කෝලං කරන්නැතුව බහින්නකෝ අනේ........
පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සමාජයක ශිෂ්ඨබව මනින්න යොදාගන්න පුලුවන් යම් දුරකට සාර්ථක නිර්ණායකයක්…..මේ යුගයේදී ලෝකයේ පළමුවැනි පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තමයි භාරතයේ තිබුණු 'ලිච්ඡවී රාජ්‍යය'....ඔබ භාරතීය සංචාරයක යෙදී ඇත්නම්, ඉපැරණි විශාලා මහනුවර බෞද්ධ නටඹුන් බලන්න යද්දි, අතර මගක ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ‘You are entering to the first ever democratic state in the world ‘කියල පුවරුවක් දකින්න පුලුවන්…..
ග්‍රීසිය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළේ ඊට පස්සේ..ඒත් අවාසනාවකට අපිට බටහිරගැති අධ්‍යාපන දෙපාර්තමේන්තුව උගන්වන්නේ ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වාදුන්නේ ග්‍රීකයෝ කියලා...ඒක බොරුවක් බව දැනදැනත් ඉතින් අපි විභාග වලට ඒ බොරුවම ලියන්නේ ඇත්ත ලියුවොත් 'අපි අසමත් ' වෙන නිසා....ඒක හරියට ලෝකය ගෝලාකාරයි කියල ගැලීලියෝලා, කොපර්නිකස්ල හොයාගත්ත කියල අපිට ඉස්කෝලෙ පෙළ පොතේ කියල දෙන "පට්ට්පල් බොරුව" වගේම තව එකක්.....ලෝකය ගෝලාකාර බව බුදුන්ටත් කලින් භාරතීය වෛදිකයෝ දැනගෙන සිටි නිසා තමයි ඒ ගැන ඔවුන් හදාරපු විෂයයට 'භූ ගෝල විද්‍යාව' කියල සංස්කෘත භාෂාවෙන් කියුවේ.....ගෝලාකාර බව නමේම කියෙවෙනකොට අලුතෙන් ගෝලාකාරයි කියල මොනව හොයාගන්නද ?
බුදුන් පෘථිවිය උපමා කළේ 'නෙල්ලි" ගෙඩියකට....."මහණෙනි,මා පඨවිය අතැඹුලක්සේ අවබෝධ කලෙමි"කියලයි උන්වහන්සේ කිව්වේ. ....අතැඹුලක් කියන්නේ 'අතට ගත්ත නෙල්ලි ගෙඩියක්'....මේ විස්තර පාසලේ විභාගෙට ලියුවොත් ඔබ අසමත් වෙනවා...
රාජ්‍ය පාලනය, ප්‍රාන්ත පාලනය කරන පාලකයෙක් හැමවිටම සුකුමාලව-ලාමකව හිටියොත් දන්නේම නැතුව "ජාත්‍යන්තර මට්ටමේ විහිළුකාරයෙක්" වෙනවා. ....ලෝකයේ බොහෝ රටවල වගේම අපේ රටෙත් ඒ වගේ "ජනතාවට විහිළු සපයන" පාලකයෝ ඉඳල තියෙන බව, ලෝක ඉතිහාසය වගේම අපේ රටේ ඉතිහාසය හදාරද්දිත් පෙනෙනවා.....
ඒක 2011 වසරේ නොවැම්බරයේ දවසක්...වෙලාව උදේ එකොලහට විතර ඇති.....මම හිටියේ ගාලු-මාතර පාරේ උණවටුනේ රුහුණු සිමෙන්ති කම්හල ඉදිරියේ අපේ ආයතනයේ අමු ද්‍රව්‍ය ප්‍රවාහනයට අදාළ වැඩකට සම්බන්ධ වෙලා...ඊට දින හතරකට පසුව තමයි දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත වුනේ......ඒ වෙනකොට මාර්ගයේ සියලුම දේවල් සම්පූර්ණවෙලා ජනපතිවරයා අතින් විවෘතවීමට නියමිතව තිබුනත්, පින්නදූව පිටවීමේ සිට මාතර පාර හරහා ගාලු නගරයට ඉදිකර තිබූ පිවිසුම් මගේ අවසන් කෙළවර නිමකර නොතිබුනේ, එම ස්ථානේ සිටි එක් නිවෙස් හිමියෙක් විසින් තම ගොඩනැගිල්ල ඉවත්කර ගැනීමට විරොධය දැක්වීම නිසා...ඒ වෙලාවෙ එම ස්ථානයට මාර්ග සංවර්ධන අධිකාරියේ නිළදාරීන් සමග පැමිණියේ STF කීප දෙනෙක්....එම ගොඩනැගිල්ල අයිති මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයා එම බිමේදීම හමුවී කෙටි වේලාවක් කතාකරන යුරු පමණයි මම දැක්කේ....ඊට දින හතරකට පසු "අලෝකයේ වේගයෙන්" ඒ ගොඩනැගිල්ල ඉවත්කර මාර්ගයේ කෙළවර ඉදිවුනා.....
