අනුන්ට වටින අපිට නොවටින අපේ බස.....


පස්වන සියවසේදී දකුණු ඉන්දියාවේ ආන්ද්රා ප්රදේශ් සිට මෙහි පැමිණ සිංහල අටුවාවන් පාලියට පෙරළූ තෙලිඟු ජාතික බුද්ධඝෝෂ හිමියන් තම ලේඛණ සියල්ලක්ම අරඹන්නේ "සිහල භාසං මනෝරමං භාසං" කියල....මෙරට වසර 17ක් සිරකරැවකු ලෙස සිටි යුරෝපීය ජාතික රොබට් නොක්ස්,වසර හතරක් මෙරට පර්යේෂණවල නිරතවූ ඉංග්රීසි ජාතික වෛද්ය ජෝන් ඩේවි වගේම භාරතීය සංස්කෘත මහා කවි රාජසේකරයන් පවා තමන්ගේ ලේඛණවල කියන්නේ සිංහල වගේ විශිෂ්ඨ තවත් භාෂාවක් ඔවුනට හමු නොවූ බවයි.....
මීට වසර කීපයකට කළින් ලාංකීය සම්මානනීය නිලි අනෝජා වීරසිංහ එංගලන්තයේ ලැම්ඩා රංග අධ්‍යන ආයතනයේ පාඨමාලවකට සහභාගී වෙන්න ගියාම එහි උච්චාරණය සම්බන්ධ වැඩමුලුවේදී ඇ‍ය ඇතුළු සිසු සිසුවියන්ට උච්චාරණය පුහුණුවීම සදහා මුලින්ම ලබා දී තිබුනේ සිංහල හෝඩියයි..”මේ භාෂාව ආසියාවේ පොඩි රටක එකක්.ඒත් උච්චාරණය ඉගෙන ගන්න තියෙන හොදම බාෂාව මේක තමයි”...කියමින් අදාළ ඉංග්‍රීසි ජාතික කථිකාචාර්‍යවරයා ඔවුනට සිංහල හෝඩිය ලබා දී තිබුනා...මෙය දැකීමෙන් මහත් සතුටට පත් ඇය "This is my mother tongue sir (මේ මගේ මවු හාෂාවයි සර්)" කියල සතුටින්ම පිළිතුරු දුන්නලු..”You are so lucky to have such a perfect language (මෙවැනි පරිපූර්ණ මව් බසක් ලබන්න තරම් ඔබ හරිම වාසනාවන්තයි)“ කියල ඔහු කිව්වලු.....
ලෝක ජනගහනයෙන් 33%ක් කථා කරන්නේ ඉංග්‍රීසි,28%ක් කථා කරන්නේ ස්පාඤ්ඤ භාෂාවන්...සිංහල කතා කරන්නේ කොතරම් අල්පයක්ද ?සිංහල හාෂාව කියන්නේ ලංකාවේ අපි විතරක් කථා කරන භාෂාව...ඊට අමතරව සිංහල වචන කීපයක් හෝ ඉතිරිවෙලා තියෙන්නේ මාල දිවයිනේ භාෂාවේම විතරයි...ඔවුන් ජලයට “පැන්” කියනව...වීදුරුවට “සරාව” කියල කියනවා…මේ වගේ ඉතාම ස්වල්ප ප්‍රමාණයක් පමණයි එහෙත් ඉතිරිවෙලා තියෙන්නේ….. ඒකට හේතුවුනේ අනුරාධපුර යුගයේ අවසන් අදියරේ ලංකාවෙන් එරටට ගිය් සිංහලයන්ගෙන් මාල දිවයින් ජාතිය පැවත එන නිසා...ඔවුන් කළින් බෞද්ධයන් වුනත් පසු කාලීනව මුස්ලිම් කරණයට ලක්වුනා....
මේ සිංහල භාෂාවේ තිබෙන වැදගත්ම දෙයක් තමයි "ඇ" සහ "ඈ" කියන ශබ්දයන් දෙක… මෙය සිංහලයට අමතරව ආසියාවෙන්ම තියෙන්නේ වංග හෙවත් බෙංගාලි භාෂාවේම පමණයි..නිකමට හිතන්න ඉංග්‍රීසියෙන් "සැමට සුභ නව වසරක් " කියල ලියද්දි අපිට ලියන්න වෙන්නේ Semata Suba Nawa Wasarak කියල..ඇත්තටම කිව්වොත් ඒක සැමට නෙවෙයි "සෙමට"....
