මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ.......21.04.2018


මා වසර දහයක් සේවය කළ හොල්සිම් සිමෙන්ති සමාගම එහි සේවක සුභ සාධනය වෙනුවෙන් පුදුමාකාර ලෙස කැපවුන ආයතනයක්..... 2006 වසරේ සිට 2012 දක්වා, මා කර්මාන්තශාලා වලට සහ කොළඹ,ගාල්ල සහ ත්‍රිකුණාමලය වරාය මෙහෙයුම් වලට සම්බන්ධවෙලා ඉදලා කොළඹ කොල්ලුපිටියේ බිරිතානි කවුන්සිලය ලඟ පිහිටි ප්‍රධාන කාර්‍යාලයේ සේවයට එක්වුනේ 2012 අගොස්තුවෙදි.........
කම්හල්වල නම් ගෘහස්ථ ක්‍රීඩාගාර තිබෙන නිසා කෙනෙකුට අවැසි නම් ශාරීරික සෞඛ්‍ය ගැන හිතල ක්‍රීඩා කරන්න අවස්ථාව තිබුණට කොළඹ කාර්යාලයේ අයට එහෙම අවස්ථාවක් නොතිබුණ නිසා අලුතින්ම Gym එකක් එහි පිහිටුවන්න HR එක තීරණය කලා......මීට සමගාමීව සතියකට දෙවරක් Zumba Exercises කරවන්න පහසුකම් සැලසුවා........ ඉතිං මේ Zumba පුහුණුවීම් වෙනුවෙන් පැමිණි උපදේශිකාව වුනේ ඒ වෙනකොට සිනමා පට කීපයක් හරහා කල එලි බැහැල හිටි නිපුණි විල්සන් කියන තරුණ නර්තන ශිල්පිනිය........
කිසිම දවසක Zumba කරල නොතිබුණ නිසා මටත් ඒ වෙනුවෙන් සහභාගී වෙන්න සිතුනත්, පළමු දිනයේ සිටිය 40 කටත් අධික අපේ තරුණ සේවක සේවිකාවන් ටික දැක්කම මම පසු බැස්සා.මම හිතුවා කවදාවත් නොකරපු Zumba කරන්න ගිහිං නෝන්ඩි වෙනවට වඩා පැත්තකට වෙලා ඉන්න එක හොඳයි කියලා........ පළමු දවසේ මම අනෙක් අය Zumba කරන හැටි බලාගෙන හිටිය මිසක් කරන්න ගියේ නෑ.....ඒත් කාලයාගේ ඇවෑමෙන් ලෝකයේ අනෙක් හැම දෙයකම වගේ මේ වැඩහටහනෙත් ජනප්‍රියතාව අඩුවෙලා සහභාගී වන පිරිස දිනෙන් දින අඩුවෙන්න පටන් ගත්තා...... ඒ පාර මම හිතුව ඔන්න මට මේකට යන්න තියෙන හොඳම වෙලාව මේක කියලා....... ඒ මම වගේම පැත්තක්ට වෙලා හිටි උදිත අනුරුද්ධ සහෝදරයත්,විශාඛා එටිපොල සහ සදලේඛා සහෝදරියන් දෙදෙනත් මම වගේ මුලින් පසු බැහැල හිටියේ...... ඊට පස්සේ අපි හතරදෙනා එකතුවෙලා ආපහු මුල ඉඳලා නිපුනිගෙන් Zumba ඉගෙන ගන්න පටන් ගත්ත.....
ඒ වෙනකොටත් 35 පැනල සිටි මමත්,40 පැනල සිටි අනුරුද්ධත්,45 පැනල හිටි සදලේඛත්,50 පැනල හිටි විශාඛාත් එක්ක Zumba කරන එක නිපුණිටත් අභියෝගයක් වුනත්, ඇය එය ඉතා හොඳින් ඉටුකලා......ටික දවසක් යනකොට අපේ Zumba ක්රීඩාව Ball Room Dancing බවට පත්වෙන්න පටන් ගත්තා....... අන්තිමට නිපුණි Zumba පැත්තකට දාල අපිට Ball Room Dancing Steps කියල දෙන්න පටන් ගත්ත....... අපි හතරදෙනා දාඩිය දාගෙන Ball Room Dancing කරන එකෙත් අමුතුම ජොලියක් තිබුණා.......
හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න කැමැත්තක් තිබුණ මට Zumba & Ball Room Dancing දෙකම ඉගෙන ගන්න ලැබුණා......ඇත්තටම Ball Room Dancing කියන්නේ අමුතුම කලාවක්..... ඒක නිවැරදිව පුහුණු වුනොත් ඉතාමත් අලංකාර ලෙස නරඹන්නන්ගේ නෙත් ඇද බැඳ තබා ගන්න පුළුවන් කලාවක්......... නව යෞවනවියේ ඉගෙන ගත යුතුව තිබූ දෙයක් මැදිවියට ආසන්න වෙද්දි තමයි ඉගෙන ගත්තේ........ අලුතින් යමක් ඉගෙන ගන්න වයස හෝ වෙනත් සාධක අදාළ වෙන්නේ නෑ, අවශ්ය වෙන්නේ ඒ වෙනුවෙන් තියෙන උවමනාව විතරයි......ඉංග්‍රීසි කියමනක් තියෙනව "Better late than never" කියල..... සමහර දේවල් ප්‍රමාද වෙලා හරි කරන එක, නොකර ඉන්නවට වඩා හොඳයි.......
මම අසනීප වුනාට පස්සේ තනිවම අලුත් දේ බොහෝමයක් ඉගෙන ගන්න පටන් ගත්තා..... Photography,වයලීන් සහ තබ්ලා වාදනය,හින්දි,දෙමළ,සංස්කෘත භාෂාවන් ගැන ඉගෙන ගැනීම අමුතුම සියුම් ආශ්වාදයකුත් ගෙන දුන්නා..... අපිට ලැබිලා තියෙන කෙටි ජීවිත කාලය නිකං නාස්ති නොකර අඩුම තරමේ අලුතෙන් යමක් ඉගෙන ගන්න යොදවන්න බලන්න.... ඒක තුළ සතුටක් ලබන්න උත්සාහ කරන්න.... ඒක අමුතුම ජීවත්වීමේ කලාවක්(Art of Living) .......
මරණාසන්න අත්දැකීම්(NDE-Near Death Experiences) වලට මුහුණු දුන්න හැමෝම දන්නවා මේ ජීවිතේ කොයිතරම් නම් වටිනවද කියල.......ඉතිං අපිට කළ හැකි වටිනාම දේ සසර ගමන කෙටි කරගන්න උත්සාහ කරන එක.......ඊට අමතරව මේ ලෝකයේ තව අනන්තවත් අපි ගවේශණය නොකළ දේවල් තියෙනවද ? ඒවා ගැනත් ටිකක් හොයලා බලලා ඒ වෙනුවෙනුත් කාලයෙන් කොටසක් යෙදෙව්වට කමක් නෑ කියලයි මට හිතෙන්නේ.......

Comments

Popular Posts