ගින්දර සහ පුළුන්වලට ගිණි ගැනීමට කියාදිය යුතු නොවේ....
"ලෝකාස්වාදය" එහෙමත් නැතිනම් “ස්ත්‍රී-පුරුෂ සම්භෝගය" සදහා ඇති කැමැත්ත කාම ලෝකයේ ඇති බලවත්ම “සංයෝජන ධර්මය” කියලයි බුදුරදුන් දෙසන්නේ....සතර අපාය,සදෙව් ලෝක සහ මිනිස් ලොව තමයි කාම ලෝකයට අයිති....සංයෝජන ධර්ම කියන්නේ සත්ත්වයා සංසාරයට බැඳ තබන බැඳීම් වලට...සංයෝජන ධර්ම දහයක් තිබෙනවා...සක්කාය දිට්ඨිය,විචිකිච්ඡාව,සීලබ්බ ත පරාමාස,කාම රාග,පඨිඝ,රූප රාග,අරූප රාග,මාන,උද්ධච්ච,අවිජ්ජා තමයි ඒ දහය....
මේ කාම රාග කියන සංයෝජන ධර්මය සිඳෙනවාත් සමගම සත්ත්වයෙක් නැවතත් මිනිස් ලොව සහ දෙව් ලොව හයෙන්ම මිදිලා න-ආගාමී හෙවත් “අනාගාමී” තත්වයට පත්වෙන බවත් එයින් පසු කාම ලෝකයට නැවත නොපැමිණෙන බවත්, බුදුරදුන් දෙසනව.. අනාගාමී කියන්නේ නැවත නොපැමිණෙනවා කියන අදහස...සතර අපාය,සදෙව් ලොව වගේම මිනිස් ලොව කියන සියලුම තල වලට ලෝක සත්ත්වයා බැඳ තබන්න තරම් මේ "කාම රාග" කියන සංයෝජන ධර්මය බලවත් බව එයින්ම පෙනෙනව....
සත්ත්වයින් කියන්නේ සොබා දහමේ නිර්මාණයන් මිසක්, කොහේ හෝ සැඟවිලා අදිසි ලෙස විශ්වය පාලනය කරන සර්ව බලධාරී දෙවියෙකුගේ හෝ සර්ව ව්‍යාපී බ්‍රහ්මයෙකුගේ හෝ ක්‍රියාවන් නොවෙයි...දෙවිවරු, බ්‍රහ්මයොත් අවසන් විග්‍රහයෙදි ජාති,ජරා,මරණයන්ට ලක්වෙනව නම් ඉතින් , ඒ අයගේ සර්ව බලධාරී භාවය හෝ සර්ව ව්‍යාපී භාවය ගැන කවර කතාද ?..ශක්‍රයා කියන්නේ චාතුර්මහා රාජිකය සහ තාවතිංසය කියන දෙව් ලොව දෙකට අධිපතියා...තුසිතයට අධිපති-සංතුසිත දෙවියා,යාමයට අධිපති -සුයාම දෙවියා,නිම්මාන රතියට අධිපති-සුනිම්මිත දෙවියා,පරනිම්මිත වසවර්තියට අධිපති-වසවර්ති මාර දෙවියා….එතකොට දෙව් ලොව හයක් පාලනය කරන්නේ,දෙවිවරැ පස් දෙනෙක් විසින් ...මෙයාලත් තාවකාලිකයි...අනෙකුත් සත්ත්වයින් වගේම මේ දෙවිවරු ඛාණ්ඩ හයත් හිරවෙලා ඉන්නේ මෙන්න මේ කාම රාග කියන සංයෝජන ධර්මයේ තමයි ඉතින්....
