ඔබත් දුක හඹාගොස් වැළඳ ගන්නෙක්ද ?


දුක පිළිඹද සත්ත්වයන්ගේ සිත් තුළ ඇති අවිද්‍යාවට ඔවුන් පෙම් බඳිමින් දුකම ආහාරය කොට ගනිමින් ජීවත්වෙන්න පෘථග්ජනයන් කැමති බව තමයි බුදුරදුන් කියන්නේ...සිග්මන් ෆ්‍රොයිඩ්ගේ ප්‍රධානම ගෝලයාවුන මනෝ විශ්ලේෂණවාදයේ පුරෝගාමියෙක්වුන එරික් ෆෝම් කියන්නේ මිනිස්සු බහුතරයක් "Worry Seekers "ල කියල...ඒ කියන්නේ තමන්ට සතුටුවෙන්න තරම් කාරණා බොහෝමයක් තියෙද්දි ඔවුන් දුක්වෙන්න කාරණා හොයාගෙන යනව කියල...සතුටින් ඉන්න මිනිස්සු සමහර ටෙලිනාට්‍ය,චිත්‍රපටි සහ නවකතා කියවලා දවස් ගනන...් ඒව මතක් කර කර දුක් වෙනවා.....
මරණය පෙනිපෙනී ඉන්න මට නම් සතුටු වෙන්න තියෙන කාරණා බොහෝමයි...මෙහෙම වසර දෙකක් තිස්සේ ගෙදරට වෙලා විවේකයෙන් ඉන්න ලැබුන එකම කොච්චර වටින දෙයක්ද? ඒ නිසා මට භාවනා කරන්න,පොත් කියවන්න,තවත් බොහෝ විෂයයන් තනිවම ඉගෙන ගන්න වගේම විවේක සුවය අත්විඳින්න හැකිවුනා....ඉතින් සතුටු වෙන්න ඒ කාරණා ටිකම මදිද?
එලිනර් එච්. පොටර් විසින් ලියපු "පොලියානා" කියන්නේ දුකෙන් ඉන්න මිනිස්සුන්ට සතුටුවෙන්න කියල දෙන හරිම ලස්සන පොතක්....ඒක කියවද්දි තමයි දැනුනෙ පහුගිය කාලෙ මමත් හිතල තියෙන්නේ "පොලියානා" හිතපු විධියටමයි කියලා.....
මීතිරිගල නිස්සරණවනයේ භාවනා කරන්න ගිය අයට උඩ ඊරියගම ධම්මජීව හිමි මේ පොත නොමිලයේම බෙදල දීල තිබුනේ බොහෝ දෙනෙක් සතුටින් ඉන්න දන්නෙ නැති නිසා....
කාතන්‍යා අමරසිංහ ලේඛිකාව පරිවර්තනය කල මේ පොත හැමෝම එක පාරක්වත් කියවන්න වටින එකක් කියලයි මට හිතෙන්නේ.....
 

Comments

Post a Comment

Popular Posts