නාවික මෙහෙයුම් : 08 කොටස


තරල ප්රවාහන නෞකා එහෙමත් නැතිනම් Tankers කියන්නේ නාවික ක්ෂේත්රයේ වෙනස්ම සාමාජිකයින් පිරිසක්.......
Tankers වර්ග දෙකක තියෙනව ප්රිවාහන ද්රව්ය(Commody of cargo ) අනුව......බොරතෙල් ප්රවාහන නෞකා (Crued Oil Tankers) සහ පිරිසිදු තරල ප්රිවාහන නෞකා (Rifined Fluid Tankers- ගෑස් ප්රවාහන නෞකාවන් අයත් වන්නෙත් මෙම ඛාණ්ඩයට ) තමයි ඒ වර්ග දෙක.....
Tanker එකක් සාගරයේදී අනතුරට ලක්වුනොත් පරිසරයට සිදුවන හානිය විශාල නිසා මේවා නිර්මාණයේදී ඒ ගැන වැඩි පුර සැළකිලිමත් වෙනව........Tanker එකක විශාල ප්රමාණයේ ලෝහ තහඩු දෙකකින් ආවරණය වන්සේ නිර්මාණය කරන්නෙ එම නිසා.....Tanker එකක් තනි ඒකකයක් ලෙස පිටතට පෙනුනත් එය තුල කුටීර විශාල ප්‍රමාණයක් තිබෙනව........තරල යාන්තර විද්යාවට(Fluid Mechanics) අනුව නෞකාව ක්ෂණිකව වේගය අඩු කලත් එය තුල අඩන්ගු වන තරල තවදුරටත් මුල් වේගයෙන්ම ගමන් කිරීමට උතසාහ කරන නිසා නෞකාව ආනාරක්ෂිත දෝලනයන්ට හසුවෙන්න තියෙන ඉඩ අවම කිරීම තමයි මෙහි අරමුණ........Tankers මෑත ඉතිහාසයේදී අනතුරුවලට ලක්වීමෙන් සිදුවූ පරිසර හානිය ඉතාම අවමයි.....බොහෝ විට සාගර දූෂ්ණය සිදුවන්නේ පොදුවේ නෞකාවල එන්ජින් වලින් පිටවන තෙල් සාගරයට කාන්දුවීමෙන් මිසක් ප්රවාහනය කරන තෙල් කාන්දු වීමෙන් නෙවේය්.....
මේ හේතුව නිසාම ලොව පුරා ඔනෑම වරායකට Tankers යාත්රා කිරීමේදී පොදු ගාස්තු ව්හුහයක්(Common Freight Structure )ලෝක පරිසර බලවතුන් විසින් පණවල තිබෙනව....මේ නිසාම Tankers වල ගාස්තු ඉහළයි මොකද ලෝකයටම එකම ඉහළ මට්ට්මක ප්රමිතියක්(Global Level Standards ) තබා ගතයුත් නිසා .....කුඩා හෝ අඩු පාඩුවක් සිදුවුනොත් ලෝක බලවතුන් විසින් එම Tanker එක සියලුම සාගර වලට තහනම් කරන නිසා....අපේක්ෂිත සම්මතයන් පවත්වාගත නොහැකිවුන Tankers වලට සිදුවන්නේ පරණ යකඩ වලට විකිනෙන්න තමයි....මේ හේතුව නිසාම මෑතක සිට භාවිතයෙන් ඉවත් කරන Tankers තොග බඩු නෞකා(Bulk Carriers ) බවට පත් කිරීම අරඹ තිබෙනව...මෙය නාවික කර්මාන්තයේ අලුත් ප්රවනතාවක්.....
තරල ප්රවාහන නෞකාවන් වල ධාරිතාවය(Capacity ) තීරනය වන්නේ එය තුළ ප්රවාහනය කල හැකි තරල වල බර අනුවයි.... එවැනි නෞකාවක ධාරිතාව DWTහෙවත් Dead Weight Tons ලෙස හදුන්වනව…
DWT ධාරිතාව අනුව තරල ප්රවාහන නෞකාවන් පහත පරිධි වර්ග කරනව....
Handy Size :20,000 DWT – 30,000 DWT
Handymax: Approximately 45,000 DWT
Panamax :Approximately 79,000 DWT
Aframax :79,000 DWT -120,000 DWT
Suezmax :120,000 DWT – 180,000 DWT
VLCC Tankers : 200,000 DWT – 300,000 DWT
ULCC Tankers :Over 300,000 DWT
ලෝකයේ බොරතෙල් අවශ්යතාවයෙන් 60% ප්රමාණයක් Tankers මගින් ලොව පුරා 99% සුරක්ෂිතතාවයකින් යුක්තව බෙදා හරිණ නිසා Tankers කියන්නේ වර්තමාන ලෝකයට අත්යාවශ්යම දෙයක්....
World Maritime Pollution Convention (MARPOL)මගින් සහ US Oil Pollution Act of 1990 (OPA 90 )මගින් Tankers වල සියලුම දේ නිරන්තර තත්ව පරීක්ෂාවනට ලක්වන නිසා භාවිතයට නුසුදුසු Tankers යොදා ගැනීමට දුප්පත් රටකට වුනත් ඉඩක් නැහැ...එය ලෝකයේ පරිසර ආරක්ෂණය පැත්තෙන් බැලුවම හොද දෙයක්.....නමුත් නැවු ගාස්තු වලදී මුලු ලෝකයටම එකම ව්යුහයක් ඇති නිසා දුප්පත් රට වලට මෙය ආර්ථිකයට මෙයින් සිදුවන බලපෑම ඉහළයි....
( මතු සම්බන්ධයි )
----චාමර වන්නිආරච්චි-----


Comments

Popular Posts