අපේ භාෂාවේ තරම් හඬවල් සහ විද්‍යාත්මකව වෙන්කොට දැක්විය හැකි අක්ෂර පද්ධතියක් තියෙන්නේ වෙන මොන භාෂාවකද ?ඒවා තාලුජ,දන්තජ,මුර්දජ,සංඤක, ඕෂ්ඨජ වගේ උත්පත්ති ස්ථානය අනුව ඉතාම පැහැදිලි විද්යාත්මක පදනමකින් වෙන්කොට දක්වා තිබෙනවා..”ඳ","ඬ","ඟ" වගේ සංඤක අකුරකින් කියැවෙන ශබ්දය ගන්න ඉංග්‍රීසි අකුරු කීයක් නම් යොදාගන්න වෙනවද ? සංඤක අක්ෂර තිබෙන්නේ සිංහලයේ පමණයි..ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව අපේ භාෂාවට වඩා කොතරම් ප්‍රාථමිකද ?
මෙහෙම කිව්වම බොහෝ දෙනෙක් කියයි , විශේෂයෙන්ම රැඩිකල් විද්වතුන් කියයි "මේවා හරිම පසුගාමී ,21 වන සියවසට නොගැලපෙන අදහස් කියල"...අපේ රටේ රැඩිකල් විද්වතුන්ට මේවා පසුගාමී වුනත් යුරෝපයේ වාග් විද්‍යාඥයන්ට නම් සිංහල භාෂාව බොහෝ විශිෂ්ඨ නිර්මාණයක්.....
මෙයින් අදහස් කරන්නේ ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවන් ඉගෙන ගතයුතු නොවේ යැයි නොවේ.මේ වනවිට ලෝකයේ දැනුම බොහෝමයක් ලියැවී ඇත්තේ ඉංග්‍රීසියෙන් නිසා ඉංග්‍රීසි ඉගෙන ගැනීම අත්‍යාවශ්‍ය කරුණක්..නමුත් සිංහල කියන්නේ “ගොඩේ” එකක් කියල ඒක විනාශ කරල දාන චැනල් වල නිවේදක් නිවේදිකාවෝ වගේ අපිත් ඒ භාෂා සංහාරයට එකතු විය යුතු නැති බවයි.....
1215 දී එංගලන්තයෙදී අත්සන් කළ ලොව පළමු වැනිම මානව හිමිකම් ගැන ප්‍රඥ්ඥප්තියවන “මැග්නකාටා සම්මුතිය” වෙනුවෙන් අත්සන් කළ එවකට එංගලන්ත රජුවූ ප්‍රංශ සම්භවයක් සහිත ජෝන් රජු ඒ වනවිට අකුරු ලිවීමේ හෝ කියැවීමේ හැකියාවෙන් තොරවූ නිසා ඔහු අත්සන් කලේ ඇඟිලි සලකුණු තැබීමෙන් හෙවත් "කන අත්සන " යෙදීමෙන් සහ මුද්‍රාවක් තැබීමෙන්..එම කාලයේම ලක්දිව රජකළ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත නම් වූ දෙවෙනි පරාක්‍රම බාහු රජු කවු සිළුමිණ ලියනවා..අන්න ඒකයි එදා වෙනකොට රටවල් දෙකේ සාක්ෂරතාවයේ වෙනස..එහෙම ඉංග්‍රීසින් තමයි අපිට සාක්ෂරතාව ගැන උගන්වන්න එන්නේ...
90 දශකයේ මුල් බාගයෙදි ඇමරිකාවේ NASA ආයතනය මගින් විශේෂ යානාවක් මුදා හැරියා...මෙහි අරමුණ වුනේ අපේ ලෝකයෙන් පිටත කොහේ හෝ ජීවීන් සිටී නම් ඔවුන්ට අපි ගැන පණිවුඩයක් ලබා දෙන්න..මෙහිදී NASA ආයතනය පෘථිවිය ගැන විවිධ ක්‍රම වලට එමා යානය තුළ හඳුන්වා දී තිබුනා...