හිරු දෙවඟනගේ සුන්දර දේශය : ජපානය 11 කොටස


සුන්දර හකොනේ විලේ ඉඳල,එහි කෙළවර පිහිටි "කොමගටකේ" කඳු මුදුනට කේබල් කාර් වලින් ගමන් කරන එක තවත් සුන්දර අත්දැකීමක්.....මේ කේබල් කාර් පද්ධතිය ජපානයේ අනෙක් හැම දෙයක් වගේම ඉතාම විශිෂ්ඨ අන්දමින් නඩත්තු කරන නිසා කිසිම ආකාරයක් අනාරක්ෂිත හැඟීමක් දැනෙන්නේ නෑ..නමුත් මීට වසර කීපයකට පෙර ඉන්දියාවේ ගිජ්ජකූට පර්වතය දක්වා සවිකොට තිබූ කේබල් කාර් කීපයක් නිසි නඩත්තුවක් නොමැතිකමින් ඒවායේ ගමන් ගත් අය සමගම බිමට පතිත වුනා....
කාලගුණය යහපත් දවසට මේ කේබල් කාර් ව...ල ඉහළට යද්දී වම් පසින් ඈතින් පූජියාමව සුන්දර දර්ශණයක් ලෙස දකින්න හැකියි...ඒත් අපි ගිය දවසේ අහස වලාකුළු වලින් බරවෙලා තිබුන නිසා අපිට පූජියාමාව දකින්න ලැබුනේ නෑ.....
මේ කේබල් කාර් වලින් කඳු මුදුනට ගියාම එහි වසර සිය ගනනක් පැරණි සෙන් ආරාමයක් දකින්න පුලුවන්...මීට සියවස් කීපයකට පෙර ජපානයේ මෙවැනි බොහෝ කඳු මුදුන්, සෙන් හිමිවරුන්ගේ තෝතැනි බවට පත්වෙල තිබුන බවට එයම කදිම ශාක්ෂියක්.....
මේ වෙනකොට බටහිර ආභාෂය නිසා ජපානයෙන් කෙමෙන් කෙමෙන් සෙන් දහම අතුරැදන්වෙමින් ඒ වෙනුවට "නිරාගමිකත්වය""ආදේශවන බවක් දකින්න පුළුවන්..මෙවැනි ආරාම බොහෝමයක් මේ වනවිට පුරාවිද්යා සංරක්ෂණ මධ්යස්ථාන තමයි...ඒවා සෙන් ගුරැ-ගෝලයන්ගෙන් හිස්ව ගිහිං....
(මතු සම්බන්ධයි)
 

Comments

Popular Posts