සීගිරි ළඳකගේ අම්මෙක්...



සීගිරි ළඳකගේ අම්මෙක්...
සීගිරිය බලන්න මම ගියේ එකපාරයි..ඒ 2006 විතර..ඊට කළින් සීගිරිය ගැන බොහෝ කරුණු දැනගෙන තිබුනට යන්න ඉඩක් ලැබුණේ නෑ...ගිය දවසේ හිතුනා අනේ දවස් ගානක් බලන්න දේ තියෙනවා නේද කියලා....සමහරු කියන්නේ ඒක කාශ්‍යපගේ වැඩක් නොවන බවත් එය කුවේරගේ මාළිගාව බවත් පසු කලෙකදි කාශ්‍යප එය නැවත හෙලි පෙහෙලි කරගත් බවත්..සමහරු කියන්නේ ඒක රාවණාගේ කියලා...ඒත් මම පෞද්ගලිකව රාවණා ගැන නම් එතරම් විශ්වාසයක් නෑ...කොහොමවුනත් ඒක් අතිවිශිෂ්ඨ නිර්මාණයක්...
බටහිර ඉංජිනේරු විද්‍යාවේ තියෙන සිද්ධාන්ත සියල්ලක්ම "වියුක්ත සිද්ධාන්ත"..ඒ කියන්නේ ඒවා අදාළ පද්ධතියෙන් ස්වායක්තයි..එබැවින් ඒවා පොදුවේ ඕනෑම නිර්මාණයකට යොදාගන්න පුලුවන් ..නමුත් අඩුපාඩු බොහෝමයක් හටගන්න පුලුවන්..පෙරදිග ඉංජිනේරු විද්‍යාවේ සිද්ධාන්ත "සංයුක්ත සිද්ධාන්ත"..ඒ කියන්නේ ඒවා ඒ ඒ පද්ධතිය නිර්මාණය කිරීමට පමණක් අනන්‍යවූ විශේෂ ඒවා...ඒ නිසා තමයි පෙරදිග දැනුම පොත්වල සටහන් නුවුනේ සහ කරන්න අපහසු වුනේ..ඒ නිසා ඒ අතීත තාක්ෂණය අපි නැවත ලබා ගැනීම හීනයක් වුනේ..නමුත් බටහිර ඉංජිනේරු තාක්ෂණය පොත් වල සටහන් කරන්න හැකිවුනේ ඒවා වියුක්ත වූ ප්‍රවාදයන්වූ නිසා....
සීගිරියේ තිබෙන ඇතැම් දේ එලෙසින් නිර්මාණය කළේ කෙසේද කියල අදටත් බටහිර ඉංජිනේරු විද්‍යාවෙන් පහදන්න බෑ....පෙරදිග ඉංජිනේරු විද්‍යාව සටහන් නොවූ නිසා එයින් පහදන්න හැකියාවකුත් නෑ....
අපේ රටේ බිහිවුන විශිෂ්ඨ ඉංජිනේරුවන් කීප දෙනෙක්වූ ආචාර්‍ය කුලසිංහ,යාන්ත්‍රික ඉංජිනේරු රම්පාල,විදුලි ඉංජිනේරු විමලසුරේන්ද්‍ර,යාන්ත්‍රික ඉංජිනේරු රේවත විජේවර්ධන වගේ විද්වතුන් තමන් ලබාගත් බටහිර දැනුමට දේශීය දැනුම යම්තාක් දුරට එකතු කොට අලුත් දේ ප්‍රායෝගිකව නිර්මාණය කරන්න සමත් වූ අය..නමුත් එය එතනින්ම නැවතුනා....
රජෙක් කියන්නේ කාමයේ උපරිමය....කෙනෙක් රජවූ විගසම ඔහුට රට වැසියාගේ හිමිකම නිතැතින්ම ලැබෙනවා...ඒත් එක්කම තමන් කැමති කැමති ඕනෑම දෙයක් කරන්න හැකියාවක් ලැබෙන්නේ ඊට විරුද්ධවෙන අය විනාශ කිරීමට හමුදාවක් වගේ අධිකාරී ශක්තියක් ඔහුට ලැබෙන නිසා....රජවෙන්නෙ කාමය උදෙසාය කියන කතාව අලෙක්සැන්ඩර්ගේ පටන් ධර්මාශෝක ගැමුණු වගේ අය දක්වාම වෙනසක් නෑ....