ඡායාරූප,හඬ පට වගේ තවත් නොයෙක් ස්රව්‍ය දෘශ්‍ය දේවල් බොහෝමයක් ඒ අතර වුනේ කුමක් හෝ ක්‍රමයකින් වෙනත් ලොවක ජීවියෙකුට එම යානය හමුවුවොත් අපේ ලොව ගැන තේරුම් කිරීමේ අදහසින්.....මෙහිදී ඔවුන් භාෂාවන් 200 කින් පමණ ලියූ සටහන් සහ කියූ හඬ පට ඇතුළත් කළා.එහිදී ඔවුන් මුලින්ම ඉංග්‍රීයත් දෙවෙනුව සංස්කෘතයත් තුන් වෙනුව සිංහලයත් ලෙසට පෙළ ගැස්සුවේ එය ලොව ඇති දියුණුම භාෂාවන් අතර දෙවැනි තැන හිමිවූ නිසයි..පළමුවෙන් ඉංග්‍රීසියෙන් පටිගතකලේ එය NASA ආයතනයේ භාෂාව නිසා....
මීට දශක දෙකකට කළින් එක්සත් ජාතීන්ගේ සංස්කෘතික අධ්‍යාපන සංවිධානය හෙවත් UNESCO විසින් සමස්ථ ලෝකයෙන්ම භාෂාවන් 16 ක් තෝරා ගත්තා විශිෂ්ඨතම භාෂාවන් වශයෙන් අනාගතය උදෙසා සංරක්ෂණය කරන්න..ඒවායින් තුන් වැනි තැන හිමි වුනේ සිංහල භාෂාවට..ඒත් වැදගත් දෙයක් කිවයුතුයි..මේ කියන්නේ අපි බාවිත කරන ප්‍රායෝගික සිංහල භාෂාව ගැන මිසක් කුමාරතුංග මුනිදාසයන් විසින් හුවා දක්වපු හෙල බස ගැන නම් නෙවෙයි..හෙල බස කියන්නේ කුමාරතුංග පඬි තුමාගේ එක්තරා අදහසක් පමණයි කියලයි මට හිතෙන්නේ...මොකද ඔහු පාලි,සංස්කෘත සහ ප්‍රකෘත යන භාෂා සියල්ලක්ම හෙල බසේ සතුරන් ලෙස සැළකූ නිසා...
මේ වන විට UNESCO සංවිධානය තම සාමාජික රටවලට යෝජනා කරන්නේ අඩුම වශයෙන් දරැවකුට ප්‍රාථමික අධ්‍යාපනය හෝ තම මවු භාෂාවෙන් ලබා දිය යුතු බවයි....
ඒත් අවාසනාවට පසුගිය සියවස් දෙකක් තිස්සේ අධිරාජ්‍යවාදීන් විසින් "සිංහල යනු ගොඩේ භාෂාවක්" යනුවෙන් සමාජගත කළ එක කොතරම් බිහිසුණුද කියලා මහැදුරු එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” පොතේ තියෙන සිදුවීම් වලින් පෙනෙනවා..ඊට අනුව පසුගිය සියවසේ මැද භාගය වන විට ලංකාවේ ඉහළ පෙලේ පාසල්වූ මිෂනාරීන් ආරම්භ කල ගල්කිස්ස සාන්ත තෝමස්,කොලඹ රාජකීය,ගාල්ල සාන්ත ඇලෝසියස් වගේ විදුහල් වලදී සිංහල ගුරුවරයා සමස්ථ ආචාර්‍ය මණ්ඩලය සහ සිසුන් විසින් එලි පිටම සමච්චලයටත් තාඩන පීඩන වලටත් ලක් කළ ආකාරය පෙන්වා දිය හැකියි...මේ සියලු කෙණහිලි කම් මැද වුනත් අදටත් අපේ බස යාන්තමට හෝ ඉතිරිවී පැවතීම ගැන අපිට සතුටු වෙන්න පුලුවන්..ඒත් ඉදිරි දශක කීපය වෙද්දී නම් එය සපුරාම වැලලී යන බවට පූර්ව ලක්ෂණ මතුවෙමින් තියෙන බව කියන්නේ කණගාටුවෙන්...
(ප්‍රවීණ සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසිංහයන් සමග කළ සාකච්ඡාවක් ඇසුරෙනි)
-චාමර වන්නිආරච්චි-


