මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ.....05.04.2018
පින්නදූව Hiway Exit එකට යාබදව "අංකොක්කාවල" කියල ගමක් තියෙනව.මීට වසර 55-60 කලිං මේ ගමේ සුනිල් සාන්ත කියල කෙනෙක් ඉපදුනා.ඔහගේ පවුල මධ්‍යම පාංතික වැදගත් එකක්.දෙමාපියෝ කාටවත් කරදරයක් නෑ.මේ පවුලේ මැද සාමජිකයෙක් තමයි සුනිල්.
පවුලේ අනෙක් සියල්ලම ඉගෙනීමෙන් ඉදිරියට ගියත් මොහු ටිකක් කැලේ පැනල ඒක කඩාකප්පල් කරගත්ත.ඔහුගේ අයියා රාජ්‍ය පරිපාලන නිළධාරියෙක්(SLAS) වගේම නංගි රජයේ ගුරැවරියක්...
ඔහු මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා ඉගෙනීම නැවතුනත් කවි කලාවට ලොකු ඇල්මක් තිබුණ.මගේ පියා කවියෙක් මෙන්ම සාහිත්යධරයෙක්වූ නිසා අසූව දශකයේ මුල් භාගයේ මොහු කවි කලාව ඉගෙන ගන්න මගේ පියා සමග මිතුරැ උනා....පියා සමග දශක දෙකක වයස් පරතරයක් තිබුණත් අවසනදී ඔහු පියාගේ අතිජාති මිතුරා වුනා...
ඒ දිනවල ඔහු නිතර අපේ ගෙදර ආව ගියා මට හොඳට මතකයි...මොහුගේ චර්යාවන් එතරම් හොඳ නැතිවග පිටතින් අසා දැනගත් මගේ මව ඔහුගේ පැමිණීමට විරැද්ධ උනත් ඔහු ඉතා බැගෑපත්ව අපේ ගෙදර දිගටම ආව....
මේ අතර දවසක අපේ ගමේ කෙනෙක් කලුතර පෙදසේ නෑ ගෙදරක යද්දී ,අක්මීමන පන්සලකට ආධාර එකතු කරන වාහනයක් දැකල ඒ ගැන විපරම් කලාම මේ ඉන්නේ අර සුනිල් බව හඳුනගෙන තිබුණා.ඔහු කරල තිබුනේ වංචාවක්.ඒ මුදල් ඔහුට මිසක් පන්සලකට නෙවෙයි...මේ බව ආරංචි උනාම ඔහුට අපේ ගෙදර එන එක අම්මා තහනම් කලා...ඒත් පියා සමග කවි මිතුරැකම පිටතදී දිගටම තිබුණ....
තව දවසක් චන්ද්‍රිකා ජනපතිණියගේ ආරක්ෂක අංශයේ සේවය කල අපේ ගමේ පොලිස් SI කෙනෙක් පිට කොටුවේ බෝධිය ලඟ තෙල් බෙහෙත් විකුණන වෙදෙකුගේ කට හඬ ඇහිල හොයල බැලුවම ඒ සුනිල් බව දැනගෙන ලඟට ගිහිං හෙමින් ඇහුවලු .."ආ සුනිල් අයියා මේ මොකද ?" කියල...."කෑ ගහන්න එපා මල්ලී..ෂේප් එකේ තාර ටිකක් බෙදුව බං"..බලනකොට ඔහු ඉපැරණි වෙදෙක් වගේ වෙස් වලාගෙන තාරවලට කල්ක කලවම් කරල ගුලි හදල වටිනා ඖෂධයක් කියල විකුණනවලු.......පස්සේ පස්සේ තවත් හොරකම් වලට අහුවෙලා හිරෙත් ගිහිං ඔහු ගමේ ඉන්න බැරැව එකපාර අතුරැදන් උනේ අනූව දශකයේ මුලදි......
රෑ පිරිත් වලින් පස්සේ ඉස්සර ගුවන් විදුලිය ඉබෙම නවතිනව.ඔහු මහ රෑ එහෙම නැවතුන බැටරි රේඩියෝවක් හොරකම් කරල පිදුරැ ගොඩක හැංගුවලු...පස්සෙන්දා උදේ පිදුරැ ගොඩෙන් කට හඬක් ඇහිලා ඔහුගේ හොරකම අහුවෙලා ගමෙන් යන්න උනා කියලයි ඒ දිනවල සමහර අය කිව්වේ...
පස්සේ ගමට ආරංචි උනා මොහු රැවන්වැල්ලේ තැනක අංකොක්කාවල සෝභිත (A.සෝභිත ) නමින් මහණවෙලා ගුරැකම් කරන බවට..හොයල බැලුවම කතාව ඇත්ත....ටික දවසක් යද්දී ජනමාධ්‍යවල වෙළද දැන්වීම් යද්දී ඒක තහවුරැ වුනා.....
2004 වසරේ සිංහල අවුරැදු දා ඔහු අපේ ගෙදරට කථාකරල මගේ පියා එක්ක සියලුම විස්තර කිව්ව.ඊට පස්සෙන්දාම ඔහු සිවුර ගලවල කලිසම් ෂර්ට් ඇඳගෙන අපේ ගෙදර ආවේ පියා බලන්න.ඒත් ඔහුගේ පැමිණීම අපි වැඩිය ගනං ගත්තේ නැති නිසා ඔහු එදායින් පසුව අපේ ගෙදර ආවේ නෑ....සිවුර ඇඳගෙන භික්ෂුවක් ලෙස රැවන්වැල්ලේදී පෙනී සිටි ඔහු ගාලු එන්නේ කලිසම් ෂර්ට් ඇඳගෙන....ඒක ගමේ හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක් ඒ දිනවල...
මීට වසර කීපයකට පෙර ඔහු කළ මහා වංචා මගඩි සහ හොරකම් "නෙත් FM බැලුම් ගල " වැඩසටහනින් අනාවරණය කලාට පස්සේ ඔහු දැං වසර ගානක් තිස්සේ ඉන්නේ වැලිකඩ හිර ගෙදර....
බුද්ධ චීවරය දාගෙන මගඩි වංචා හොරකම් කලාම බොහෝවිට ඒවා බරපතල අකුසල කර්ම බවට පත්වෙන්නේ නිකෙලෙස් බුදුන්ගේ චීවරය කෙලෙස් සහිත ලාමක අරමුණු වෙනුවෙන් යොදාගැනීමේ වරදට දඬුවමක් ලෙස....අග්ගික්කන්දෝපම සූත්‍රයේදී(ගිණි ගොඩ උපමා කල දේශණය) බුදුන් ඒ ගැන දීර්ඝව පැහැදිළි කරනව...සම්මත නීතියෙන් ගැලවුනත් සොබා දහම් නීතියෙන් කිසිදා ගැලවීමක් නෑ....
මම මේ කිව්වේ "රැවන්වැල්ලේ වෙද හාමුදුරැවෝ" හෙවත් A.සෝභිත හෙවත් අංකොක්කාවල සුනිල් සාන්ත ගැන....
මගේ මව බුද්ධිමත්ව හිතලා ඔහුගෙන් පියා ඈත් නොකලානම් මානව හිතවාදී සරල මිනිසෙක්වූ මගේ පියාත් අද ඔහු හමග වැලිකඩ හිර ගෙදර ඉන්න ඉඩ තිබුණා...ගෑනු නුවණ හැඳි මිටේ කියන්නේ වැරදි කථාවක්....
Comments
Post a Comment