ඒකට හොද නිදසුන් බොහොමයක් තියෙනවා...ධර්මාසෝක රජු අවසන් කාලයේ වයසට ගිහින් පාවාගත් රූමත් තරුණ බිසව නිසා තමයි ගයා ශීර්ෂයේ සිරි මහා බෝධියත් ලොවට අහිමිවුනේ...ගැමුණු රජු ගැනත් කියවෙන්නේ ඒ වගේ කතාම තමයි. සාලිය කුමාරයා සැඩොල් කෙල්ල එක්ක ගියාට පස්සේ දවසක මේ දෙන්නව ගැමුණු රජු විසින් රජ වාසලට කැඳවනවා....තම පුත්‍රයාගේ භාර්යාව දකින ගැමුණු රජු "මේ ස්ත්‍රිය නුඹගේ බිරිඳ නොවූවා නම් මා විසින් වහාම මාගේ අන්තහ්පුරයට ඇයව කැඳවා ගන්නා බව ඒකාන්ත බවත්...මාගේම පුත්‍රයාවන නුඹ එවැනි සුන්දර ලලනාවක් නිසා රාජ්‍ය පවා අතහැර දැමීම පුදුමයක් නොවනබව “ පැවසීමෙන් අනතුරුව තමයි සාලිය කුමරාට තම සිතැඟි පරිධි ඇය සමග යන්නට ඉඩ දීල රජු තමන්ගෙන් පසු රාජ්‍යත්වය තම බාල සොහොයුරාට පවරන්නේ.......
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු කියන්නේ පුදුමාකාර ලෙස කාන්තාවන්ට ලොල්වූ රජෙක්..වරක් ඔහු ගැටඹේ මහවැලි ගං තොටුපොලේ නානකොට ඉතා දිග කෙස් ගසක් හමුවෙනවා..ඔහු තම සේවකයන්ට කියනවා වහාම ගිහින් ඒ කාන්තව අරන් එන්න කියල...හොයල බලනකොට ඇය ගම්පොල මුස්ලිම් කාන්තාවක්..රජුගේ ගෝලයෝ එනබව දැනගත් ඇයගේ පවුලේ සියලුදෙනාම පවුල් පිටින් රාත්‍රියෙම බදුල්ලේ හාලි ඇල පැත්තට පලා ගිහින් තමයි ඇයව රජුගෙන් බේර ගන්නේ..මුස්ලිම් මිනිස්සු තමන්ගේ අය වෙනුවෙන් ඕන දෙයක් කැප කරන්නේ අන්න එහෙමයි...
ධාතුසේන රජුගේ දියණිය විවාහ වුනේ ඔහුගේ අගමැතිවූ මිගාර සෙනෙවියාගේ පුතා සමග...මිගාරගේ බිරිදවූ ඇයගේ නැන්දණිය ඇයට බොහෝ වධ හිංසා ඇතිකළා...අවසානයේ නැන්දණිය විසින් ධාතුසේන රජුගේ දියණිය ඝාතනය කලා..මේ නිසා රජු කිපී මිගාරගේ බිරිඳ ඝාතනය කළා ප්‍රසිද්ධ්යේ අත පය කපා...ඒත් එක්කම මිගාර, රජු සමග ඇති කරගත් වෛරය නිසා තමයි ඔටුන්න හිමි මුගලන් සිටියදී වෙනත් බිසවකගේ පුතෙකුවූ කාශ්‍යප රජ කරවන්න සැලැසුම් කරන්නේ....