අඹ ගහක හෝ වෙනත් ඕනෑම ගහක හටගන්න ගෙඩියක එහි බීජ කොටසත් එක්කම මිහිරි රසැති ඵළයකුත් තියෙනවා......මේ ඵළතුරක මිහිරි ඵළය දකින කුරුල්ලෙක් වේගයෙන් ඒ වෙතට ඇවිත් අර මිහිරි රසැති ඵළය රස විඳිනවා..ඒ ගමන් නොදැනුවත්ව්ම අර බීජය ව්‍යාප්ත වෙලා පැල වෙන්නත් එයින් අලුත් ගසක් නිර්මාණය වෙන්නත් දායක වෙනවා....හොඳින් බැලුවොත් මෙතන තියෙන්නේ සොබා දහමේ සියුම් උගුලක්..නිකම්ම කුරුල්ලෙකුට බීජයක් දීලා "මේක ව්යාප්ත කරපං" කිව්වට ඒක සිද්ධ නොවෙන නිසා “කුරුල්ලව අන්දන්න” සොබා දමෙන් ඌට පොඩි "ජොලියක්" දීල තියෙනවා “ඉදා කාපං-කාල මේකව්‍යාප්ත කරපං” කියල....ඇත්තටම කුරුල්ලට මේ ගැන දැනීමක් නෑ....ඌ ඉතින් අර සොබා දහම කියන විධියට DNA/RNA ටික ඉදිරියට පවත්වා ගන්න උදව් කරනවා...
සත්ත්ව ලෝකවල ස්ත්‍රීන් -පුරුෂයන් අතර ඇතිවෙන ආකර්ශණයත් හිරියටම මේ වගේ...ඔවුනොවුන් එකිනෙකා ආකාර්ශණය වෙන්නේ ආශ්වාදය උදෙසා...ඒත් යටින් සොබා දහමෙන් තමන්ට හොර රහසේ ලබා දී ඇති වගකීම ඉටු කරන්න බව ඔවුන්ට මුලින්ම දැනෙන්නේ නෑ..මේ බව ලෝකයට හෙළි කරන්න නම් බුදු වරයෙක්ම පහළ වෙන්නම ඕන.....බුදු වරයෙක් පහළ වෙලා මේ සොබා දහම අතික්‍රමණය කරන ආකාරය ලෝකයට විවර කරනවා....
මේ ස්ත්‍රීන්-පුරුෂයන් අතර ඇතිවෙන ආකර්ශණය කොතරම් බලවත්ද කියනවනම් ,කෙනෙක් රාගයෙන් රක්ත තප්ත වුන මොහොතක, ඔහුගේ ක්‍රියාවන්ට බාධා කරන්නට තමන්ගේ මව පියා වැන්නෙක් වුනත් සූදානම් වුනොත් ,ඔවුන් පවා ඝාතනය කිරීමට තරම් සිතිවිළි ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙන බවයි බුදු රදුන් පැහැදිළි කරන්නේ..මේ හේතුව නිසාම "බ්‍රහ්මචාරි සිල් පදය " කිසිවෙකුටත් බලෙන් සමාදන් නොකළ යුතු බවට බුදු රදුන් අවධාරණය කරනවා..ඒ නිසා තමයි අපි සිල් සමාදන් වෙන්න ගියාම , අදාළ භික්ෂුවගෙන් පාලි වාක්‍යක් කියල "තමා සීලයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටින්නේ"....ඒකාන්තයෙන්ම රහත් වෙන බව දන්නා නිසා බුදු රදුන් නන්ද සහ රාහුල කුමරුවන් ඔවුන්ගේ කැමැත්ත විමසීමකින් තොරව බ්‍රහ්මචරියාවේ පිහිට වුවත්, වෙනත් කිසිවෙකුටත් එහෙම අවසරය දුන්නේ නෑ..ඒ සිදුවීම් දෙක ප්‍රථම සහ අවසාන සිදුවීම්...
