නාවික මෙහෙයුම් : 03 කොටස


සිංගප්පූරුව ලංකාවටත් පසු ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලද දිළිදු රාජ්යයක්ව පැවැතුන බව කවුරුත් දනී......නිදහස ලද අවස්ථාවේ ජනතාව ඇමතූ එරට රාජ්ය නායකයා සිංගප්පූරු වරාය කොලඹ වරායේ තත්වයට ගෙන ඒමට තමන්ට උදව් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීය......ඔහු එම ප්‍රකාශය කරනවිට සිංගප්පූරු වරාය කිසිදු විදේශීය නැවක් ලඟා නොවෙන කුඩා ගොඩනැගිලි කීපයකින් සමන්විත ලෝකයේ දිළිඳුම එකක් විය.....
දේශප්‍රේමයෙන් තොරවූ ලංකාවේ වාමන්ෂික නායකයෝ දිගින් දිගටම කොලඹ වරායේ වැඩ වර්ජන දියත් කරන්නට විය......සිංගප්පූරු වරායට එහි වාසිය අත්වූයේ නිරායාසයෙනි........එය ක්‍රමයෙන් දියුණුව කරා ගමන ඇරඹීය......1957 දී ලංකා සමසමාජ පක්ෂය ලංකාවේ වරාය සේවකයන් වසරකටත් වඩා කාලයක් එක දිගට වැඩ වර්ජනයේ යොදවා "ලෝක වාර්ථාවක්" පිහිටුවීය....ඉන්ධන,ජලය සහ අනෙකුත් අවැසිතාවන් වෙනුවෙන් කොලඹට පැමිණ සති ගනන් රස්තියාදුවූ නෞකා දහස් ගනනක් මෙම වසරක කාලය තුල සිංගප්පූරු වරායට ඇදී ගියේ "අපි නැවත් කිසි දිනෙක කොලඹට නොඑන්නෙමු" යන අධිෂ්ඨානය ඇතිවය.......
ලංකාවේ "වාමාංෂිකයන්ට පිං සිද්ධවෙන්නට" සිංගප්පූරු වරාය ඔනේම නෞකාවකට ඔනේම පහසුකමක් ලබා දිය හැකි ලෝකයේ මුල්ම වරායන්ගෙන් එකක් බවට පත්විය....දැන් අපි ලැජ්ජා නැතිව සිංගප්පූරු වරාය අනුකරණය කරන්නට සැරසේ......එසේ හෝ කර ලංකාවේ වරායන් දියුණු කරන්නේ නම් ඒවාට නැවතත් සිංගප්පූරු වරායට නිසැක වශයෙන්ම අභියෝග කල හැක.....එසේ කරාවිදැයි අපේ රටේ පාලකයන් ගැන සත පහක හෝ විශ්වාසයක් නම් නොමැත.....
( මතු සම්බන්ධයි )
----චාමර වන්නිආරච්චි-----


Comments

Popular Posts