එක්සත් ජාතීන්ගේ තුන්වන මහලේකම් ඌ තාන්ට්......



බුරුම ජාතික ඌ තාන්ට් තමය් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තුන්වන සහ හතරවන ධූර කාල වලදී එනම් 1961 සිට 1971 දක්වා මහ ලේකම් තනතුර හොබවන ලද්දේ......
...
දකුණු දිග බුරුමයේ “පන්ටනාව්” ග්රාමීය පෙදෙසේදී උපත ලද තාන්ට් යැංගූන් සරසවියේ පෙරදිග දර්ශණය සහ රාජ්ය පරිපාලනය පිලිබද උපාධි ධරයෙක්........

බොහෝමයක් බුරුම බෞද්ධයන් මෙන් පාසල් සමයේදී තාවකාලික ලෙස වන සෙනසුනක පැවිධි වන තාන්ට් එහිදී විපස්සනා භාවනාව හදාරන්නෙ ඉතාමත් උනන්දුවෙන්...........ඉන් පසුවත් මෙය දිනපතාම පුහුණු වන්න්ට තාන්ට් අමතක කලේ නැහැ......

පසු කාලෙකදි UN මහලේකම් තනතුරේ වැඩ කරගෙන යද්දී ලොව පුරා බැරෑරුම් ගැටලු නිරාකරණය කරද්දි තමනට මෙම භාවනාවෙන් ලද උපේක්ෂා සහගත සිත උපකාරවූ වග තාන්ට් පසුකාලේදි සදහන් කරනව......එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තම සහෝදර සේවකයන්ට භාවනාව හදුන්වාදීමට මැලොසියාවේ භාවනා මධ්යස්ථානයක් තාන්ට් අරඹන්නේ හැටේ දශකයේ......

ඔහුගේ කාලය තමය් දෙවන් ලෝක යුද්දයෙන් පසු ලොව ඉතා බිහිසුනුම සටන් ඇවිලුනු කාලය....
වියට්නාම් ඇමෙරිකානු යුද්දය,කොංගෝ යුද්ද්ය,කියුබානු මිසය්ල අර්බුදය,ඊශ්රායෙල් අරාබි ගැටුම විතරක් නෙවෙය් බංග්ලාදේශ නිදහස් සටන වෙනුවෙන් හටගත් ඉන්දියානු පකිස්ථාන් යුද්දයටද මැදිහත් වීමට ඌ තාන්ට් මහතාට සිදු වුනා............

මෙම සෑම අවස්ථාවකදීම ඉතාමත් මැදිහත් තීන්දු තීරන ලබාදුන් ඌ තාන්ට් වියට්නාමය තුලදී ඇමෙරිකානු හමුදාවන් සිදු කල බෞද්ධ මිනිස් සංහාරයට ඇමැරිකානු ජනාධිපති ජෝන් කෙනඩිට ප්රසිද්ධියේම චෝදනා කරමින් ඇමෙරිකානු හමුදාවන් වියට්නාමයෙන් ඉවත් කරවීමට සෘජුවම මැදිහත් වුනා......

අපක්ෂපාතී සෘජු තීරන නිසාම ඇමෙරිකාවේ උදහසට ලක්ව සිටි ඌ තාන්ට් 1971 දී තම දෙවෙනි ධූරය නිම කලේ ඔහුට වැලදුන පෙනහලු පිලිකාව හේතු කොටගෙනය්.......

තුන් වන වරටත් මහ ලේකම් තනතුරේ වැඩ කරන ලෙස ලෝක බලවතුන් ඔහුගෙන් ඉල්ලුවත් ඔහු එම ඉල්ලීම් ඉවත දමමින් සමු ගත්තා.....මෙම තනතුරේ දෙවරක් සිටි එකම පුද්ගලයා තාන්ට් වීමෙන්ම ඔහුගේ සේවාවේ අති අපක්ෂපාතී බව ලැහැදිලි වෙනවා....

1971 දී පෙනහලු පිලිකාවක් වැලදුනත් නිව් යෝක් නගරය වැනි ඉහල මට්ටමේ සෞඛ්ය පහසුකම් ඇති තැනක වාසය කලත් තාන්ට් කිසිදු ප්රථිකායක් නොගැනීමට තීරණය කලා......

1971 සිට 1974 දී ඔහු මෙලොව හැර යන තෙක්ම තම පෙහහලු වල හටගත් වේදනාව අරමුණු කරමින් "වේදනානුපස්සනා භාවනාව " වැඩූ තාන්ට් තම අත්දැකීම් පසුව සටහන් කලා......

සිහි නුවනින් යුතුව 1974 දී දිවියෙන් සමුගත් ඌ තාන්ට් ගේ දේහය භාර ගැනීමට හෝ එයට ගෞරව දැක්වීමට එවකට බුරුමයේ සිටි හමුදා ජුන්ටාව කැමැති වුනේ නැහැ....

නමුත් බුරුම ජනයා ඔහුට බෙහෙවින් ගරු කලා....යැංගූන් ගුවන් තොටට ගෙනා දේහය යැංගූන් සරසවි සිසුන් සහ දහස් ගනන් ජනයා විසින් පෙරහකින් රැගෙන් ගියේ රජයේ හමුදාවන්ගේ විරෝධයද නොතකා......

යැංගූන් සරසවි බිමිට බලෙන් ඇතුලුවූ බුරුම හමුදාව සරසවි සිසුන් පිරිසක් ඝාතනය කර ඌ තාන්ට්ගේ දේහය බලෙන් රැගෙන ගොස් "ශ්වේදගෝන් දාගැබ" වෙත දිවෙන මාර්ගය ආසන්නයේ මිහිදන් කරනු ලැබුවා.......

ඉතා කුඩා ගැටලු වලදීත් සිය දිවි හානි කරගන්නා දහස් ගනන් මිනිසුන් අතරේ ලෝකයේ ගැටලු වලදී මෙන්ම තමා තුල හටගත් පිලිකාව හමුවේ නොසැලී සිටි ඌ තාන්ට් මෑත කාලයේ ලොව පහලවූ මහා වීරයෙක්........


-- චාමර වන්නිආරච්චි ---

 

Comments

Popular Posts