අපි නොදන්න තේ.......
චීනයේ විසූ අධිරාජයා සිහිනෙන් බුදු රුවක් දැක්කේය.......පසුදා අවදි වුන ඔහු තම උපදේශකයන් කැදවා ඒ ගැන විමසුවත් ඔවුන් කිසිදා බුදුන් හෝ භික්ශූන් නොදැක සිටි නිසා නිරුත්තර වීය.........පසුව අධිරාජයා දූත කණ්ඩායම් විස්සක් විවිධ දිශාවන් ඔස්සේ පිටත් කොට යවන්නේ මෙම හැඩයට සමාන රූපය සහිත රුව සහිත පුද්ගලයන් ලොව සිටීදැයි දැනගැනීමේ අරමුණෙන්ය.....
මාස ගනන් කාලය ගෙවා භාරතයට පැමිණි දූත පිරිසට බෞද්ධ භික්ශූන් තැනින් තැන සිය දහස් ගනනින් දකින්න ලැබී ඉමහත් සතුටක් ඇතිවිය......
...
දකුණු ඉන්දියාවේ පල්ලව රජුගේ පුත්රයා "බෝධි ධර්ම" නමින් පැවිදිව නාලන්දා සරසවියේ ඉමහත් ප්රසිද්ධ විද්වතෙක් ලෙස ප්රකටව සිටි අතර චීන දූත පිරිස උන්වහන්සේට චීනයට වඩින ලෙස ආරාධනා කලහ.....
එය පිළිගත් බෝධි ධර්ම හිමි චීනයට වැඩම කලහ....උන්වහන්සේ චීනයට බුදු දහම හදුන්වා දුන්නේ අධිරාජයගේ ඉල්ලීම අනුවය....මෙය ධ්යාන භාවනාවට මුල් තැන දුන් මහායාන බුදු දහම විය......චීන්නුන්ට ධ්යායාන යන වචනය උච්චාරණය අපහසුවූ නිසා "චාන්" ලෙස එය කියැවීය......එය ජපානයට හදුන්වා දුන් පසු "සෙන්" විය.....
චීන අධිරාජයා සුවිශල් මාලිගාවක් ඉදි කරවා උන්වහන්සේට පූජා කලද ඒ හිමි එය ප්ර්තික්ෂේප කරමින් "ටායි" කන්දේ ගල් ලෙනක වැඩ සිටියේය......... දවසේ පැය විස්සක් අවදිව සිටි බෝධි ධර්ම හිම්ට නිදිමත පරාජය කරගැනීමට අවශ්යව සිටියේය...දිනක් භාවනාව වඩා අවසනදී මේ ගැන සමාධි සිතින් අරමුණු කළ හිමිට එම ටායි කන්දේ සුලභව වැඩී තිබූ පදුරු සහිත ශාඛයක් දර්ශණය විය......
මේ ටායි කන්දේ පැලෑටියේ ලා කොල සහ දලු උණු ජලයෙන් තම්බා නිතර නිතර පානය කිරීමෙන් උන්වහන්සේට නැවුම් බවක් ඇතිවී නිදිමත තුරන් විය.................කාලයාගේ ඇවෑමෙන් මෙම "ටායි" පානය චීනයේ "චාන් බෞද්ධ" ආරාම වලටත් ඉන්පසු චීනය පුරාත් පැතිර ගියේය........
බටහිර ජාතීන්ට "ටායි" යන්න ශබ්ද කිරීමට අපහසුවූ නිසා "ටී" ලෙස උච්චාරණය කරන්නට විය...එය ලන්කාවට පැමිණි පසු "තේ" විය.....හින්දි භාෂාවෙන් තේ හදුන්වන්නේ "චායි" යනුවෙනි.......
----චාමර වන්නිආරච්චි-----

Comments
Post a Comment