මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ...01.05.2018


අද විශේෂ.වෛද්ය.බලවර්ධන මහතා හමුවෙලා පිට වෙනකොට 07 ත් පහුවුනා....බලවර්ධන මහතා ඉතා දිගු වේලාවක් එක් රෝගියෙක් වෙනුවෙන් අරගන්න නිසා තමයි වෙලා යන්නේ..එතුමා හරිම කරුණාවන්ත කෙනෙක් වගේම හොඳ කෙනෙක් බව කලිං අත්දැකීම් වලින් දන්නවා...
බෙල්ලේ ඇති ගෙඩිය හොඳින් පරීක්ෂා කරල ඔහු මගෙන් අහනව '" මේක මෙච්චර ලොකු වෙනතුරැ ඇයි බලා සිටියේ...? කියල....ඇත්තටම මෙහෙමෙ ගෙඩියක් බෙල්ලේ හටගෙන වේගයෙන් වර්ධනය වන බව මම දැක්කේ සිකුරාදා උදේ...එතකොට ඉතාම පොඩියි..ඒත් අද වෙනකොට දවස් හතරට ටෙනිස් බෝලයක් තරමට ලොකුවෙලා...සති අන්තයේ වෙසක් තිබුන නිසා රෝහල්වල අත්‍යාවශ්‍ය සේවාවන් විතරක් ක්‍රියාත්මක වුන නිසා තමයි මට අද එතුමාව හමුවෙන්න සිදුවුනේ...හැකි ඉකමනින් Needle Biyopsy එකක් කරගෙන එන්න කියල, විශේෂ.වෛද්ය.ගීතිකා මහත්මියට ලිව්ව නිසා එකට Asiri Surgical Hospital ගියත් ඒ වෙනකොට එතුමිය පිටව ගිහින් නිසා හෙට හවස නැවතත් කොළඹ යන්න සිදුවෙනවා..කළින් Channel කරල එතුමිය හමුවෙන්න බැරි නිසා ගිහින්ම තමයි හමුවෙන්න වෙන්නේ..
අදත් සහායට ගියේ පොලිස් පරීක්ෂක ප්‍රභාත් සහෝදරය...ප්‍රභාත් එක්ක බොහෝ කලක් තිස්සේ බලවර්ධන මහතා හිතවත්....
ගෙදර එනකොට 10.30 ත් පහුවුනා.. ගොඩාක් වෙහෙසයි..බොහෝ දෙනෙක් "අද මොකද වුනේ ?" කියල මගෙන් අහල තිබුන නිසා මේ සටහන ලිව්වේ අපහසුතාවයන් මැද....
තවමත් මගේ Inbox එකට මගේ රෝගයටත් ජීවිතයටත් අදාළ නොවන දේ එවන අය ඉන්නවා...කරුණාකරල අදින් පස්සේවත් ඒවා එවන එක නවත්වන්න...


Comments

Popular Posts