මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ.....04.04.2018
DNA/RNA මට්ටමේදී බොහෝ සමානකම් තිබුණත් බාහිර මට්ටමේදී මිනිස්සු හැමෝම එකිනෙකට වෙනස්.හැමෝම "අනන්යයි"....
ඒත් මිනිස්සු අතර යම් මට්ටමක සමානකම් පවතින නිසා තමයි ඔවුන් අතර සම්බන්ධකම් වගේම සුහදතාවයන් ගොඩ නැගෙන්නේ ..මේ සමානකම් වැඩිවෙන තරමට ඔවුනොවුන් අතර බැඳීම වැඩිවෙනව....
චින්තනයන්ගෙන් සහ දැක්මෙන් සමාන මිනිස්සු එකට එකතු වෙනව...
දවසක ගිජ්ජ කූඨයේ මුදුනෙදි, බුදුන් අනද හිමියන් අමතලා,පහළට අත දිගුකරල මෙහෙම කියනව...
"බලන්න ආනන්ද, අර සාරිපුත්තයන්ගේ වටේ එකතු වෙලා ඉන්නේ මහා ප්රඥාවන්තයො පිරිස...අර මොග්ගල්යානයන් වටේ ඉන්නේ මහා සෘද්ධිමතුන් පිරිස...අර අනුරැද්ධයන් වටේ ඉන්නේ දිවැස් ලාභීන් පිරිස...අර දේවදත්තයන්ගේ වටේ ඉන්නේ මහා කුමන්ත්රණකරැවන් පිරිස......එහෙම තමයි ආනන්ද , එක වර්ගයේ අය එකට එකතුවෙන එක ලෝක ධර්මතාවයක්..."
සෑම සත්ත්වයෙකුටම අනන්ය "කම්පන සංඛ්යාතයක්" තියෙනව....මේ vibration frequency එක පිටතට දැනෙන්නේ නෑ.ඒත් භාවනාවෙ යම් දියුණුවක් ලබද්දී ටික ටික මේ vibration frequency එක තමන්ට දැනෙන්න පටන් ගන්නව...මේ vibration frequency එකිනෙක ගැලපෙන මිනිස්සු දන්නෙම නැතිව ආකර්ෂණය වෙනව.....
මීතිරිගල නිස්සරණවනයේ භාවනා උපදේශක උඩ ඊරියගම ධම්මජීව හිමි දවසක් මේ ගැන අපිට පැහැදිළි කළේ මම එහේ නේවාසිකව සිටිය දවසක....බලන්ගොඩ අනදමෙත් හිමි හමුවෙන්න ධම්මජීව හිමි ගිහි කළ දවසක් ගියාම අනදමෙත් හිමිගේ vibration එක ගෝචර කරගන්න තමන්ගේ භාවනා අත්දැකීම් වලින් උත්සාහ කළත් ඒක හරිම පුදුම මට්ටමේ අමුතුම vibration එකක් බව පමණක් දැනුන බවයි උන්වහන්සේ සඳහන් කළේ...
අපි හැමෝගෙම vibration frequency එක යම්තාක් දුරට හෝ ගැලපෙන අය ගැන අපේ සන්තානය දන්නව.....ඔය vibration frequency නොගැලපුනාම තමයි මිනිස්සු දික්කසාද වෙන්නෙත්....
මගේ vibration frequency එකට වැඩියෙන්ම ගැලපෙන්නේ කවුද කියල පහුගිය කාලේ හොයද්දි මට හමු වුනේ ඒ ප්රවීණ ලේඛිකා සුනේත්රා රාජකරැණානායක මහත්මිය බව.....
එතුමියගෙ පොත් කියවද්දි ඒ බව හොඳින්ම තහවුරැ වුනා.එතුමියටත් මට වගේම පෙරදිග අපරදිග දර්ශණයන් හදාරන්න,ඒවා ගැන ගවේශණය කරන්න පුදුම උවමනාවක් තියෙන්නේ....මමත් ඉන්දියාවේ,නේපාලයේ,මියන්මාරයේ,තායිලන්තයේ,ජපානයේ,වියට්නාමයේ සහ චීනයේ ආරාමව වල ඇවිද්දේ ඒ අසාව නිසා....ඒත් එතුමිය මට වඩා දුර ගිය කෙනෙක්...
