නාවික මෙහෙයුම්........01 කොටස


ලෝකයේ ඕනෑම වරායකට නෞකාවන්ට හිතුන හිතුන වෙලාවට ඇතුල් වෙන්න බැහැ...කොතරම් හදිසි අවැසිතාවක් තිබුණත් ඉතින් ඒ සදහා අදාළ වරායේ බලධාරියාගෙන් අවසරයක් ගත යුතුමයි.........වරායක නාවික මෙහෙයුම් ගැන නිසි බලධාරියා හදුන්වන්නේ "හාබර් මාස්ටර්" නමින්.......
නැවක් වරායකට ඇතුල් වෙන්න කලින් වරායට පිටත ප්රදේශයට හෙවත් Outer harbour anchorage එකට මුලින්ම පැමිණ ඉන් පසු හාබර් මාස්ටර් ඇමතිය යුතුයි.....නෞකාව වරාය තුලට ඇතුලු කිරීම ගැන එතැන් පටන් සියලුම තීරණ ගනු ලබනේ ඔහු විසින්......ලංකාවේ නම් ප්රධාන හාබර් මාස්ටර් ඉන්නේ කොලඹ වරායේ.......ඔහුගේ යටතේ තවත් නියොජ්ය හාබර් මාස්ටර් වරු තුන් දෙනෙක් ඉන්නව ත්රිකුණාමල,ගාල්ල සහ හම්බන්තොට වරාය වල.......
මෙම හාබර් මාස්ටර් වරු යටතේ නෞකා නියමුවන් හෙවත් Pilot වරු බොහෝ දෙනෙක් සිටින අතර පිටත නැංගූරම් පොලේ සිට නෞකාව වරාය තුලට රැගෙන එන්නේ Pilot කෙනෙක් විසින්.........ඒ සඳහා යොදාගැනෙන විශේෂ බෝට්ටුවකින් සහ තවත් සහාය පිරිසක් සහිත බෝට්ටුවකින් වරායෙන් පිටතට යන නියමුවා නැවේ සවි කල එල්ලෙන ඉනිමගකින් නෞකාවේ පාලන මැදිරියට නගිනවා.....එතැන් පටන් එය හසුරවන්නේ Pilot විසින්......
වරාය තුලදී පරිස්සමින් සහ නිවැරදිව නෞකාව ජැටියට සේන්දු කල යුතු නිසා අවැසි පරිධි එය ඇදීමට හෝ තල්ලු කිරීමට හැකි අධි බලැති Tug යාත්රා යොදා ගැනෙනව..........ඉතින් මේ බොහෝ පිරිසකගේ දායකත්වයෙන් තමයි නෞකාවක් වරායකට සේන්දු වෙන්නේ........ආපසු යද්දිත් එය පිටතට රැගෙන යන්නේ ඒ අයුරින්ම තමයි........
පහත දැක්වෙන්නෙ ගාලු වරායට නැවක් ඇතුලු වන අවස්ථාවක්......
( මතු සම්බන්ධයි )
---------චාමර හිමන්ත වන්නිආරච්චි-----------------


Comments

Popular Posts