නාවික මෙහෙයුම් : 07 කොටස


තොග භාණ්ඩ ප්රවාහන නෞකාවන්(Bulk Carriers ) තමයි නාවික ලෝකයේ "අජානීය අශ්වයන්" ලෙස හඳුන්වන්නේ....අති විශාලවූ ගුදම් (Holds/Hatches ) තුල ගල් අඟුරු,ක්ලින්කර්,සිමෙන්ති,සල්ෆර්,යපස්,ධාන්ය,ජිප්සම්,පරණ යකඩ ඇතුලු තවත් බොහෝ දේ පටවාගෙන ලොව වටා යන නැවු වලට මෑතක් වන තුරුම ඉහළ ඉල්ලුමක් තිබුණ.මෙයට ප්රධානම හේතුව උනේ පසුගිය කාලයේ චීනයේ ආර්ථිකය අති විශාල ලෙස ප්රසාරණය වීම බවයි නාවික ක්ෂේත්රයේ විද්වතුන් පවසන්නේ...පසුගිය කාලයේ චීනය තුලට විශාල වශයෙන් යපස් ඇතුළු කාර්මික තොග භාණ්ඩ ආනයනය කළ නිසා තොග භාණ්ඩ ප්රවාහන නැව් හිමියන් විශාල ලෙස ලාභ ලැබුවා....
ඇතැම් දිනවල තොග භාණ්ඩ ප්රවාහන නෞකාවකට දිනකට $ 280,000/- කුලියක් වාර්තා වුනා.නමුත් 2008 න් පසුව මෙම ඉල්ලුම එකවර පහත වැටුන.ඇතැම් නැව් වලට දිනකට $ 20,000/- කුලියක් හොයාගන්නත් අපහසු වෙන තරමටම...
සාමාන්ය ප්රමාණයේ තොග භාණ්ඩ ප්රවාහන නෞකාවක් අලුතින් නිමැවීමට වසර දෙකක පමණ කාලයක් ගත වෙනව...... මෙවැනි නැව් මුල් කාලයේ අලුත් පිටම ධාන්ය වැනි ආහාර ද්රව්ය ප්රවාහනයට වැඩි ඉල්ලුමක් පවතිනව.....
කාලයාගේ ඇවෑමෙන් නෞකාව පරණ වීමත් සමගම ගල් අඟුරු,සිමෙන්ති,යපස් වැනි අන්තරායකර සහ කිළිටි නැව් භාණ්ඩ(Hazardous & Dusty Cargo ) ප්රවාහනය සදහා තමයි යොදා ගන්නේ.... තොග භාණ්ඩ ප්රවාහන නෞකාවන් බොහෝ කාලයක් මෙවැනි දෑ ප්රවාහනයෙන් පසුව යකඩ වලට විකුණා දමනව........
මෙවැනි නෞකාවක සාමාන්ය ආයු කාලය වසර හතලිහත් පනහත් අතර වෙනව...70 දශකයේ නිමැවූ නෞකාවන් ඇතැම් විට තවමත් සේවයේ යොදවා තිබෙනව....
තොග භාණ්ඩ ප්රවාහන නෞකාවන් ප්රධාන කොටස් දෙකක් තිබෙනව....තොග බඩු ගොඩ බෑමට අවශ්ය යාන්ත්රික ගොඩබෑම් පද්ධති (Mechanical Discharging Systems-Cranes or Winches ) එම නෞකාව සතු නම් එවැන්නක් Geared Bulk Carrier ලෙස හදුන්වනව.යාන්ත්රික ගොඩබෑම් පද්ධති රහිත ප්රාදේශීය වරාය වලට භාණ්ඩ ප්රවාහනයේදි මෙම නැව් යොදා ගැනීම අත්යාවශ්යයි.....
ගාල්ල සහ ත්රිකුණාමලය වරායන්හි මෙම ගොඩබිමේ සවි කල යාන්ත්රික ගොඩබෑම් පද්ධති නොමැති නිසා එම වරායන්ට පැමිණෙන සියලු නැව් Geared Bulk Carriers වර්ගයට අයත් වෙනව....
නමුත් ලොව යාන්ත්රික ගොඩබෑමේ පහසුකම් සහිත වරායන් අතර තොග භාණ්ඩ ප්රවාහනයේදී නම් Gearless Bulk Carriers තමයි බොහෝ විට යොදා ගන්නේ....කොලඹ වරායේ විජය කුමර ජැටියේ පිහිටි Serandib Flour Mills ආයතනය වෙත තිරිඟු ප්රවාහනයට මෙවැනි යාත්රා යොදා ගන්නේ එම ජැටියේ සවිකරණ ලද යාන්ත්රික ගොඩබෑමේ පද්ධති යොදා ගත හැකි බැවින්..මෙලෙසම ත්රිකුණාමල ප්රීමා ජැටියේද එම Prima සමාගම විසින් යාන්ත්රික ගොඩබෑමේ පද්ධති යොදා ගන්න බැවින් ඒ සදහා මෙවැනි නෞකා යොදා ගනු ලබනව.......
