මගේ දිනපොතේහී අදරෑ ලියන්නේ....12.04.2018
ලියන්න ගොඩාක් දේවල් තිබුණත් ඉන්නේ හරිම අපහසුවෙන් සහ මහන්සියෙන් නිසා වැඩි යමක් ලියන්න බෑ.හිතේ හයියෙන් තමයි අල්ලගෙන ඉන්නේ...මමත් එක්ක එකම කාලේදී පිළිකා රෝග වැළදුන අයගෙන් (අපේ cancer batch එක) දැනට ඉතිරි වෙලා ඉන්නෙත් මම විතරයි...වි.වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අසනීප වුනෙත් මගේ සිමෙන්ති සගයෙක් වුන ෂාමින්ද පල්ලියගුරැ සහෝදරයගේ මටත් වඩා වයසින් අඩු ආදරණීය බිරිඳ සහ තවත් බොහෝ දෙනෙක් අසනීපවුනේ එකම කාලයේ....ඒ දෙන්නම පසුගිය මාසයේ අපෙන් සමුගත්ත...අනෙක් පිරිස ඊටත් කලින්ම ගියා......මම ඉතිං අපේ cancer batch එකේ last member. ......
මේ මාසෙට දෙවෙනි chemotherapy injection එක අද විදගෙන ගෙදර එනකොට 08 විතර වුනේ මුළු හවස් වරැවම නාරාහේන්පිට ඉඳලා ගාල්ලට එනතුරැම එකදිගටම කුණාටුවක් වගේ වැස්ස නිසා...
ලබන සඳුදා සහ බ්‍රහස්පතින්දා දවස් දෙකේ තෙවන සහ හතරවන chemotherapy injections විදින්න තියෙන්නේ....
ඊට පස්සේ නැවතත් මැයි මාසේ දෙවන සහ තෙවන සතියෙ තමයි මැයි වලට අදාළ හතර විදගන්න තියෙන්නේ...
මේව ඇඟට ගොඩාක් විෂයි..වකුගඩු ඉක්මනින්ම නරක් වෙනව වගේම අක්මාවටත් බලපාන බව තමයි අද වි.වෛද්‍යවරයා කිව්වේ...ඒත් මම එතුමට කිව්වේ ඒව නරක් වුනාට කමක් නෑ මට ජීවත්වෙන මාසය හෝ දෙක වුනත් සැහැල්ලුවෙන් ඉන්න ශාරීරික අපහසුතාවයන් ටිකක් අඩු කරල දෙනව නම් ඇති කියල..කවද හිටියත් ඉතිං අපිට යන්න වෙන නිසා....ඒත් ඔහු කියන්නේ දැං මගේ ශරීරයට "මෝෆීන්" දුන්නත් වැඩක් නෑ කියල මොකද ශරීරය දැං ඒවටත් අනුවර්තනය වෙලා නිසා...අවසන් උත්සාහය ලෙස තමයි විකිරණ ප්රථිකාරය සිදුකළේ...එයින් තාවකාලිකව යම් සහනයක් ලැබුණ...මීට මාස දෙකකට කලිං මට කිවිසුමක් වත් යවන්න බෑ සම්පූර්ණ අස්ථි පද්ධතියම දෙදරලා ගිහිං මහා වේදනාවක් එන බව යටි හිත දන්න නිසා කිවිසුම ඇවිත් පිට වෙන්නේ නැතුව හිර වෙනව...
හැමෝගෙන්ම ඉතාම කාරැණිකව ඉල්ලීමක් කරනව...බොහෝ දෙනා තවමත් මගේ ශාරීරික අපහසුතාවයන් හරිහැටි තේරැම් නොගෙනද කොහේද මට අදාළ නැති වල්පල් දේවල් inbox එකට එවනවා....ඒ ගැන ටිකක් තව දුරටත් හිතලා බලන්න..තවත් කෙනෙකුගේ අපහසුතාවයන් තමන්ට උපමා කරලා බලන්න...මට වැදගත් දෙයක් පමණක් එවන්න...තේරැමක් නැති විකාර වලින් මගේ inbox එක පිරැනම මට ලැබෙන වැදගත් පණිවුඩ මට මග හැරෙනව.....
විශේෂයෙන්ම අලුත් අවුරැදු පණිවුඩ එවන්න එපා කියලා අවසන් වශයෙන් ඉල්ලනව....
අද ඩෙරික් හර්ෆ්ට් සහෝදරයා මගේ පෞරාණික පරිඝණකය අලුත්වැඩියා කරල දුන්න.....
ඩෙරික්ට ගොඩක් ස්තූතියි...කොච්චර වැඩ තිබුණත් කිසිදාක කිසිවෙකුගෙ වැඩක් බැහැයි නොකියන , 2006 වසරෙදි හඳුනගත් පුදුමාකාර helpful කෙනෙක් වගේම තරහා ගන්නේ නැති කෙනෙක් තමයි ඩෙරික් සහෝදරයා......
ඩෙරික්ට ගොඩක් ස්තූතියි...කොච්චර වැඩ තිබුණත් කිසිදාක කිසිවෙකුගෙ වැඩක් බැහැයි නොකියන , 2006 වසරෙදි හඳුනගත් පුදුමාකාර helpful කෙනෙක් වගේම තරහා ගන්නේ නැති කෙනෙක් තමයි ඩෙරික් සහෝදරයා......
හැමෝටම සුභ නව වසරක් වේවා !
Comments
Post a Comment