උසුළු-විසුළු කළා නෙවෙයි අපි වෙනතක් බලනවා.......

විශ්වය පුරාම තියෙන්නේ ද්වයතාවක්....මේ ගැන බුදුරදුන් ද්වයාතානුපස්සනා සූත්රයේ දීර්ඝව කරුණු පැහැදිළි කරනවා....
හොඳ-නරක,උස-මිටි,දිග -කොට,දුප්පත්-පොහොසත්,දක්ෂ -අදක්ෂ,පිං-පවු...මේ වගේ හැම තැනකම තියෙන්නේ ද්වයතාවක්ම පමණයි......සමහර අය මේ ද්වයතාවන් අස්සෙම හිර වෙනවා ...අන්ත දෙකක දෙපැත්තට දෝලනය වෙනවා...බටහිර මොනෝ වෛද්ය විද්යාවේ Bipolar disorder කියන රෝගී තත්වයකුත් කියැවෙනවා...
කොහොම වුනත් මේ ද්වයතාව නිසා තමයි ලෝකය පවතින්නේ....ගැහැණු-පිරිමි කියන ද්වයතාව තමයි මිනිස් ලොවේ සහ තිරිසන් ලොවේ පැවැත්මේ පදනම......එකිනෙකට ප්රතිවිරුද්ධ ප්රපඤ්ඤ දෙකක් එකිනෙක ආකර්ශණය වෙලා උදාසීන පද්ධතියක් නිර්මාණය වීම කියන බටහිර භෞතික විද්යාවේ සිද්ධාන්තයනුත් තරමක් දුරට මෙයට ගැලපෙනවා...බටහිර ජෛව විද්යාවට අනුව නම් ගැහැණු පිරිම ආකර්ශණය වෙන්නේ ඔවුනේ ශරීරවල තියෙන ඊස්ට්රජන් සහ ටෙස්ටොස්ටෙරොන් කියන හෝමෝනවල ක්රියාකාරීත්වය නිසාලු....
බුදුරදුන් මේ ගැන දීර්ඝව බොහෝ අවස්ථාවලදී කියා තිබෙනවා...
ගැහැණිය කෙරෙහි බැඳෙන පිරිමි සිත ගැන බුදුන් වරෙක මෙහෙම කියනවා....
මහණෙනි,
ඇය නිදන්නීද ඔහු සිත් ගන්නේය,
ඇය ඇවිදින්නීද ඔහු සිත් ගන්නේය,
ඇය හඩන්නීද ඔහු සිත් ගන්නේය,
ඇය සිනාසෙන්නීද ඔහු සිත් ගන්නේය,
ඇය දුවන්නීද ඔහු සිත් ගන්නේය,
ඇය වයන්නීද ඔහු සිත් ගන්නේය,
...මේ ආකාරයෙන් ඇය මොන දේ කළත් ඔහු සිත් ගන්නීය....මිනිස් ලොවේ ඇතී දැඩිම බන්ධනය එයයි.....
ගැහැණුන්ට සූ සැට මායම් තියෙනව කියල චෝදනා කරන පිරිමි තමන්ගේ ගේ තියෙන "ආසක්ත බව" හංගගෙන බොරුවට ගැහැණුන්ට චෝදනා කරන පිරිසක්...
"අනේ මම නම් හරිම නිවීල..ඒත් මම එයාගෙ මායම් වලට හසුවුනානේ" කියල තමන්ගේ දුර්වලතාවය අනුන්ට පටවන කොටම තේරුනෙව ඔහු කුමන මට්ටමේ පෞර්ෂයක් තියෙන කෙනෙන්ද කියලා....බුදුරදුන් දෙසන්නේ "සංකප්ප රාගෝ-පුරිසස්ස කාමෝ" කියල...ඒ කියන්නේ බාහිරව පෙනෙන රූපවල ,ශබ්ධවල,ගන්ධවල ස්පර්ශවල නෙවේ කාමය,රාගය තියෙන්නේ,තමන්ගේම හිතේ හටගන්නා සංකල්ප වල.....
සමහර පිරිමි හිටියට ඇත්තටම පිරිමි ගති ලක්ෂණ තියෙනවද නැතිනම් උප්පැන්න සහතිකයේ පමණක් පිරිමි කියල ලියල තියෙන්වද කියල සැකයි.....විශේෂයෙන්ම ගැහැණුන් සමග ගනු දෙනු කිරීමේ මේ අය ලාමක වැඩිද මන්දා ?
සෘජුවම තම අදහස තම සිත් ගත් කාන්තාවට කියා ගන්න බැරුව තටමන පිරිමින්ට මා දන්නා තරමින් ගැහැණුත් කැමති නෑ...තමන්ට "පුරුෂ ශක්තිය" ඇත්තටම තියෙනවානම් මොකද දෙකට තුනට නැවෙන්නේ කියල ඔවුන් හිතනව ඇති.....මෙහෙම තමන්ගේ අදහස කෙලින් කියාගන්න බැරුව දඟලන ඇතැම් පිරිමින්ට සිදුවෙන්නේ තමන් සිතින් ආදරය කරන කාන්තාව වෙනත් කෙනෙක් එක්ක දීග යනව බලාගෙන සුසුම් හෙලන්න විතරයි...
