේදකයකුවන නලීන් කරුණාරත්න මහතාගේ අකල් සමු ගැනීමත් සමගය...වයස අවුරුදු 55 දී සමු ගැනීම "අකල්" ලෙස යෙදීම දැන් නම් එතරම් සාධාරණ නොවන්නේ බලා සිටිද්දී මිනිස් ආයුෂ අඩුවීගෙන යන නිසාවෙනි..... ඉස්සර අපේ පවුලේ සහෝදර සහෝදරිය හතර දෙනෙක් සිටි නිසාත් පියා රාජ්‍ය සේවයේ රැකියාවක නිරතවූ නිසාත් 1987 වසරේදී අපේ නිවසට එතරම් මිල අධික නොවූ කළු- සුදු රූපවාහිනියක් ගෙනෙන ලදී.... අපිට මුල් කාලයේ පෙනුනේ "රූපවාහිනිය" පමණක් වුවත්, එයින් අප ලබාගත් දැනුම බොහෝය....ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ "ආයුබෝවන්" වැඩසටහන මෙන්ම,ටයිටස් තොටවත්ත මහතාගේ මෙන්ම මහැදුරු නන්දදාස කෝදාගොඩ මහතාගේත්, තුසිත මලලසේකර මහතාගේත් අධ්‍යාපනික වැඩසටහන් ද අති විශිෂ්ඨ විය.....අපේ පවුලේ හතර දෙනාටම උසස් අධ්‍යාපනය ලබාගත හැකිවූයේත්, පසු කාලීනව අයියා ජේෂ්ඨ මාධ්‍යවේදියෙක් වූයේත් ටී වී එකෙන් ලද යම් පිටු බලයකින් යැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවේ..... මා පාසල් සමයේ ITN එකේ විකාශය වූ "දැනුමයි වාසනාවයි" තරඟයට යාමෙන් පළමු සජීවී රූපවාහිනී අත්දැකීම ලැබූ අතර පසු කාලීනව අයියාගෙන් බොහෝ දේ