ප්‍රජාතන්ත්‍රවාදය නොතේරෙන මිනිස්සු එක්ක ප්‍රජාතන්ත්‍රවාදයෙන් කටයුතු කළ නොහැකි බවත්, ඒ වෙනුවෙන් වෙනස් ආකාරයේ පියවර අනුගමනය කළයුතු බවත්, මම එදා ප්‍රායෝගිකව තේරුම් ගත්තා.... පසුගිය කාලේ, කොළඹ නගරය නවීකරණනය කිරීමේදීත් එවැනි පියවර නොගත්තානම් අදටත් ඒ වෙනස කරන්න බැරි වෙනවා...
ඒත් ඉතිං හැමදේම "ඇඟේ හයියෙන්ම" විතරක් කරන්න බෑ...
සමහර දේවල් තියෙනවා උපක්‍රමශීලීව කළයුතු.....හැමදේම තර්ජන- ගර්ජන වලින්ම කරන්න ගියොත්, ඒ පාලකයා ඒකාන්තයෙන්ම පිරිහෙනවා...මේවා කිරල- මැනල , නිවැරදි පියවර ඒ ඒ සිද්ධිය අනුව ක්‍රියාත්මක කරන නායකයා තමයි බොහෝ කලක් "සාර්ථක පාලකයෙක්" වශයෙන් රටවැසියන් විසින් පිළිගන්නේ.....
සමහර දේවල් තියෙනවා උපක්‍රමශීලීව කළයුතු.....හැමදේම තර්ජන- ගර්ජන වලින්ම කරන්න ගියොත්, ඒ පාලකයා ඒකාන්තයෙන්ම පිරිහෙනවා...මේවා කිරල- මැනල , නිවැරදි පියවර ඒ ඒ සිද්ධිය අනුව ක්‍රියාත්මක කරන නායකයා තමයි බොහෝ කලක් "සාර්ථක පාලකයෙක්" වශයෙන් රටවැසියන් විසින් පිළිගන්නේ.....
බොහෝ දෙනෙක් විහාර මහා දේවියගේ දෙටු පුත්‍රයා වන ගැමුණු රජුට 'දුටු ගැමුණු' කියල කිව්වට, මම ඔහුට එහෙම කියන්නේ නෑ....මම කියනේ නිකම්ම නිකන් "ගැමුණු" කියල...දුටු ගැමුණු කියන්නේ ' දුෂ්ඨ ගාමිණී' කියන තේරුම...ඔහු දුෂ්ටයෙක් වුනේ මේ රට ආක්‍රමණය කරල බලෙන් අල්ලගෙන සිටි විජාතිකයොන්ට සහ ඔවුන්ට කඩේ ගිය එළාර හිතැති " NGO නඩයට" මිසක්, සිංහලයන්ට නෙවෙයි...NGO නඩේ අය ඔහුගෙ නම කැත කරන්න නමට ඉදිරියෙන් 'දුෂ්ඨ' කියන විශේෂණය යෙදුවමා අපිත් මෝඩයෝ වගේ ඒකම කියනවා....
තමන්ගෙ පාලන කාලයෙන් වැඩි කොටසක් ඔහුට යොදවන්න සිදුවුනේ එළාර සමග තිබුණ යුද්ධය වෙනුවෙන්....ඔහුගේ පුත්‍රයා සැඩොල් කෙල්ලකට වහ වැටිලා රාජ්‍ය පවා එපා කියලා ගියාට පස්සේ, බාල සහෝදරයාවූ තිස්ස රජු තමයි ලංකාවේ භෞතික සංවර්ධනය ගැමුණු රජුගේ ඇවෑමෙන් සිදු කළේ...