ලංකාවේ වැඩි වශයෙන්ම තොග භාණ්ඩ ප්රවාහන නෞකාවන් භාවිත වන්නේ ආහාර ආනයනය කරන්නන් විසින්....මීට අමතරව සංස්ථා ,ටෝකියො සිමෙන්ති සමාගම්,ප්රීමා,සෙරන්ඩිබ් පිටි සමාගම් සහ යකඩ ඇතුලු ඉංජිනේරුමය ද්රව්ය ආනයනය කරන්නන් තොග භාණ්ඩ ප්රවාහන නෞකාවන් බහුලව යොදා ගන්නව....සංස්ථා සිමෙන්ති සමාගම කොලඹ,ගල්ල සහ ත්රිකුණාමල වරායන් තුනම තොග භාණ්ඩ ප්රවාහන නෞකාවන් සඳහා යොදා ගන්නව......
තොග භාණ්ඩ ප්රවාහන නෞකාවන් වල ධාරිතාවය(Capacity ) තීරණය වන්නේ එය තුළ ප්රවාහනය කල හැකි තොග භාණ්ඩ වල බර අනුවයි.... එවැනි නෞකාවක ධාරිතාව DWTහෙවත් Dead Weight Tons ලෙස හදුන්වනව…
DWT ධාරිතාව අනුව තොග භාණ්ඩ ප්රවාහන නෞකාවන් පහත පරිධි වර්ග කරනව....
Handysize -: 20,000DWT -40,000 DWT
Handymax -: 40,000DWT -50,000DWT
Supermax -: 50,000DWT -60,000DWT
Panamax - : 60,000DWT- 80,000 DWT
Post Panamax (Baby capers) -: 80,000 DWT -125,000 DWT
Cape Size (Very Large Ore Carriers) -: 125,000DWT- 200,000DWT
Panamax යන්න මුල් කාලයේදී භාවිත වුනේ "පැනමා ඇල හරහා ගමන් කල හැකි විශාලතම නෞකා " යන අදහසින්.........
ලංකාවේ වරාය වලට Handymax ප්රමාණයෙන් ඉහළ වර්ග වල තොග භාණ්ඩ ප්රවාහන නෞකාවන් පැමිනෙන්නේ නැහ...නමුත් සංස්ථා සිමෙන්ති සමාගම 2007 වසරේ ගල් අගුරු ප්රවාහණයට 53,000DWT ධාරිතාවයේ Supermax නෞකාවක් ත්රිකුණාමලය වරායට ගෙන්වූවා.....
මෙම ප්රධාන වර්ග කිරීමට අමතරව තොග භාණ්ඩ ප්රවාහන නෞකාවන්ට අනන්යවූ වර්ග කිරීම් කීපයකුත් තිබෙනව......
සමක නිවුගීනියාවේ Kamsar වරායට ඇතුළු වියහැකි නෞකා Kamsarmax (175,000 DWT ) ලෙසත්,ඕස්ට්රේලියාවේ Newcastle වරායට ඇතුලු විය හැකි නැව් Newcastlemax (185,000 DWT )ලෙසත් ජපානයේ Setouch මුහුදේ යාත්රා කල හැකි නෞකා Setouchmax (203,000DWT )ලෙසත් හැදින්වීම උදාහරණ ලෙස දැක්විය හැකියි....
ලෝකයේ විශාල නැවු ඇතුළු විය හැකි ගැඹුරු වරායන් ප්රමාණය සීමිත නිසා Cape size නෞකාවලට ඇති ඉල්ලුමෙ සාපේක්ෂව අඩුයි.....
කාලයාගේ ඇවෑමෙන් භාවිතයෙන් ඉවත්කරන ලද Cape size බොර තෙල් ප්රවාහන නෞකා (Oil Tankers ), තොග භාණ්ඩ ප්රවාහන නෞකාවන් බවට පත් කොට සේවයේ යෙදවීමක් දැන් දැන් නැව් කර්මාන්තයේදී සිදුවෙනව.....
( මතු සම්බන්ධයි )
----චාමර වන්නිආරච්චි-----


Comments

Popular Posts