මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ.......19.04.2018


මේ මාසෙට හතරවන chemotherapy injection එක තමයි අද විද්දේ... ඊලගට යන්න තියෙන්නේ ලබන මාසේ 18 වැනිදා....
මම අසනීපවුන දවසෙ ඉඳලම මා කලිං සේවය කළ හොල්සිම් සිමෙන්ති ආයතනයේ සගයෝ මා තනිකළේ නෑ....මට අසනීපය වැළඳෙනකොටත් මම සිමෙන්ති සගයන්ගෙන් වෙන්වෙලා මාස හයක් වුනත් , ඔවුන් සියලු දෙනම එකා මෙන් මා වෙනුවෙන් තමනට කළ හැකි දේ උපරිමයෙන් කළා.....ඒක මහ පුදුම බැදීමක් ....
ආයතනයකින් ඉවත්වෙලා මාස හයක් ගියාටත් පස්සේත් එහි සිටි සහෝදර සේවකයෙකු වෙනුවෙන් පිහිටවීම වචනයෙන් විස්තර කළ නොහැකි මානව හිතවාදීකමක්.....ඒ වෙනුවෙන් මම හොල්සිම් සිමෙන්ති ආයතනයේ සහෘදයන් සියලු දෙනාටම ණය ගැතියි...
ස්විස්ටර්ලන්තයේ සූරික් නගරයේ මූලස්ථානය පිහිටි හොල්සිම් සමාගම තවදුරටත් ලංකාවේ නැතත්, දැනට පුත්තලම,ගාල්ල,කොළඹ වරාය සහ ත්‍රිකුණාමලයේ කම්හල් අයත් සංස්ථා සිමෙන්ති සමාගම පාලනය කරන්නේ තායිලන්තයේ බැංකොක් නුවර කේන්ද්‍ර කරගත් සියම් සිටි සිමෙන්ට් ආයතනය........
අතීතයේ බොහෝ කාලයක් එකිනෙකා හා උරෙනුර ගැටී කාර්යසම්පාදන අංශයේ(Logistics Dept.) සේවය කළ, යසිත් සහෝදරයත් , ජාලිය සහෝදරයත් අද මා බලන්න මගේ ගෙදරට එන්න සූදානමෙන් සිටියත්, මම හවස් වරුවෙ සිටියේ නාරාහේන්පිට රෝහලේ නිසා ඔවුන් දෙදෙනා මා වෙනුවෙන් අධිවේගී මාර්ගයේ පැමිණ දොඩන්ගොඩදි හමුවුනේ ඔවුන්ගේ සියලුම වැඩ කටයුතු මා වෙනුවෙන් කැප කරලා.......තවත් සිමෙන්ති සගයන් කීප දෙනෙක්ගේම දායකවත්යෙන් මගේ ප්‍රථිකාර වියදම් වෙනුවෙන් වටිනා දායකත්වයක් නැවත වරක් කරන්න සූදානමින්........
ඉතිං,යසිත්,ජාලිය,වත්සර ඇතුළු මෙකී නොකී ඒ වෙනුවෙන් දායකවූ සියල්ලන්ටම අනේක වාරයක් පිං......
මොකද මම ජීවත්වන හැම තත්පරයක්ම රැඳිලා තියෙන්නේ මට ලබාදෙන ඖෂධයන් මත.....ඒ ඖෂධ වෙනුවෙන් දායක වීම ඔබට දීර්ගායු ලබන්න හේතු වේවා....!


Comments

Popular Posts