දෙවනපෑතිස් රජු දවසේ වැඩසිටි මිහිඳු හිමියන් ගැමුණු රජු ගැන අනාවැකියක් කියල තිබුන...අනාගතයේ මේ රටේ බුදු සසුනට මහා විපතක් සිදුවන බවත්, රුහුණේ සිට පැමිණෙන "ගාමිණී" නම් රජෙක් ඒ අකටයුතුකම් පරාජය කර , අනුරාධපුරයේ මහා සෑයක් ඉදිකරනු ලබන බව තමයි ඒ අනාවැකිය වුනේ...ඒ මහා සෑය ඉදිවෙන ස්ථානය මිහිඳු හිමියන් විසින් සළකුණු කොට තිබුනා...
කාලයාගේ ඇවෑමෙන් විහාර කර්මාන්තය ආරම්භ කළ ගැමුණු රජු, මහා සෑය සුභ මොහොතින් ඉදිකරන්න පටන් ගත්තත් ඒ වැඩ කටයුතු වලට දිගින් දිගටම කරදර බාධා එල්ල වෙන්න පටන් ගත්ත...මෙයට සම්බන්ධවුනු කම්කරුවෝ දිනෙන් දින විවිධ අද්භූත රෝග පීඩාවන්ට ලක්වන්නත් , අනෙක් අය නිදේදීදි සිහිනෙන් බයවෙන්නත් පටන් ගත්ත...අවසානයේ වැඩ බිමේ වැඩ කරන්න කිසිවෙක් ඉදිරිපත් නොවූ තැන , රජු රාජ්‍ය බලය යොදා 'ප්‍රජාතන්ත්‍රවාදය අමතකකොට' වැඩ කරගන්න හැදුවත්, ඒකත් අසාර්ථක වුනා....අවසානයේ රජු මේ ගැන දිවැස් ලාභී රහතන් වහන්සේ කෙනෙකුගෙන් උපදෙස් පැතුවා...උන්වහන්සේ කියා සිටියේ; මහ සෑය ඉදිකරන ලබන භූමියේ මැදට වන්නට පිහිටි 'තෙළඹු ' ගසේ 'ස්වර්ණමාලී නම් රුක්ෂ දේවතාවියක් වාසය කරන බවත් ඇයගේ විමානය විනාෂ වන නිසා , ඇය විසින් තමන්ගේ පිරිවර යොදා ගනිමින් මෙයට සම්බන්ධ වන මිනිසුන්ට විවිධ උපද්‍රව ඇතිකරන බවත්....
මෙය "ඇඟේ හයියෙන්" කළ හැකි දෙයක් නොවන බවත්, විමානයට අධිපති ස්වර්ණමාලිය සමග 'අන්‍යොය අවබෝධතාවයෙන් “ පමණක් සිදු කළ යුතු බවත්, ඒ රහතන් වහන්සේ රජුට අවවාද කරනව...රජුගේ තිබුන නිහතමානී කම නිසාම ඒ උපදෙස් එලෙසින්ම පිළිපදින්නේ වර්තමාන පාලකයන් වගේ බොරු උද්ධච්ච කමක් ඔහු ලඟ නොතිබුන නිසා......
භික්ෂූන් වහන්සේලා මහා පිරිසක් කැඳවලා රජු ස්වර්ණමාලී රුක්ෂ දේවතාවිය වෙනුවෙන් පිං කමක් සංවිධානය කරනව....පිරිත් සඣ්ඣායනය අවසානයේ රජු ඉතා බැගෑපත්ව දේවතාවියගෙන් එම ස්ථානයෙන් බැහැරව යන ලෙසත් , එසේ කළහොත් ඉදි කරනු ලබන මහා සෑයට ඇයගේ නම යොදන බවටත් පොරොන්දු වෙනවා....රජුගේ ඉල්ලීමෙන් බැහැරට යන ස්වර්ණමාලී දෙවඟනගෙ නමින්, රජු සෑය නම් කරන්න කියල තම බාල සහෝදරයාවූ තිස්ස රජුට කියන්නේ සෑය සපුරාම ඉදිවෙන්න කලිං රජු මිය යන නිසා......අන්න එහෙමයි පොරොන්දු ඉටු කළ පාලකයෝ....
ස්වර්ණමාලි දෙවඟනත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි.. රූපලාවණ්‍ය ගැන උපරිමයෙන් උනන්දුවෙන සුන්දර ලලනාවක්...ඉතින් විශාල අන්තහ්පුරයක් තියාගෙන සිටි ගැමුණු රජුටත් එක පාරම ස්වර්ණමාලි දෙවඟන එලව ගන්න දුක හිතෙන්නත් ඇති....