කෙසේ හෝ අවසන මිගාර දිනනව...ධාතුසේන රජු ඝාතනය වෙලා කාශ්‍යප රජ වෙනවා....තමන්ට කොයි මොහොතකහෝ මුගලන් පහර දෙන බව දන්නා නිසා තමයි ඔහු සීගිරිය මුදුනට යන්නේ...වටේටම කිඹුලන් යෙදූ දිය අගල් හදන්නේ......අනෙක් සෑම රජෙක් වගේම කාශ්‍යපත් උපරිමයෙන් ලෝකාස්වාදයටම කැපවෙලා හිටියා..සෝවාන් වෙලා රජකම කළ මහානාම රජුත් එහෙමම තමයි...ඔහුගෙන් රජ වාසලේ මෙහෙකාරියකට ලැබුන "වාසභකත්තියා" කියන දියණියගේ පල හිලව්ව නිසා තමයි ශාක්‍ය ජනපදයම විඪූඩභ රජු අතින් සමූල ඝාතනය වුනේ...සෝවාන් වෙලා රජකම් කළ මහානාම එහෙම නම් ඉතින් කාශ්‍යපලා ගැන කවර කතාද ?...බුදු රදුන් රතන සූත්‍රයෙදි පැහැදිලිවම කියන්නේ සෝවාන් කෙනෙකුගෙන් සිදු නොවන්න පුලුවන් පංච ආනත්තරිය පාප කර්ම සහ නියත මිත්‍යා දෘෂ්ඨියම පමණයි කියලා...ඡචාභි ඨානාණි අභබ්භෝ කාතුං.....
කාශ්‍යපට ඕන වුනේ රටට කුමන විපත්තිය සිදුවූවත් තමන්ගේ ලෝකාස්වාදය ලබා ගන්නයි් උපරිමයෙන්..ඒ නිසාම ඔහු සීගිරිය මුදුන මගුල් සක්වලක් බවට පත්කළා...තමන් වීදි සංචාරය කරද්දී දකින දකින ගැගැණු තමන්ගේ ස්ත්‍රී පුරයට අරගෙන ආවේ බලෙන්ම තමයි...ඔහු තමන්ගේ බිසෝවරුන්ට මුහුණ බලන්න හදපු කණ්නාඩිය තමයි "කැටපත් පවුර" කියලා කියන්නේ.....ඔහු සීගිරිය මුදුනේ බිත්තිවල මනරම් ස්ත්‍රී රූප ඇන්දෙව්වා...වෙනත් රජවරු විහාර වල බිතු සිතුවම් කරවද්දි කාශ්‍යප ඒවා අමතකම කරල ශෘන්ගාරාය ගැන පමණක් හිතන්න පටන් ගත්තාා...ඔහුගේ ස්ත්‍රී පුරයට තම ගැහැණු දරුවන් හෝ බිරින්දෑ වරුන් එවන්න අකමැතිවූ දෙමාපියන්,ස්වාමිවරුන් ඔහු විසින් ඝාතනකර හෝ ඔහුගේ අවශ්‍යතාව ඉටු කරගත්තා.....
වීර පුරන් අප්පුගේ හිස ගසා දැමූ ලංකාවේ සිටි අවිචාරවත්ම බිරිතානි ආණ්ඩුකාරයාවූ "ටොරිංටන්ගේ" විනෝදාංශය වුනේ විවාහ මංගල්‍යක් දවසට කළින් දිනයේ මනාලිය පැහැරගෙන ඒම...එහෙව් නොමිනිසුන්ගේ නමින් තමයි අපේ රටේ නිදහස් චතුරශ්‍රය නම් කරලා තියෙන්නේ....නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ....මේ හැම දේකින්ම පැහැදිලිවෙන කටුක සත්‍ය තමයි රජවරුන්ගේ අන්තහ්පුරවල සිටි ස්ත්‍රීන් කියන්නේ එක්තරා ආකාරයක ලිංගික වහලුන් පිරිසක් බව...ඔවුන් බොහෝ දෙනාට වාසලට යන්න වුනා මිසක් කැමැත්තෙන් ගියේ නෑ.....කල් ඉකුත්වෙලා රෑප ස්වභාවය වියැකී යද්දී ආපහු ගෙදර යන්නත් වුනා...
