යුධ කලාව.......
යුධ කලාව හෙවත් Art of War කියන්නේ ලොවම පිලිගත් යුධ ශිල්ප ගැන ලියවුන පොත.........
යුධ ශිල්ප කිව්වට කඩු දුනු ඊතල බෝම්බ කාල තුවක්කු හෝ භාග තුවක්කු ඇතුලු කිසිවක් ගැන මේ පොතේ සඳහන් වෙන්නෙ නැහැ. ....
...
පරිච්ඡේද දහතුනකින් යුත් මෙය ලියැවී තියෙන්නෙ යුධ උපක්රම සහ ක්රමවේද ගැන පමණයි....යුද්ධයක් දිනවීමට අවැසි න්යායාත්මක ක්රමවේදය තමයි මෙහි අන්තර්ගතය. .....
සුන් ට්සු නම්වු චීන හමුදා ජෙනරාල් වරයා විසින් ක්රිස්තු පූර්ව පස්වන සියවසේදී රචිත මෙම විශිෂ්ඨ පොත චීනය පමණක් නොව තවත් බොහෝ පෙරදිග රටවලදී ඇතිවූ යුධ ක්‍රියාදාමයන්ට ගුරැ කොට ගත්තා. ....ක්රි.පූ.හයවන සියවසේ චීනයේ විසූ බුදුන්ගේ සමකාලීන මහා දාර්ශනික කොන්ෆියුසියස් තුමාගේ ඉගැන්වීම් යුධ කලාවට බලපා ඇති බව ඒ ගැන හැදෑරීමේදී දැනෙනව........
සුන් ට්සුගේ ගුරැවරයා කොන්ෆියුසියස් තුමාගේ විශිෂ්ඨ ගෝලයකු බවයි කියවෙන්නේ. ....
ක්රි.ව.1772 දී මෙය මුල් වරට ප්රංශ භාෂාවට නැගීමෙන් පසු තමයි බටහිරයෝ පෙරදිගයන්ගේ යුධ කලාව ගැන මුල් වරට දැන ගත්තේ...
කොහොම උනත් එහිදී එම ප්රංශ ජාතිකයා පොතට තමන්ගේ පෞද්ගලික කරැණු එක් කල බවට විචාරකයින් චෝදනා කරනව.....
1910 දි Art of War නමින් කල ඉංග්රීසි පරිවර්තනය මුල් පොතට සාධාරණ ඉටු කල බවයි කියවෙන්නේ....
ලංකාවේ ඊලාම් යුද්ධය අවසන් කිරීමේදී සුං ට්සුගේ යුධ කලාව තමන්ට ඉතා වැදගත්වූ බව එවකට හිටපු හමුදා පතිවරයා කිවව...
අද වන විට Art of War කියන්නේ නිකම්ම නිකං යුධ පොතක් පමණක් නෙමෙයි.........හාවඩ් කැලිෆෝනියා වැනි සරසවිවල ව්ය්පාර පරිපාලනය රාජ්ය පරිපාලනය නීතිය වැනි පශ්චාත් උපාධි වලට ගුරැ කරගන්නා පොතක්...එය ඒ තරම් සර්ව කාලීන සර්ව විෂය උපකාරක පොතක්....
චීන්නු අතීතයේ සිටම දක්ෂයො...වෙඩි බෙහෙත් මාලිමාව ඇතුලු බොහෝ දේ ඔවුන් සොයා ගත්තත් යුධ කලාව දැන සිටියත් ඔවුන් කිසිදා ප්රථුගීසීන් ලංදේසීන් ඉංග්රීසින් ප්රන්ංශ ජාතිකයින් මෙන් අනෙක් රටවල් ආක්රමණය කරන්නවත් තමන්ගේ ආගම බලාත්කාරයෙන් පටවන්න උත්සාහ කලේ නෑ.........
සෙන් බුදු දහමත් කොන්ෆියුෂියානු දහමත් තාඕ දහමත් යන විශිෂ්ඨ දර්ශණයන් තුන ලිප් ගල් තුනක් මත සමබරව මුට්ටියක් තබන්නා සේ චීනය ලොව බලවතා බවට පත් කලා....බෞද්ධයන් කිසිදා අන් මිනිසුන් යටත් කර නොගන්නා බවට චීන්නු තමයී ශාක්ෂිය......නමුත් මාක්ස්වාදයෙන් හීස උදුම ගත් මාඕ සේතුං තිබ්බතය යටත් කොට ඒ වැදගත් කම නැති කරගත්ත....
ප්රංශයේ නැපෝලියන් බොනපාට චීනය යනු නිහඬ යෝධයකු බවත් අවධි වුවහොත් සියල්ල යටපත් වන බවත් කීවේ ඒ නිසා වෙන්න ඕන...........
අමෙරිකානු ඩොලරය යටපත් කර චීන යුආනය ලොව බලවතා වීමට ඇත්තේ තව ටික කාලයි.....
එක් පැත්තකින් බැලුවම අපේ ජීවිතෙත් පුංචි යුද්ධයක් වගේ....ඉතිං ඔබේ ජීවන යුද්ධයෙදීත් "යුධ කලාව" පොත ඔබට වැදගත් වන්නේ කෙසේදැයි උත්සාහ කර බලන්න.......
------ චාමර වන්නිආරච්චි ------

Comments
Post a Comment