හිමාලයේ නිරිත දිග බෑවුමේ ගංගනම් ගඟ ඇරඹෙන ගංගොත්රිය ග්ලැසියර පාමුළ තියෙන බද්රිනාථ් සහ කෙද්රිනාථ් කෝවිල් වලට වගේම ආන්ද්රා ප්රදේශ් ප්රාන්තයේ නාගර්ජුන් කොණ්ඩයටත් තමිල් නාඩුවේ ඉන්දියානු මහා ගණිතඥ සිරිනිවාස රාමානුජන්ගේ නිවසටත් ඇය ගියාට මම යන්න කලිං පිළිකාව මට හරස් වුනා...
නේපාලයේ ස්වයංභූනාථ පන්සල වගේම තවත් ඇය ගිය බොහෝ තැන්වල යන්න මට බැරි වුනා.....
අපි දෙදෙනාගේ යම් අසමානකම් තියෙන දේවලුත් නැතුවාම නෙවෙයි...එතුමිය මුල් කාලයේ මම වගේම උග්ර මාක්ස්වාදියෙක් වෙලා තවමත් යාංතමින් එය අදහන නමුත් මම වයස 24 දී මාක්ස්වාදයට සදහටම ආයුබෝවන් කිව්ව....
බටහිර ප්රසිද්ධ කියමනක් තියෙනව.....වයස 20 ට කලිං මාක්වාදියෙක් නොවුන මිනිසාත් 20 න් පස්සේ මාක්වාදියෙක් වුන මිනිසාත් මෝඩයලු....ඇත්ත නැත්ත මම දන්නේ නෑ..ඒ අනුව බැලුවොත් 20-24 කාලයේ මම අමු මෝඩයෙක්...
රාජකරැණානායක මහත්මියගේ "මතක පොතේ" තියෙන්නේ එතුමියගේ ආන්ද්රාවේ සංචාරක සටහන් තමයි බොහෝමයක්ම....
බුදුන්ගේ කාලයෙන් පසු ලොව බිහිවූ මහා දාර්ශණිකය තමයි ආන්ද්රාවේ උපන් නාගර්ජුණ හිමියන්.ඒ හිමිගේ "මූල මජ්ජිමකාරිකාව" තමයි මහයාන බුදු දහමේ පදනම.....නාලන්දා සරසවියේ ශාස්ත්රීය නිර්මාතෘ වුනේ නාගර්ජුණයන්.....නාගර්ජුණයන්ගේ දීප්තිමත්ම ගෝලයා වගේම ඒ හිමිගෙන් පසු නාලන්දා සරසවියේ "කුලපතිවරයා" වුනේ ලාංකික භික්ෂුවක් වුන "අරියදේව හිමි"....දැනට කැනඩාවේ ප්රධානම සරසවියේ උපකුලපතිවරයා කොළඹ නාලන්දාවේ උගත් ඉංජිනේරැ විද්යාව පිළිබඳ මහාචාර්යශරයෙක් බව වි.වෛ.රැවන් එම්.ජයතුංග මහතාගේ සටහනක දැක්කම මට අරියදේව හිමි මතක් උනා...
භාරතයෙන් බුදු දහම ටිකෙන් ටික තුරන් වෙලා අන්තිමට ඉතිරිවුනේ ආන්ද්රාවේ "අමරාවතිය" පැත්තේ පමණයි....ආන්ද්ර පුරවැසියන්ගේ භාෂාව වුනේ "ද්රාවිඩ භාෂා" කුලකයට අයත් "තෙළිඟු".....මේ තෙළිඟු වලට තමයි අපේ අය" අන්ඩර දෙමළ" කියල කිව්වේ....ආන්ද්රාවේ ද්රාවිඩ භාෂාව = අන්ඩර දෙමළ
විශුද්ධි මාර්ගය ලියූ බුද්ධඝෝෂ හිමි වගේම සද්ධර්ම රත්නාවලිය ලියූ ධර්මසේන හිමිත් ආන්ද්ර පුරවැසියෝ.......ආන්ද්රාවේ තෙළිඟුවෙන් ලියවුන අටුවා තමයි " අන්දරට්ඨ කථා" කියන්නේ..මේ කිසිම දෙයක් හදාරපු නැති "නිරපේක්ෂකත්වයේ මග " යන "පැරෂුට් භික්ෂූණ්" එකපාරට මතුවෙලා බුදු දහමත් පාලි භාෂාවත් විකෘති කරනකොට නම් සංවේගයක් හටගන්නව....
නාගර්ජුණ හිමි උපන් බිම තමයි "නාගර්ජුණ කොණ්ඩ" කියන්නේ...අදටත් ආන්ද්රයේ ප්රධාන සරසවිය නම් කරල තියෙන්නේ ඒ හිමිගේ නමින්.....
Comments
Post a Comment