එක දවසක් කාෂ්යප රජු කණ්ඩලම වැව ලඟින් යනකොට වැවේ දිය නාන නව යෞව්වන තරුණියක් දකිනවා...ඇය වහාම අන්තහ්පුරයට රැගෙන එන ලෙස තමන්ගේ බටයන්ට කියනවා...ඇය සොයා නිවසට යන ඔවුන් ඇය වාසලට අරගෙන එන්නේ අකමැත්තෙන්ම දෙමාපියන් හඬා වැටෙද්දි...ඒත් රාජ අණට පිටින් ගියොත් ඉතින් සොරිම තමයි...ඇ‍ය වෙනුවෙන් ගෙදර අයට රජු තෑගි භෝගත් එවනවා...එක දවසක් ඇයගේ මවට දැනගන්න ලැබෙනවා තමන්ගේ දියණියගේ රූපය සීගිරි ගලේ සටහන්වෙලා කියලා........ඇය තමන්ගේ දුව දකින්න නොලැබුනත් රූපය හෝ දකින්න ලැබෙයි කියලා හිතාගෙන සීගිරි ගල මුදුනට යන්නේ ගෙදරින් ගියාට පස්සේ තමන්ගේ වැඩිමහල් දියණිය කිසිදා නොදැකපු නිසා...
මගේ පැදුරෙන් මිදී කෙල්ලට
වාසලට යන්නට වුණා
අනේ ඒකිගෙ කැකුළු ඇඟ කඳ
හැම වෙලාවෙම සිහිවුණා
මාලිගාවෙන් අපේ ගෙපැලට
තෑගී-බෝගත් හිමි වුණා
සිහල් ජල කෙළි -දුහුල් සළු පිළි
දුවට හිමි බව සැල වුණා
මහා සීගිරී ගලේ මුදුනක
උඹේ රැව සිත්තම් වුණා
එය බලන්නම හොරෙන් හවසක
මාත් එතනට ගොඩ වුණා
කරඬුවක් වගෙ උඹේ උඩු කය
අනෙක් උන් මැද දිලිසුණා
මගේ හුස්මක් ගැටී වෙන්නැති
දුවේ කළු ගල හෙලවුණා
පපුව ටික ටික මෙලෙක් වෙනකොට
එන්න වෙයි මං දන්නවා
උඹේ දූවිලි සුවඳ තැවරැණු
පැදුර තාමත් තියෙනවා
දැනුත් සීගිරි සිංහයා
කට ඇරන් ඉන්නව පේනවා
ඒ ඉසව්වෙන් යද්දි මං
පොඩි කෙල්ල හංගාගන්නවා....
පද ගෙත්තම : මහින්ද ප්රසාද් මස්ඉඹුල (ඇහි පියන් ඇහැරිලා කාව්ය සංඟ්රහය)
සටහන : චාමර වන්නිආරච්චි


Comments

  1. මේ උඩ ඔයා කියලා තියන රජවරුන්ගේ විස්තර කොහොමද හොයාගත්තේ. ඉතිහාසේ මේ රජවරු හෙන පොරවල් විදියට නේ පෙන්නලා තියෙන්නේ. පොතක් තියනවද ඒ ගැන. තියනවනම් පොතේ නම කියනවද

    ReplyDelete
    Replies
    1. හලෝ සමීර.ඔයා පොඩි කාලෙ ඉතිහාසය ඉගෙන ගත්තෙ නැද්ද

      Delete

Post a Comment

Popular Posts