එක්තරා සුන්දර,දඟකාර තරුණියක් ඉන්නවා....ඇයට ආසක්ත වෙලා ඇය වෙනුවෙන් බලාගෙන ඉන්න තරුණයෙකුත් ඉන්නවා....නමුත් ඔහු ටිකක් කුලෑටි කෙනෙක්..තමන්ගේ අදහස සෘජුව ප්රකාශ කරගන්න බැරුව තමයි ඔහු ඉන්නේ....
තමන්ට ආදරය කරන මේ තරුණයාගේ තියෙන කුලෑටි බවට ඇය කැමති නෑ.....ඇයට ඕන එලිපිටම ඔහුත් සමග ප්රෙම කරන්න මිසක් බයේ ගැහි ගැහී හැංගෙන්න නෙවෙයි.....
මේ තරුණයා හැමදාම ඇය හමුවෙන්න ඇවිත් අතින් අල්ලලා ලඟින් ඉඳන් ටිකක් කතා කරල යනව මිසක් එතනින් එහාට යන්නේ නෑ....ඔහු තමන්ගේ ධනය යොදවලා වටිනා කියන ඇඳුම් පැලඳුම් මාල, වලලු ඇයට නිතර ගෙනත් දෙනවා...ඒත් ඇය ඒ භෞතික සම්පත් වලට වඩා ඔහුගේ සීමාවක් නැති ආදරය තමයි බලාපොරොත්හු වෙන්නේ....... අවාසනාවට ඔහුට එය තේරෙන්නෙත්,තේරුම් ගියත් ඇය බලාපොරොත්තුවෙන විධියට ලබා දෙන්නත් බෑ....
මේ දඟකාර සුන්දර යුවතිය දකින ගමේ ඉන්න දඩබ්බර වගේම කඩවසම් ලෝකාස්වාදයට කැමති තරුණයන් ඇයට නිතර ඉඟිබිඟි පානව ...ඒක හරියට පෙතන් කැලේ වළි කුකුළෝ ඇයට පෙනිපෙනී නටනවා වගේ..වලි කුකුල්ලු දක්ෂ මොනවටද කියල දන්නවනේ......
අත්තන මල ඇය දිහා බලලා බඹර තුඩේ වෙලෙමින් ඇයටත් ඉක්මනින් ජීවිතයේ රස බලන්න කියනව වගේ සංඤ්ඤා ලබා දෙනවා......පරිසරය දිහා බැලුවමත් ඇයට පෙනෙන්නේ ලෝකාසවාදයට යොමුකර සිද්ධි...ඒත් පෝය ගෙවි ගෙවි වයස යනව මිසක් මේ තරුණයට වගේ වගක් නෑ..... හරියට "ඉටි පන්දම්-හඳුන්කූරු" කෘතිමව සවි කරල උප්පැන්න සහතිකේට "පිරිමි" කියල නම දැම්මා වගේ....
ගමේ නිසාත්,තමන්ට භෞතික සැප සම්පත් ලබා දෙන්න හැකිවූ නිසාත් මේ කුලෑටි තරුණයට බහ දුන්නට දැං නම් ඇයටම ඔහු එපා වෙලා.......
හැමදාම මේ බෙලහීන මිනිහා ඔසරි පොටෙන් ඇද ඇද ඉන්නව මිසක්,රිදී පොටෙන් ඇද ඇද ඉන්නව මිසක්,මූණට එබෙනව මිසක් කවදාවත් "ඕලු විලට පනින්න හිතන්නේ නෑ"…
තවත් නම් ඉතින් බලා ඉන්න බෑ....මේ මාල,වලළු,කසී සළු ඔක්කොම ආපහු ඔහුටම දීල ඇත්තටම පිරිමි කම තියෙන,සිතැඟි රිසිසේ ඉටුකළ හැකි සැබෑම පිරිමි කෙනෙක් එක්ක මම යනවා...මේව විහිළු කියල හිතන්න එපා....
ඔසරි පොටෙන් අදින්නෙපා වළාකුලයි ඉරෙන්නේ
රිදේ පොටින් අදින්නෙපා තරු දෙපොටයි කැඩෙන්නේ
මූණට මගෙ එබෙන්නෙපා සඳ එලියයි නිවෙන්නේ
හැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ
පෙතන් කැලේ වළි කුකුලෝ මට පෙනි පෙනී නටනවා
අත්තන මල මම දැකලා බඹර තුඩේ වෙලෙනවා
බිනර මහට කළුවරවී මේ පෝයත් ගෙවෙනවා
උසුළු-විසුළු කළා නෙවෙයි අපි වෙනතක් බලනවා
 
පට සළු පිළි කසී රටේ වෙල පෙති දිගේ වඩිනවා
මාල වලළු අපට ගෙනා තරු අතර දිලෙනවා
ගමේ කොමට බහ දීලා ගමේ කතා හැදෙනවා
උසුළු-විසුළු කළා නෙවෙයි අපි වෙනතක් බලනවා
පද ගෙත්තම : ලූෂන් බුලත්සිංහල
සටහන : චාමර වන්නිආරච්චි

Comments

Popular Posts