බුදු රදුන්ට අනුව සත්ත්වයෙක් ඉපදුන මොහොතේ සිටම නොදැනුවත්වම හෝ විරුද්ධ ලිංගිකයට ආකර්ශණය වෙනව වගේම ඔවුන් තමන් වෙතට ආකර්ශණය කරගන්න වෙහෙසෙනවා....කීර්තිමත් මහෝවිද්‍යඥයන්වූ සිග්මන් ෆ්‍රොයිඩ්,එරික් ෆෝම් වගේම The Naked Ape (නිරුවත් වානරයා) සහ The Human Zoo( මනුසත් උයන) පොත් ලියූ, කීර්තිමත් සත්ත්ව විද්‍යාඥ ඩෙස්මන් මොරිස්ට අනුවත් ඉහත බුදු රදුන් දෙසූ දෙය තහවුරු වෙනවා...සමහර දේවල් සංස්කෘතිය තුළ සාකච්ඡා කරන්න බැරි වුනත්, බටහිර සත්ත්ව සහ මනෝ විද්‍යාවෙත් බුදු දහමෙත් මේ සම්බන්ධයෙන් කියැවෙන දේ බොහෝ දුරට එක සමානයි....මවක් සහ පුතෙක් අතර මෙන්ම පියෙක් සහ දුවක් අතරත් මේ සත්ත්ව විද්‍යාත්මක ආකර්ශණය පවතින බව තමයි කියැවෙන්නේ....විනය පිටකයේ පාරාජිකා පාලිය බැලුවම මේ බව බුදු රදුන් පවා තහවුරු කළ බව පැහැදිලියි...උපසම්පදා භික්ශුවක් තමන්ගේ මව ජලයේ ගහගෙන යනවා දුටුවොත්, ඇය බේරා ගතයුත්තේ ඇයගේ කෙස් වලින් ස්පර්ශ කිරීමෙන් පමණක් බව බුදු රදුන් විනය පිටකයේ පනවනවා...සර්වඥ වූ උන්වහන්සේගේ අවබෝධයට අභියෝග කරන්නේ නැතුව මම එය පිළි ගන්නවා...
සඳ එලිය සත්ත්වයන්ගේ කාමරාග සිතිවිලි අවුස්සන බව ප්‍රසිද්ධ කතාවක්...මේ වගේ සඳ ඇති රැයක , පරිසරයත් වැසි බර වෙලා ලතෙත් වුන මොහොතක, රාගයෙන් “රක්ත තප්ත” වෙලා තම ශරීරයම "අධි රුධිර පීඩනයෙන් ගැහෙන්නට වෙවුලන්නට” පටන් ගත්තු පිරිමියෙකුට, සිතෙන්නේ තමන්ගේ මේ “ගිණිගෙන දැවෙන සිරුර” නිවා දමන්නට නම් ස්ත්‍රී පහස හැර වෙන කිසිම විකල්පයක් නෑ කියලලු....ඒත් ඉතින් බුදු රදුන් නම් දෙසුවේ “ගින්දරට- ගින්දරෙන්” පිළිතුරු දෙන්න බෑ කියලයි.....
සඳ ඇති රැයක, අඩ අඳුරේ තනිවෙන ස්ත්‍රීන්ට, පුරුෂන්ට ලෝකාස්වාදය ගැන අමුතුවෙන් කියල දෙන්නවත් ආරාධනා කරන්නවත් ඕන නැතිලු...ඒ වෙලාවට ඉතින් වෙන වෙලාවට ශබ්ද නගා කතා කරන අයත් කොඳුරන්න පටන් ගන්නවලු...මෙහෙම තනිවුන අවස්ථාවක තිබෙන මන්ද අලෝකය තවත් අඩු කරමින්, සඳ වලාකුලු අතර සැඟව ගියාම, තම පෙම්වතියගේ අවුල්වුන කෙස් වැටිය (කියඹු වැල්) සියුම් මද පවන සමග මුසු වෙලා, තමන්ගේ කම්මුල්වල ගැටෙන කොට පෙම්වතාට ඉවසන්න බැරි වෙනවලු...ඒ වෙලාවට ඉතින් ඇයගේ පහසම ඔහුගේ සිත ඉල්ලනවලු....අවිවාහක තනිකඩයෙක් වුන මට වඩා ඉතින් විවාහකයන් මේ ගැන දන්නවලු.....
කදුළු බිඳු ගලා සඳේ-තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ - නොහිම් සීතලේ
ඔබේ නෙත යදී - මහද වියරුවෙන්
කියඹු වැල් ලිහී ඔබේ -මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ-සිතුම් සසලවයි
නිවා ලන්න මා - ඔබේ සිසිලසින්
සඳ හොරෙන්.. හොරෙන්... හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා...අසා සිටිනවා...
පද ගෙත්තම : කුලරත්න ආරියවංශ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
සටහන : චාමර වන්නිආරච්චි
Comments
Post a Comment