මින් මතු කිසිදාක යන්නෙහිද ......?

Elton John ගෙ sacrifice සින්දුව මම මුලින්ම ඇහුවේ 1994…..එතකොට මම 10 වසරේ..ඒකෙ තේරුම නම් දැනගෙන හිටියේ නැති වුනාට ඔහුගේ ගායනයේ තිබුන මිහිර නිසා පස්සෙ කාලෙක එහි තේරුම හොයන්න මම පෙලඹුනා......එහි පදවැල් අතරේ තිබුනෙ ලෝකයේ ඉතාම සුලභ මාතෘකාවක්...

It's a human sign
When things go wrong
When the scent of her lingers
And temptation's strong
Into the boundary
Of each married man
Sweet deceit comes callin'
And negativity lands
Cold cold heart
Hard done by you
Some things looking better baby
Just passin' through
And it's no sacrifice
Just a simple word
It's two hearts livin'
In two separate worlds
But it's no sacrifice
No sacrifice
It's no sacrifice at all
Mutual misunderstandin'
After the fact
Sensitivity builds a prison
In the final act
We lose direction
No stone unturned
No tears to damn you
When jealousy burns
Cold cold heart
Hard done by you
Some things looking better baby
Just passin' through
And it's no sacrifice
Just a simple word
It's two hearts livin'
In two separate worlds
But it's no sacrifice
No sacrifice
It's no sacrifice at all
Cold cold heart
Hard done by you
Some things looking better baby
Just passin' through
And it's no sacrifice
Just a simple word
It's two hearts livin'
In two separate worlds
But it's no sacrifice
No sacrifice
It's no sacrifice at all
No sacrifice at all
No sacrifice at all
No sacrifice at all

විවාහය කියන බන්ධනය ඇතුලේ කලක් තිස්සේ හිරවෙන මිනිස්සු ඒකාකාරී බව නිසාම වරදේ බැඳීම ලෝකයේ කවදත් තිබුන දෙයක්...පංච ශීලයේදි "කාමේසු මිච්ඡාචාරා" කියල තියෙන්නේ ඒ "කොටු පැනිල්ල" කොටු කරන්න කරන උත්සාහයක්...මොකද මිනිසා කිසිදා සෑහීමකට පත් නොවන නිසා...... ආදරය කරන කාලේ බොහෝ සේ ගැලපෙනවාය කියල හිතන මිනිස්සුම විවාහයෙන් ටික දවසකට පස්සේ ලෝක දෙකක තනි වෙනව...එහෙම තනිවෙලා ඉන්දෙද්දිත් වරදේ නොබැඳී අනෙකා වෙනුවෙන් ජිවිතය "පරිත්යාග කිරීම" ගැන තමයි Elton John මේ ගීතය පුරාම කියන්න උත්සාහ කරන්නෙ ...

අසූව දෂකයේ මැද භාගය කියන්නෙ මගේ වයස අවුරුදු පහයි.....මට යාන්තම් මතකයි අපේ ගමට එහා ගමේ මිනී මැරුමක් සිදුවුනා..අපේ ගමේ පාසල් යන තරුණයෙක් එහා ගමේ මැදිවියේ කාන්තාවකට පිහියෙන් ඇනල ඝාතනය කරල......එම නිවසට දහවල් කාලයේ ගියපු මේ පාසල් සිසුවා ගෙදර සිටි කාන්තවගෙන් බීමට වතුර එකක් ඉල්ලල තිබුන...ඇය ගේ ඇතුලට ගිහිං වතුර වීදුරුව ඔහු අතට දෙනවාත් සමගම ඔහු ඇයට පිහි පහරවල් කීපයක් එල්ල කරල එහෙමම ගිහින් අක්මීමන පොලීසියට බාර වෙලා තිබුන....මේ ගැන තොරතුරු හොයනකොට දැනගන්න ලැබුනෙ ඔහුගේ පියා අර කාන්තාවත් එක්ක අනියම් සබඳතාවක් නිසා පියාගේ වැටුපෙන් වැඩි කොටසක් එම කාන්තාවට ලබා දුන් බවත් නංගිලා මල්ලිලා තුන් දෙනෙක් ගේ වැඩිමහල් සොහොයුරා වුන ඔහු තම පවුලේ සාමජිකයන් විඳින පීඩාව නිසාම ඇය ඝාතනය කළ බවත්...පියාගේ නොමනා හැසිරීම නිසා තම මවත් බාල සොහොයුර සොහොයුරියනුත් විඳි දුක අවසන් කරන්න හිතාගෙන ක්රියාත්මක වුන ඔහු අවසනදී පාසල් වයසෙම නැවතුනේ වැලිකඩ හිර ගෙදර.....කාලයාගේ ඇවෑමෙන් ඔහු හිරෙන් නිදහස් වෙලා මේ වෙනකොට shipping සමාගමක තමන්ගෙ පාඩුවෙ සේවය අක්රමින් හොඳින් ඉන්නව....

