භාරතීය සංචාරයන්ගේ මතක පොතෙන්......04 කොටස
දුර්ගේෂ්වරිය කඳු මුදුන කියන්නේ සිද්ධාර්ථ ගෞතමයන් සයවසක් දුෂ්කර ක්‍රියා කළ පෙදෙස...එම පෙදෙස දිහා බැලුවමත් සිතට දැනෙන්නේ දුෂ්කරබවක්ම තමයි....බුද්ධත්වයට පත් බෝ මැඩට කිලෝමීටර් කීපයක් එපිටින් නේරංජනා ගංඟාවට එගොඩින් තමයි දුර්ගේෂ්වරිය තියෙන්නේ.....
කඳු මුදුනේ මේ වනකොට තිබ්බත ලාමා අසපුවක් මෙන්ම හින්දූන්ගේ කෝවිලකුත් පිහිටුවා තිබෙනවා..සාම්ප්‍රදායික මිත්‍යාවෙන් මත්වෙලා හින්දූන් විසින් එහි පිහිටි බුදු පිළිමයට විසිතුරු රෙදි අන්දවා දුම් ගස්සවා විකා...රරූපී පුද පූජා කරන අයුරු එතනට යන ඕනෑම කෙනෙකුට දකින්න පුලුවන්...ඇත්තටම එහිදි සිදුවන්නේ යම් මට්ටමකින් ආධාර එකතු කරගැනීමක්...කෙසේ වෙතත් ලාමා අසපුව නිසා බෞද්ධයන්ට යම් සහනශීලීබවක් ලැබෙනවා...එහි වැඩ සිටින ලාමාවරයා කොතරම් පිරිසක් එතැනට ගියත් තමනට හැකි පමණින් තිබ්බතීය වෙඬරු තේ වලින් හැකි පමණින් සංග්‍රහ කරන්න අමතක කරනේ නැහැ....
Comments
Post a Comment