වැඩේ කියන්නේ මේ දේවතාවිය...තමන්ගේ තද කළු පාට බිම ගෑවෙන කෙස් කළඹ පුරාම පිච්ච් මල් පළදිනවලු...ඇස් දෙකෙන් විහිදෙන දීප්තිය හරියට විදුලි කොටනව වගේ දේදුනු හැඩැති ඇස් බැමි දිගේ විහිදවනවලු...කිණිහිරියා මල් පෙති වලින් තියපු තිළක වගේ ලමැද සුන්දරයිලු....අතේ පැළඳගෙන ඉන්න ගිගිරිවල නාදය සියුම් අනුරාගික නාදයක්ලු...කරේ පැළඳගෙන ඉන්න මල් දම් හංස තුඩින් මතුවෙනව වගේලු....කන් දෙකේ පැළඳගෙන ඉන්න තෝඩු වල දිස්නය මුහුණපුරාම දීප්තියෙන් බබලවනවලු...අව අටවක සඳ වගේ ඇයගේ පටු නලල සඳුන් කල්කයෙන් ඇදි අඳුන් වලින් අලංකාර වෙලාලු…..ඇයගේ දත් දෙපෙළ හරියට කුණ්ඩසමන් මල් පෙති වගේලු...අත් දෙකේ පැළඳි රන් මාල හඬින් ඇය "කෝල බවින්" සැලෙනවලු.....
සාලිය කුමාරයා සැඩොල් කෙල්ල එක්ක ගියාට පස්සේ දවසක මේ දෙන්නව ගැමුණු රජු විසින් රජ වාසලට කැඳවනවා....තම පුත්‍රයාගේ භාර්යාව දකින ගැමුණු රජු "මේ ස්ත්‍රිය නුඹගේ බිරිඳ නොවූවා නම් මා විසින් වහාම මාගේ අන්තහ්පුරයට ඇයව කැඳවා ගන්නා බව ඒකාන්ත බවත්...මාගේම පුත්‍රයාවන නුඹ එවැනි සුන්දර ලලනාවක් නිසා රාජ්‍ය පවා අතහැර දැමීම පුදුමයක් නොවනබව “ පැවසීමෙන් අනතුරුව තමයි සාලිය කුමරාට තම සිතැඟි පරිධි ඇය සමග යන්නට ඉඩ දීල රජු තමන්ගෙන් පසු රාජ්‍යත්වය තම බාල සොහොයුරාට පවරන්නේ.....
ඒ තරම් "ලලනාවන්ට ලොල්වූ" ගැමුණු රජු , මෙහෙම ස්වර්ණමාලිය වර්ණනා කරල "ෂේප් එකේම" ඇය විමානයෙන් බස්සවා ගන්න ඇති කියල මහගමසේකරයන්ට හිතුන එක, ඉතිහාසය ගැන දන්න මහා කලාකරුවෙක් වශයෙන් හරිම සාධාරණයි....ඔන්න ඕකයි තත්වේ හාමුදුරුවනේ....
උනා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසි ලියේ
නගා ඉන්ද්රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
වනා ලමැද කිණිහිරි පෙති රත්න තිළක පැළැඳි ලියේ
සිනාසිසී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ
නගා ඉන්ද්රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
වනා ලමැද කිණිහිරි පෙති රත්න තිළක පැළැඳි ලියේ
සිනාසිසී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ
අතේ ගිගිරි නාද සළඹ නුරා හඬින් හඬන ලියේ
කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
කනේ තෝඩු මිණ ඝණ රන් මුහුණ ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ
කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
කනේ තෝඩු මිණ ඝණ රන් මුහුණ ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ
බාල චන්ද්‍ර පටු නලලත කල්ක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු කුණ්ඩ සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණ දාම මාල හඬට සැලෙන ලියේ
කෝල නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ
ආල වඩන දන්ත කැකුළු කුණ්ඩ සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණ දාම මාල හඬට සැලෙන ලියේ
කෝල නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ
ඔබේ නමින් සෑය බඳිමි....
විමානයෙන් බසිනු මැනවි....
ස්වර්ණමාලියේ ......රූබර ස්වර්ණමාලියේ......
විමානයෙන් බසිනු මැනවි....
ස්වර්ණමාලියේ ......රූබර ස්වර්ණමාලියේ......
Comments
Post a Comment