Science යනු විද්යාවමද.....?
පාසලේදී විද්යාව නම් විෂයයක් ඉගෙන ගත්තේය.....උසස් පෙළ පංතියේදී භෞතික විද්යාවද, රසායන විද්යාවද ඉගෙන ගන්නා ලදී ...සරසවියේදී ඉංජිනේරු විද්යාවට අදාළ තවත් නොයෙකුත් විද්යාවන් ඉගෙන ගන්නා ලදී.........
බුද්ධ ධර්මය ඉගෙන ගන්නා විට බුදුන්ගේ ගුණ නවයෙන් එකක් ලෙස "විද්යා චරණ සම්පන්නෝ" නමින් ගුණයක් ඉගෙන ගන්නා ලදී ...පාසලේදීත් සරසවියෙදීත් විවිධ විද්යාවන්ගෙන් මත්වී කාලය ගෙවූ අතර පසු කාලීනව බුදු දහම හදාරද්දී එහි කියැවෙන විද්යාව වෙනමම එකක් බව තේරුම් යන්නට විය.............කාලයත් සමග සිදුවී තිබූ පටලැවිල්ලද තේරුම් යන්නට විය....
ඉංග්රීසියෙන් Science යන විෂයයට සිංහලෙන් විද්යාව යැයි නම් තැබූ ලාංකීය විද්වතා මෙම පටලැවිල්ල අපට උරුම කළ බව පැහැදිළි විය...එය කොතරම් බරපතල වරදක්ද යත් අද වනවිට එම විද්යාව නම්වූ විශයෙන් මත්වී සිටින විද්වතුන් බුදු දහම විද්යාත්මකදැයි ප්රශ්න කරමින් සිටී.....බුදුන්ට අයිතිව තිබූ විද්යා යන වචනයම යොදා ගනිමින් ඔවුන් බුදුන්ටම පහර ගසයි.....
දිනක් භික්ශූන් ඇමතූ බුදුන්: මහණෙනි, මා පඨවි ධාතුව පිරිසිඳ දක්නා ලද්දේ යැයි කීය....මෙම පඨවි ධාතුව බොහෝ කොට එකතුවී සෑදුන "පෘථිවිය" කුමන හැඩයෙන් යුක්තදැයි විමසීය......ස්වාමීනි එය ඔබගේ සර්වඥ්ඥතා ඤාණයටම වැටහෙන මුත් අපට නොවැටහෙන බව භික්ශූන් කීහ ( අහං නජානාමි-භගවා ජානාමි )......මහණෙනි,මෙම පෘථිවිය මා අතැඹුලක්සේ අවබෝධ කර ගන්නා ලදී යැයි බුදුන් පිළිතුර දුන්හ.........
අතැඹුලක් යනු අතට ගත් නෙල්ලි ගෙඩියකි...නෙල්ලි ගෙඩියක් පූර්ණ ගෝලයක් නොවේ....එලෙසින්ම පෘථිවියද පූර්ණ ගෝලයක් නොවේ.....බුදුන් එසේ කීවේ තම විද්යා චරණ සම්පන්න ගුණයත් ලෝක විදූ ගුණයත් නිසාය.....පසු කාලීනව භාරතයේ බිහිවූ "ආර්ය භට්ට" නම් ගණිතවේදියා පෘථිවිය සහ සම්පුර්ණ සූර්ය ග්රහ මණ්ඩලයේම පිහිටීමත්, පෘථිවිය අක්ශයට ඇති ඇලය අංශක 23 කලා 30 ක් බවත් ඒ ඒ ග්රහයන්ගේ පථයන් ගැනත් හරියටම අංශකයට කලාවට කීවේය.....බුද ග්රහයාගේ පථයේ ඇති සංකීර්ණ බවද මැනවින් පැහැදිළි කලේය.......
සංස්කෘත භාෂාවෙන් පෘථිවිය ගැන හදාරන විෂයයට "භූ ගෝල විද්යාව" යැයි කීවේ මීට වසර 3000 ට පෙරය........ එම වචන්යේම "ගෝලය" යන හැඩයද ගැබ්වී තිබේ....එහෙත් මෑතක්ම වනතුරු බටහිර මිනිසුන් සිතා සිටියේ පෘථිවිය "තැටියක් " බවයි.....
අවාසනාවට පාසලේදී සරසවිවලදී අපට උගන්වන්නේ මේවා ගැන මුලින්ම ලොවට හෙලි කළේ ක්රි .ව. 1600 න් පසුව ඉපදුන ගැලීලියෝලා ,කොපර්නිකස්ලා බවයි......
ඒවා පමණක් හදාරා ඇති අපේ රටේ “විද්වතුන්” බොහෝමයක්ද අපට කියන්නේ කොපර්නිකස්ලා,ගැලීලියෝලා සහ නිව්ටන්ලා ලොවට සත්ත්ය හෙලි කල බවත් බුදුන්ගේ දැනුම යල් පැනගිය අදට නොගැලපෙන ඒවා බවත්ය....ඔවුන් නොදන්නා කාරණයද එයයි......පෙරදිග සිට සේද මාවත ඔස්සේ ගිය අරාබි වෙලදුන්ගෙන් මෙම දැනුම කොපර්නිකස්ලා ඉගෙන ගත්තා විනා මේවා ඔවුන්ගේ සොයා ගැනීම් නොවෙන බව අපට වසන් කොට ඇත.....
අභයගිරියේ සිදු කළ කැණීම් වලදී වසර දෙදහසකට ආසන්න පැරණි උත්තල සහ අවතල කාච සහ දුරේක්ෂ වල නටඹුන් සොය ගත්තේය...ඒත් අපට පාසලේදී උගන්වන්නේ දුරේක්ෂ්ය සොය ගත්තේ ගැලීලියෝලා බවයි....මේවා ගැන කතා කරන අය පසුගාමී නොදියුණු පුද්ගලයන් යැයි මෙම නූතන විද්යාවන්ගෙන් මත්වූ විද්වතුන් ඔවුනට චෝදනා කරති......
"කාලෝ අයංථේ".......
--- චාමර වන්නිආරච්චි -----

Comments
Post a Comment