හිරු දෙවඟනගේ සුන්දර දේශය : ජපානය 10 කොටස


ටෝකියෝවට ටිකක් ලඟින් තියෙන “හකොනේ විල” ජපානයේ තියෙන සුන්දරම තැනක්...සකුරා මල් පිපෙන වසන්ත සමයට මුලු ජපානයටම වසන්තය උදාවෙනකොට හකොනේ විලටත් ඒක සුන්දර කාලයක්...හකොනේ විලේ කුඩා නෞකාවක නැගිලා පැය දෙකක් තිස්සේ හිරු බැසගෙන යන සන්ධ්යාවේ හෙමින් සීරුවේ යාත්රා කරන එක හරිම "රෝමාන්තික අද්දැකීමක්"(Romantic Experience).ඒත් ඉතින් මම තනිකඩයා නිසා ඒක රෝමාන්තික අත්දැකීමකට වඩා වෙනස් “සොදුරු හුදෙකළා” (Ideal Solitude) අත්දැකීමක්......
ජපානය ලෝකේ ප්රධානම කාර...්මික රටවල් හතෙන් එකක් (G-07) වෙලත් ,රට පුරාම කර්මාන්තශාල දහස් ගනනක් තිබිලත්,මේ සෑම ජලාශයක්ම මේ තරම් පිරිසිදුවට තියාගන්න හැටි දැක්කම "කෘෂි කාර්මික” රටක් වන අපේ රටේ ඇළ දොළ ගංඟාවලට අත් වෙමින් යන ඉරණම ගැන නම් කණගාටුයි.....
අපිත් එක්ක නෞකාවේ සංචාරය කළ අය අතුරින් අඩක් විතර ජපන් ජාතිකයෝ තමයි...නෞකාවට ගොඩවීම සිට ආපසු බැසයාම දක්වාම ඔවුන් පෙන්නුම් කළ විනය නම් "අති විශිෂ්ඨයි"...සමහරු මට "නමස්තේ” කියල ආචාර කළාම....මම කිව්ව “I am not an Indian guy but from Sri Lanka”...ඒ අය සමාව ඉල්ලුවා....සමහර අය ලංකාව ගැන දන්නේ නෑ..අපේ සමේ පැහැයෙන් අපි ඔක්කොම දකුණු ආසියානුවො උනත් පාකිස්ථාන් ජාතිකයන්ටත් වඩා ලාංකිකයෝ ඉන්දියානුවන්ට රෑපයෙන් සමාන බව තමයි ඔවුන් කියන්නේ.......
හවස වෙද්දී හකොනේ උෂ්ණත්වය සෙල්සියස් 10 ට අඩු වුනා...පැහැදිළි කාලගුණය සහිත දවසට නෞකාවේ ඉහළ මාලයට පූජියාමාවේ මුදුන හොකින් පෙනෙන බව තමයි නෞකා සේවකයෙක් කීවෙ....ඒත් අපි ගිය දවසේ හකොනේ අහස වළාකුලින් බර වෙලා.....
---- මතු සම්බන්ධයි -----
 

Comments

  1. මූණු පොතට වඩා බ්ලොග් එකේ පළ කෙරෙන ලිපි සෑහෙන කාලයක් පවතීවි. දිගටම බ්ලොග් එකටත් ලියන්න. සෑම අතින්ම ඔබට ජයෙන් ජයම වේවා

    ReplyDelete

Post a Comment

Popular Posts