මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ.....16.04.2018


මේ මාසෙට තෙවෙනි chemotherapy injection අද විදගෙන ආවෙ හතට විතර....අඩුම කාලයකින් කොළඹ ගිහිං ආවේ අද..ගෙදරින් හවස දෙකට පිටත්වෙලා කොළඹ ගිහිං ආපහු හවස හතට පැය පහක් වගේ කාලයක් ඈතුලත එන්න ලැබෙන එන හරිම වටිනව....මධ්යම සහ වයඹටත් සබරගමුවටත් යෝජිත අධිවේගී මාර්ගත් මේ වනවිට නිමකරල තිබුණ නං කොච්චර වටිනවද ?.
හැමදාමත් වගේ කොච්චර වැඩ තිබුණත් මගේ කල්යාණ මිතුරැ පොලිස් පරීක්ෂක ප්රභාත් සහෝදරයා මමත් එක්ක ගියා.....ඔහුත් සමග යද්දී රිය ධාවනය ගැන හිතේ දෙගිඩියාවක් හට නොගන්නේ කොතරම් වේගයෙන් ගියත් ඉතා පරිස්සමින් ඔහු රිය ධාවනය කරන නිසා....පරිස්සමින් යනව කියන්නේ හෙමින් යනව කියන එකටම නෙවෙයිනේ....බොහෝ කාලයක් ජනපති ආරක්ෂක අංශයේ සේවය කළ නිසා ඔහුට විවිධ වාහන පැදවීමට හොඳ පුහුණුවක් තියෙනව....
කවදාවත් නැතුව අද කොට්ටාවේ ඉඳං නාරාහේන්පිට දක්වාම හයිලෙවල් පාර හරිම නිදහස්.....
ඉස්සර මම කොළඹ සේවය කරන කාලේ නම් මට ගාල්ලේ ඉඳං කොට්ටාවට යන වේලාවට වඩා වැඩි වෙලාවක් ගියා එතන ඉඳං කොල්ලුපිටියට යන්න....
කොළඹ ඉන්න බොහෝ දෙනෙක් පිට පළාත් වල තමන්ගේ ගම් වලට ගිහිං නිසා කොළඹ පාලුයි......
කොළඹ ඉන්න බොහෝ දෙනෙක් දකුණේ අය කියල කිව්වට මට නං හිතෙන්නේ හැම පළාතකම අය ඉන්නව කියලයි...
සාමාන්යෙන් දකුණෙ අය ටිකක් තමන් දකුණේ කියල කියන්න කැමතියි.....ඒත් මට පෞද්ගලිකව නං හිතෙන්නේ අපි එහෙම බෙදිල වෙන්වෙන එක අපේ තියෙන නොදන්නාකම නිසාම සිදුවෙන දෙයක් කියලයි......
මේ ගැන මම එදා රත්න ශ්රී මහතාගෙන් ඇහුවම එතුමා කිව්වෙත් එහෙම හිතන එක ගෝත්රික හැඟීමක් කියලයි.....ඒකට මමත් එකඟයි...මට උදව් කළ අය ගැන බැලුවම ඔවුන් රටේ හැම පළාතකම මානව හිතවාදී මිනිස්සුගෙන් සමන්විතයි.....අතීතයේ දකුණෙ අය බොහෝ ක්ෂේත්රවල ඉදිරියෙන් ඉන්න ඇති...ඒත් සාපේක්ෂව බැලුවම අනෙක් පළාත් වලත් ඒ වගේම පිරිස් ඉඳල තියෙනව....
බෙදිල වෙන්වෙන එක හැමෝටම පාඩුයි....තනිවම ගැටලුවකට මුහුණ දෙනවට වඩා පිරිසක් එකතු වූනාම ලැබෙන ශක්තිය අපමණයි....
සිංහල අවුරැද්ද කියන්නෙත් ඒ වගේ බෙදිල වෙන්වුන පිරිසක් නැවත එකතු කරන්න පුලුවන් වැඩසටහනක්...ඇත්තටම මෙහි නම "ජාතික අවුරැදු උළෙල" කියල වෙනස් කළා නම් මීටත් වඩා පිරිසක් එකමුතු කරගන්න තිබුණ...සිංහල දෙමළ මුස්ලිම් ඇතූලු සියල්ලන්ටම පොදුවේ සමරන්න තවත් ඉඩක් ලැබෙනව....
මේක ආගමික උත්සවයක් නොවන නිසා ඕනෑම කෙනෙකුට සමරන්න පුලුවන්...ජෝතිෂය පිළිගන්නවද නැද්ද කියන එක නං අදාළම නෑ...අඩුම තරමේ වසරකට වරක් හෝ මිනිස්සු ගෙදර සුද්ධ පවිත්ර කරලා නවතාවයක් ලබාදෙන එක ශාරීරික සෞඛ්යයට වගේම මානිසික සෞඛ්යටත් හොඳයි..වසරක් පුරා ගෙදරින් ඈත් වෙලා සේවය කරන අයට නැවතත් තම සමීපතමයන් එක්ක සුහදතාව ඇති කරගන්න වගේම කළගුණ දක්වන්නත් මෙය නිමිත්තක් කරගන්න හැකියි....කෙනෙකුට හිතෙන්න පුලුවන් ඒව කරන්න අවුරැද්දක්ම කියල එකක් ඕනද කියල ? ඒත් ලෝකේ හැමෝම එහෙම මනා බුද්ධියක් සහිත මිනිස්සු නොවන නිසා පොදු උත්සව ඉතා වෑදගත් වෙනව..ඇතැම් වෙලාවට මම දැකපු දෙයක් තමයි ඒ වගේ මහා ප්රබුද්ධ කථා කියන බොහෝ දෙනා තමන්ගේ වැඩක් කරගන්න ගියාම අර කියපු ප්රතිපත්ති සියල්ලම අමු අමුවේ පාවාදෙන බව....අවුරැද්ද කියන්නේ අපේ දෙයක් නෙවෙයි කියල මතයක් සමාජගත කරන්න හදන සමහර භික්ෂූණ් ඊටත් වඩා ලාමක උත්සව පවත්වමින් විහිලු වැඩ කරනව දැකල තියෙනව.....
වඩා වැදගත් දේ ඒ ඒ අයට තම තමන්ගේ දැක්ම අනුව වැඩකරන්න ඉඩ දීල අපි අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ඉන්න එක......මොකද ලෝකයේ කිසිවෙකුත් පරිපූර්ණ පරමාදර්ශී චරිත නොවන නිසා.....
මෙහෙම හෝ සංස්කෘතික උළෙලක් අපිට ඉතිරි නොවුනොත් අපේ ඊළඟ පරම්පරාවල්වල අයට සතුටු වෙන්න නං ඉතිං නයිට් ක්ලබ් විතරයි ඉතිරිවෙන්නේ......
සියලු දෙනාටම සුභ නව වසරක් වේවා...!


Comments

Popular Posts