ඉලක්කම්........
අද ලොවම තම අණසකට නතු කරගෙන සිටින බටහිර විද්යාව සහ ගණිතය ඒවායේ මූලය සකසා ගත්තේ පෙරදිග දැනුම බටහිර චින්තනය තුලට අවශෝෂණය කරගැනීමෙනි……..
මෙයට හොදම සහ සරලම උදාහරණය හින්දු සහ අරාබි සංඛ්යාංක පද්ධතියයි........හින්දු අරාබි සංඛ්යාංක පද්ධති ඉතිහාසය වසර දහස් ගනණක් ඈතට දිව යයි........එම පද්ධතිය බටහිරයන්ගේ "ලාමක" රෝම සංඛ්යාංක පද්ධතියට වඩා කොතරම් සාර්ථකදයත් අද බටහිර විද්යාව සහ ගණිතය තුලද භාවිත වන්නේ මෙම හින්දු සහ අරාබි සංඛ්යාංක පද්ධතියයි ......
වසර දහස් ගනණකට පෙර භාරතයේ සිටි මිනිසුන් ඉතා විශාල සංඛ්යා දැනගෙන සිටි අතර ඔවුන් ඒවා ලිවීමෙ අවශ්යතාව පිරිමසා ගැනීමට මෙම හින්දු සංඛ්යාංක පද්ධතිය නිර්මාණය කරන ලදී......ත්රිපිටකයේ විශ්වය සම්බන්ධ දේශණාවන්හිදී "සහශ්රී් ලෝක ධාතුව",”දස සහශ්රීි ලෝක ධාතුව”,විසි අසංකේය කල්ප ලක්ෂය ඇතුලු තවත් බොහෝ අති විශාල සංඛ්යාවන් ගැන කියැවෙන අතර තව දුරටත් ගිනිය නොහැකි තරම් විශාල "කල්පය" වැනි දේ විස්තර කිරීමේදී බුදුන් උපමා යොදාගත්තේ එම සංඛ්යාවන්ද ප්ර්මාණවත් නොවුන බැවිණි...........
බුදුන්ගේ සමකාලිනයෙක්වූ "පයිතගරස්" විසින් අප සියලු දෙනම දන්නා "පයිතගරස් ප්රමේයය" ඉදිරිපත් කිරීමටත් වසර දෙදහසකටත් කලින් ඉන්දු නිම්න සහ මිසර ශ්ෂ්ඨාචාරයේ වැසියෝ එය මීටත් වඩා සාර්ථකව දැනගෙන ප්රායෝගිව යොදා ගත්හ..... පැරණි භාරතීය වෛදිකයන් එය "අර්ධ ජ්යා ප්රමේය" ලෙස නම් කලහ……නයිල් සහ ඉන්දු නදීන් පිටාර ගැලීමෙන් පසු ඔවුන්ගේ වගා බිම් විනාශවූ අතර නැවතත් තම ඉඩ කඩම් වල සීමාවන් නිර්ණය කරගැනීමට ක්රමවේදයන් සෙවීමේදී ඔවුන් විසින් ජ්යාමිතිය නිර්මාණය කරගන්නා ලදී....... ජ්යාමිතිය ,ත්රිකෝණමිතිය,පමණක් නොව දෛශික,සංකීර්ණ සංඛ්යා සහ කලනයද ලොවට හදුන්වා දුන්නේ භාරතීයයන්ය......
බුදුන්ගෙ කාලයෙන් පසුව භාරතයේ බිහිවූ ශ්රේ ශ්ඨතම විද්වතාවූ නාගර්ජුණ හිමියන් විසින් "නැති දෙයක සංකල්පීය පැවැත්ම" අර්ථ දක්වමින් ලොවට ඉදිරිපත් කල "ශූන්යතාව"නම්වූ පෙරලිකාර සිද්ධාන්තය බුද්ධ ශාසනයේ "මාධ්යමික" නමින් අලුත් මහායාන ගුරුකුලයක් ඇති කලද එමගින් ගණිතයට සිදුවූ සේවාව අප්රමාණය ...........
නාගර්ජුණ හිමියන් දිගු කලක් නාලන්දා සරසවියේ ප්රධානියා ලෙස කටයු කල අතර එම සරසවියේ ගණිත අංශයේ ප්රධානියාවූ ඉන්දියානු මහා ගණිතඤ "බ්ර්හ්ම ගුප්ත” විසින් ලෝකයට "ශූන්ය" හෙවත් "බිංදුව" යන සංකල්පය හදුන්වා දුන් අතර,නැති දෙයක් ඇති දෙයක් ලෙස පෙන්වාදීමේ ක්රමවේදය භාරතීයයන්ගේ "චතුස්කෝටික චින්තනය" තුල ගැටුලුවක් නොවීය..... මෙයට පදනම වූයේ නාගර්ජුණ හිමියන්ගේ ශූන්යතා දර්ශණයයි……
තරමක් දුරට සාර්ථකවූ "ත්රීකෝටික චින්තනය” සහිතවූ අරාබීන්ට සේද මාවත ඔස්සේ ලැබුණු මෙම ශූන්ය සංකල්පය කිසිදු ගැටලුවකින් තොරව තේරුම් ගැනීමට හැකිවිය……නමුත් මැද බැහැර කල අසාර්ථකවූ "ඇරිස්ටෝටලීය ද්වීකෝටික චින්තනය " තුල සිරවූ බටහිරයන්ට මෙය තේරුම් ගැනීමට තවත් සියවස් ගනනක් ගත විය...... ගණිතයට බිංදුව හදුන්වාදීමෙන් නොනැවතුන බ්රහ්ම ගුප්ත එතෙක් පැවති හින්දු ඉලක්කම් පද්ධතියට "තාර්කික" සංකේත ක්රමයක් හදුන්වා දුන්නේය.......
එය ඉතා නිර්මාණාත්මක සහ සිත් ගන්නාසුලු විය...... සුලු කෝණ ,සෘජු කෝණ සහ මහා කෝණ සහිත හැඩ තල මේ සදහා යොදාගත් ඔහු එක් කෝණයක් සහිත සංකේතය "එක" ලෙසත්,කෝණ දෙකක් සහිත සංකේතය "දෙක" ලෙසත් පිලිවෙලින් කෝණ නවයක් සහිත සංකේතය "නවය" ලෙසත් අවසානයේ කිසිදු කෝණයක් නොමැති සංකේතය "බිංදුව" ලෙස නම් කරන ලදී. ……මෙය අද අපි භාවිත කරන හින්දු අරාබි ඉලක්කම් පද්ධතියේ ආරම්භයය්....
බ්රහ්ම ගුප්ත නොවන්නට අප තවමත් බටහිරයන්ගේ අසාර්ථක රෝම ඉල්ලක්කම් වලින් පිටු පුරවමින් හති ලමින් සිටින්නට ඉඩ තිබුණි...එසේ වුවද අපට සුද්දන් උගන්වන්නේ පයිතගරස්ලා,ලයිබනිටිස්ලා ගැන මිසක් බ්රහ්ම ගුප්තලා ආර්ය බාටලා ගැන නොවේ.........මෙය බටහිර දේශපාලන අධ්කාරියේ තරම කියාපාන සාධකයකි....
- චාමර වන්නිආරච්චි-
Comments
Post a Comment