බෞද්ධ කොඩිය.........


වත්මනේ ලෝකයේ බෞද්ධයන් බොහෝමයක් විසින් යොදාගන්නා ප්‍රධානම කොඩිය තම්ය් මේ.....නමුත් ලෝකයේ විශාලම ථේරවාද බෞද්ධ රට වන තාය්ලන්තයේ නම් යොදාගන්නේ කහ පසුබිමේ මෙරුන් පාටින් ධර්ම චක්‍රය සහිත කොඩිය.......
19 වැනි සියවසේ ලක්දිව බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා වුන මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ටිකක් "රැඩිකල්" චරිතයක්........බොහෝ දෙනෙක් නොදන්නව වුනාට කොලඹ ආනන්ද විදුහලේ මුල් නම "ගුණානන්ද"...නමුත් ගුණානන්ද හිමි එයට අකමැති වුනාලු......
...
බෞද්ධයන්ට එරෙහිව ඇතිවුන බොහෝමයක් "කෙනහිලිකම්" වලදී කටින් පමනක් නොව "අතින්-පයින්ද " පිළිතුරු දිය යුතු බවය් උන්වහන්සේගේ දැක්ම වුනේ......
ගාලු දිස්ත්‍රික්කයේ බලපිටියේ මිගෙට්ටුවත්තෙදි උපන් උන්වහන්සේ බොහෝ කලක් වැඩසිටියේ කොටහේනෙ දීපදුත්තාරාමයේ..........
බෞද්ධයන් ඕලාරිකව ඔතෑනීව සිටි කාලයක් නිසා මුලදී උන්වහන්සේගේ "පුනරුද" වැඩසටහනට කිසිවෙක් උදවු කලේ නැතිලු.......සියල්ලම තනිවම සිදුකරගන්නම වුනාලු......තමන්ගේ ගම වුන බලපිටියේ සිට කොටහේනටත්, ලංකාවේ තවත් නොයෙක් තැන් වලටත් උන්වහන්සේට මුලදි ගමන් පහසුව නොතිබුන නිසා දායකයෙක් ලබා දුන්නු "පරණ පාපැදියත් " තනිවම පැදගෙන රටවටා ගිය උන්වහන්සේ තමන්ගේ "මෙහෙවර(Mission )" සංකේතවත් කිරීමේ අරමුණෙන් තමන් විසින්ම සාදාගත් "සරල" කොඩියක් තම පා පැදියේ සවිකරගෙන ගියාලු.....
පස්සෙ කාලෙදී 1885 දී හික්කඩුවේ සුමංගල හිමිගේ මූලිකත්වයෙන් රැස්වුන බෞද්ධ කමිටුව මෙය ලාංකික බෞද්ධයන්ගෙ කොඩිය ලෙස ඒකමතිකව සම්මත කරගෙන 1885 මැය් 28 වන වෙසක් පෝය දින මුලින්ම කොටහේනෙ දීපදුත්තරාමයෙදි එසෙව්වලු.......
පසුව ඕල්කොට් තුමා විසින් එය 1889 දි ජපානයට,චීනය,බුරුමයට සහ තාය්ලන්තයට හදුන්වා දුන් අතර තාය් රජු හැර අන් සියලුම රටවල් එය ඒකමතිකව පිලිගත්තලු......ඉතිහාසයේ කිසිදා කිසිවෙකුටත් යටත් නොවී සිටි තාය් ජනතාව තමන්ගේ පරණ කොඩියම දිගටම බාවිත කරනවලු....
කොහොම වුනත් 1952 පැවැත්වුන ලෝක තරුණ බෞද්ධ සමුලුවෙදි මෙම මුල් ලාංකික කොඩිය ලෝකයම පිලිගත්තලු.....නමුත් අදටත් විවිධ රටවල් මෙම කොඩිය සුලු සුලු වෙනස්කම් වලට හාජනය කරමින් තමය් යොදා ගන්නේ ...ජපානයේ නිල් පාට වෙනුවට තියෙන්නෙ කොල...කොරියාවෙ තියෙන්නෙ "ස්වස්තික " ලකුණ සහිත වෙනම කොඩියක්....
නමුත් ජගත් බොදු සමුලු වලදී නම් යොදා ගන්නේ අපේ කොඩියම තමය් තවමත්.....
- චාමර වන්නිආරච්චි -

 

Comments

Popular Posts