නාවික මෙහෙයුම් : 09 කොටස


ශීතකරණය කරන ලද නෞකා ; Refrigerated Cargo Carrying Vessels හෙවත් Reefers ලෙස හදුන්වනවා..... එලවලු,පලතුරු ,මස් වර්ග සහ අනෙකුත් නැවුම් ආහාර ද්රව්ය ලොව පුරා ප්රවාහනය තමයි Reefers වල කාර්යභාරය.....
කැරබියන් දූපත් සහ යුරෝපය අතර කෙසෙල් ප්රවාහනයට ගන්නා Reefers තමයි ලෝකේ වේගවත්ම,පිරිසිදුම සහ කාර්යක්ෂම ශීතකරණය කරන ලද නෞකා ලෙස සලකන්නේ.......
ලෝකයේ ආහර ඉල්ලුම වසරපුරා යම් උච්චාවචනයන්ට බාජනය වන නිසා Reefers වලට ඇති ඉල්ලුම වසරපුරාම ඒකාකාරී නැහැ.....එක කාලයකදී අධික ලාබ ලබන Reefeers තවත් කාලයකදී ඉල්ලුම නැතිවීමෙන් වරායවල නැන්ගූරම්ලා තැබීමට සිදුවෙනව....මේ හේතුව නිසාම නාවිකයන් සේවය කිරීමට වඩාත්ම කැමති නෞකාවන් ලෙසයි Reefers සලකන්නේ......
වසරේ පෙබරවාරී සහ මාර්තු මාසවල තමයි Reefers වලට ලොව පුරා වැඩිම ඉල්ලුමෙ පවතින්නේ........ශීතකරණ සහිත බහලුම්(Refrigerated Containers) ලෝකයට හදුන්වාදීමෙන් පසු අලුතින් Reefeers නිපදවීම සහ භාවිතය දවසින් දවස අඩුවෙමින් පවතිනව...
නුදුරු අනාගතයේදී දැනට පවතින Reefers සේවයෙන් ඉවත්වීමෙන් පසු අලුතින් මහ මුහුදේදී Reefeers දැකගැනීමට නොහැකිවනු ඇති.......
ශීතකරණය කරන ලද බහලුම් නඩත්තු කිරීම Reefers නඩතුවට වඩා ඉතා පහසු වන නිසාත් ආහාර ඉල්ලුම අඩු කාලයට එම ශීතකරන සහිත බහලුම් පසෙක තබා වෙනත් බහලුම් ප්රවාහනය කල හැකි නිසාත් තමයි Reefers වල සේවයට බහලුම් නෞකා(Container Carriers) ආදේශ වෙමින් පවතින්නේ...
( මතු සම්බන්ධයි )
----චාමර වන්නිආරච්චි-----


Comments

Post a Comment

Popular Posts