සන්ඝරාජ හාමුදුරුවන්ගේ බලු දානේ
දකුණු ඉන්දියානු උපදේශක අරිට්ඨ කීවෙන්ඩුගේ උපදෙස් අනුව සීතාවක රාජසින්හ රජුවිසින් ලක්දිව භික්ෂූන් සමූල ඝාතනය කර ශාසනය මෙරටින් අතුගා දැමූ පසු විමලධර්මසූරිය රජුගේ අනුග්‍රහයෙන් සියම් දේශ්යෙන් හෙවත් වර්තමාන තායිලන්තයෙන් උපාලි හිමියන් වැඩමවා නැවතත් මෙහි ශාසනය පිහිටවූයේ වැලිවිට සරණන්කර සන්ඝරාජ හිමියන් විසින්.....
එක දවසක් සන්ඝරාජ හිමි සෙන්කඩගල නගරයේ ඇවිදිනකොට දඩාවතේ යන බල්ලන් දැක ඔවුන් ගැන අනුකම්පාවක් හටගන්නවා...ඒ අනුව රජු දැනුවත් කිරීමෙන් පසු සියලුම බල්ලන් වෙනුවෙන් ප්‍රණීත දානයක් ලබා දීමට රජු හිමියන්ට පොරොන්දු වෙනවා....
සෙන්කඩගල රාජධානිය පුරා රජු අණ බෙරයක් යවනව සියලුම බල්ලන් පොසොන් පෝය දිනට බෝගම්බර පිටියට රැගෙන ආයුතු බවට....
රජු තම රාජකීය සූපවේදීන් යොදවා ප්‍රණීත දානයක් පිලියෙල කර බෝගම්බර පිටිය පුරා ගොඩවල් වශයෙන් තබනව....
සුභ වේලාවට අනුව පිටියේ දොරගුලු හරිමින් සියලුම බල්ලන් ඇතුලු වීමට ඉඩ ලබා දෙනවා.......
බෝගම්බර පිටියට ඇතුලු වන බල්ලෝ කෑම බුදීම පසෙක තබා "එකිනෙකා කාගන්න" පටන් ගන්නවා.......
කෑම පසෙක දමා තම වරිගයාගේම බොටු මිරිකමින් එකිනෙකා කාගන්නා මේ බල්ලන් දැක රජු කනස්සල්ලට පත්වී මාළිගයට යන්න යනවා..
අන්තහ්පුර ස්ත්‍රීන්ට ඈතින් මහා ගලගෝට්ටියක හඩ ඇසී බයවෙලා රජුගෙන් අහනව මොකද්ද මේ කලබලේ කියලා......
"අද සන්ඝරාජ හාමුදුරුවන්ගේ බලු දානේ"...රජුගෙ පිළිතුර....
අද දින අපේ පාර්ලිමේන්තුවත් හැම්දාම විවිධ තැන්වල තියෙන සන්වාද දැක්කමත් මට මතක් වුනේ "සන්ඝරාජ හාමුදුරුවන්ගේ බලු දානේ"....
ඔන්න ඕකයි තත්වේ...
Comments
Post a Comment