තමන්ගේ සහකරු හෝ සහකාරිය වරදේ බැඳුන බව දැනගත්තම ඔහුට හෝ ඇයට සමාව දෙන්න හැමෝටම පුලුවන්ද....? මම දන්නා බොහෝ අයගේ මෙවැනි සිදුවීම වලදි නම් ඔවුන් ලෝකයට පේන්න හෝ සමාව දීලා තම සහකරුගේ සහකාරියගේ හැසිරීම උපේක්ෂාවෙන් විඳ ගන්න බව දැකල තියෙනව. තමන්ට ලෝකයට මුහුණ දෙන්න බැරි නිසා සියලුම දේ යටපත් කරගෙන හංඟාගෙන ඉන්න අයත් ඉන්නව........ මිනිසා කියන සත්ත්වයා සංස්කෘතිය කියන පද්ධතිය මඟින් හිර කරල තබා ගන්න උත්සාහ කලත් ඔහුගේ චිත්ත සන්තානයේ යටින් තියෙන සත්ත්ව ලක්ෂණ ඉස්මතු වීම අහම්බයක් නෙවෙයි....විවිධත්වය ඔස්සේ දුවන්න දඟලන ඔහු හෝ ඇය ඒකාකාරෙ බව තුර සිර කරල තියන එක පහසු දෙයක් නෙවෙයි....හැමදාම එකම විධියට උයන ගෙදර කෑම එපා වෙලා ඉඳල හිටල හෝ කඩෙන් කන්න කවුද අකමැති......?

එකතරා තරුණ ස්වාමියෙක් තමගේ තරුණ බිරිඳට අසීමිත ලෙස ආදරය කරනව...ඔහු ඇය වෙනුවෙන් සලසන්න පුලුවන් උපරිම සුව පහසුව සලසන්න දෙවරක් නොසිතන්නේ ඇය තමා වෙතම කෙසේ හෝ ආසක්ත කොට තබා ගන්න....ඒ කෙසේ වෙතත් ඔහුටත් නොදැනීම ඇය ඔහු හැරදමා යන්නේ “තහනම් ගහේ ගෙඩි වල තියෙන රස දැනිලා”…. එය මිනිසුන්ගේ සිතේ හටගන්න කෙලෙස් වල වරදක් මිසක් ඇයගේ වරදක් නොවෙන බව සිතන ඔහු ඇය දෙස උපේක්ෂාවෙන් බලල ඇයට සමාව දෙනවා....ඇයට තමන්ගෙන් සිදුවුන අඩු පාඩු මොනවාදැයි කියා ඇයගෙන් අසන ඔහු ඒ භෞතික සම්පත් සියල්ලම ලබා දෙන්න පොරොන්දු වෙන ගමන් ඇයගෙන් අහනව "මීට පස්සෙ කවදාවත් ඔබ මා තනිකරල මගේ හදවතේ පහන නිවල අන් ඇසුරකට යන්නේ නැහැ නේද සොදුරිය " කියල..එක පැත්තකින් බැලුවම මේ කෙනෙකුට "නෝංජල් කමක් "ලෙස දකින්නත පුලුවන්...නමුත් කෙනෙක් එකම වරද නැවත නැවත කරන්නෙ නැතිනම් එවැන්නෙකුට සමාව දීම වරදක් නොවෙයි...මොකද වැරදි සිදුවීම මිනිස් ගතියක් නිසා.......

බඹර තුඩු ගා නැති කුමුදු මලකින් පෙති
ගෙනෙමි දුර ඈත විලකින් බලා.....
ඒ මැද ඔබෙ යහන සාදන්නෙ නා දල්ලෙනුයි සුවඳ උලා…….

අරුණ පිනි බිංදුවයි පියුමෙ මකරංදයයි
පොවමි මේකුළක කලතා නිවා.....
මින් මතු කිසිදාක යන්නෙහිද හද රන් ලෙනේ පහන නිවා...

මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ දැවටී රන් හුයෙන් හද පුරා සැනසිලා....
ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන් නොසරා මල් කැලේ රොන් සොයාලා රොන් සොයාලා…….

පද ගෙත්තම : කරුණාරත්න අබේසේකර
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=NrLkTZrPZA4
https://www.youtube.com/watch?v=Ni6GnSLQ9nU

Comments

Popular Posts