මගේ දිනපොතේහී අදරෑ ලියන්නේ....09.04.2018


අද කොළඹ ගිහිං මේ මාසේ පළමු chemotherapy injection එක විදගෙන ගෙදර එනකොට රෑ 09 යි.....
හරිම මහන්සියි වගේම ඇඟට අපහසුයි...ආයෙත් යන්න තියෙනව බ්රහස්පතින්දා....මාසෙකට රැ.30,000/- injections 04 ක් විදිනවා..Boterzomib කියල ඉන්දියන් බෙහෙතක් ...ඒකෙම European Version එක රැ.72,000/-ක්.....ධම්මික පෙරේරල වගේ අයට විතරයි ඒ බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන්...මාසෙක injections වලටම රැ.120,000/-ක්....අනෙක් වියදම් එක්ක බැලුවම 175,000/- විතර මාසෙක වියදම....එහෙම බැලුවම ඉතිං දිගටම ජීවත් වෙන්න වුනොත් නම් හිඟාකන්නම වෙනව තව වසරක් විතර යද්දී......මේ වගේ මාරාන්තික ලෙඩක් හැදිල ජීවත් වෙන එකත් එක්තරා විධියක දඬුවමක්.....
මමත් එක්ක නිතර රෝහලට යන තුෂාර අයියා,සමන් අයියා,ප්රභාත් නිශාන්ත ,ජනක රොෂාන්,සුරංග සංජීව,ආසිරි කැටිපෙආරච්චි,KV චමින්ද සහෝදරවරැ නං මේ වියදම් ගැන හොඳින්ම දන්නවා.....
මගේ ලිපි කියවල FB මිතුරෙක් වුන ලංකා හොස්පිට්ල්ස් ඖෂධ අංශයේ නියෝජ්ය කළමණාකරැ පියල් ජේ.ද සිල්වා සහෘදයා මේව ගැන හොඳින් දන්නා නිසා එම බෙහෙතට වෙනත් ඉන්දියානු ආදේශක බෙහෙතක් රැ.21,000/- කට ලබා දෙන්න සූදානම් වුනත් වි.වෛද්යවරයා ඊට අනුමැතිය දුන්නේ නෑ......හේතුව නම් පැහැදිළි නෑ...ඒත් ඔහු කිව්වේ එම suppiler ගෙන් ඒ බෙහෙත මීට කළිං රෝගීන්ට ලබා දීල යම් යම් අසාත්මිකතා ඇතිවුන නිසා දැං ඒක දෙන්නේ නෑ කියල...ඕවගේ ඇත්ත නැත්ත නං ඉතිං දන්නේ නෑ....ලෝකේ අංක එකේ වෙළදාම අවි ආයුධ...අංක දෙක ඖෂධ..ඔය හැම දෙයක්ම මාෆියාවන්...
අද ගොඩාක් අපහසු නිසා මෙතනින් නවතිනව....හෙට හමුවෙමු !

Comments

Popular Posts