Comments

  1. ඇත්ත සිංහල කියන්නෙ හරි අපුරු භාෂාවක් අපේ අයට අගයක් නැති වුණාට. නමුත් ඔය කියන හැටියට වඉක්මනින් වඳවෙයි කියා නම් මා හිතන්නෙ නැහැ. වඳ වුණොත් මුලික හේතුවක් වෙන්නෙ අන්තර්ජාලයත්, තොරතුරු තාක්ෂණයත් තමයි. මොකද අද මුද්‍රිත මාධ්‍යවල තැන ගනිමින් ඉන්නෙ එය නිසා. අපි අන්තර්ජාලය තුළ එය භාවිත කරන තරමට, භාෂා සහයෝගී මෘදුකාංග වැනි දෑ නිමවන තරමට එය සුරැකේවි. මා වුණත් ඉඳහිට හෝ සිංහල විකිපීඩියාවට දායක වෙන්නෙ ඒ නිසයි. බස නංවන්න වටිනා අවස්ථාවක් තිබෙනවා... විකිහවු අඩවියේ සිංහල භාෂා සංස්කරණයක් අරඹන්න ස්වේච්ඡා ප්‍රජාවක් එක්රැස් කෙරෙමින් තිබෙනවා. නමුත් කියන්න කණගාටුයි වසර කීපයක් ගතවෙලත් ඉතා ම සුලු පිරිසකුයි එක්වෙලා තියෙන්නෙ. හැකිනම් මේ ගැන සමාජය දැනුවත් කරන්න. පහත සබැඳිවලි්න් තොරුතුරු ගන්න.

    https://whsinhala.neocities.org
    https://www.facebook.com/whsinhala
    https://www.wikihow.com/wikiHow:About-wikiHow
    https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%80%E0%B7%94

    ReplyDelete
  2. I'm so happy and proud to be a Sinhala. It's my mother tongue. I always use it for the method of proper communication.

    ReplyDelete
  3. /* මීට වසර කීපයකට කළින් ලාංකීය සම්මානනීය නිලි අනෝජා වීරසිංහ එංගලන්තයේ ලැම්ඩා රංග අධ්‍යන ආයතනයේ පාඨමාලවකට සහභාගී වෙන්න ගියාම එහි උච්චාරණය සම්බන්ධ වැඩමුලුවේදී ඇ‍ය ඇතුළු සිසු සිසුවියන්ට උච්චාරණය පුහුණුවීම සදහා මුලින්ම ලබා දී තිබුනේ සිංහල හෝඩියයි..”මේ භාෂාව ආසියාවේ පොඩි රටක එකක්.ඒත් උච්චාරණය ඉගෙන ගන්න තියෙන හොදම බාෂාව මේක තමයි”...කියමින් අදාළ ඉංග්‍රීසි ජාතික කථිකාචාර්‍යවරයා ඔවුනට සිංහල හෝඩිය ලබා දී තිබුනා...මෙය දැකීමෙන් මහත් සතුටට පත් ඇය "This is my mother tongue sir (මේ මගේ මවු හාෂාවයි සර්)" කියල සතුටින්ම පිළිතුරු දුන්නලු..”You are so lucky to have such a perfect language (මෙවැනි පරිපූර්ණ මව් බසක් ලබන්න තරම් ඔබ හරිම වාසනාවන්තයි)“ කියල ඔහු කිව්වලු.....*/

    අනෝජා ලන්ඩන් ගිහින් ආවේ 90 දශකයේ මුල් හරියේ බවයි මට මතක. වසර කිහිපයකට ඉහත නොවෙයි.

    එදා ඇය රූපවාහිනියේ ආයුබෝවන් වැඩසටහනේ ජැක්සන් ඇන්තනි සමග නම් ඔය වගේ කතාවක් කීවේ නෑ. ඇය කීවේ වොයිස් ටේ‍ර්නින් ගැනයි. එවිට ජැක්සන් තමයි කිව්වේ සිංහල භාෂාවේ අකුරු එකට පේලි විදියට ලියන්නේ ශබ්ධ වෙන සමානත්වය අනුව බව!

    ReplyDelete

Post a Comment

Popular Posts