පේන කියන්නන් බලා සිටියාසේ ඇත්ත තොරතුරැ කියන්නේ කෙසේද ?
සූත්ර පිටකයේ "සම්ප්රසාධනීය" සූත්රයට අනුව කෙනෙකුට තවත් කෙනෙකුගේ සිත් කියවිය හැකි ආකාර හතරක් ඇත....
මින් එක් ක්රමයක් වර්තමාන "පේන කියන්නන්"බහුලව යොදා ගනී.......
මොවුන් මෙවැනි ස්ථානවල "දේව වරමින් පේන කියනු ලැබේ" යන්න බොහෝ විට ප්රදර්ශණය කර ඇතත් මෙහිදී ඔවුන් සහාය කරගන්නේ ඇතැම් ප්රේතයන් විනා දෙවියන් නොවේ......
සම්ප්රසාධනීය සූත්රයට අනුව ඕනෑම මිනිසකුගේ සිතේ විතර්කයන් (චෛතසික හෙවත් සිතිවිළි ) හට ගන්නා විට ඊට ආවේණික හඬක් නිකුත්වේ.....මෙම හඬ "විතක්ක විප්පාරක හඬ" ලෙස හඳුන්වන අතර මෙය සාමාන්ය මිනිසුන්ගේ පංචේන්ද්රියනට ගෝචර නොවන නමුත් යම් කිසිවෙක් හතරවන ධ්යාන මට්ටමට සිත දියුණු කළ විට දැනෙන්නට පටන් ගනී.....එසේම මිනිසුන්ට වඩා ඉන්ද්රීයයන් තියුණු ඇතැම් ප්රේතයන්ටද මෙම හඬ ගෝචර වේ....
මන්ත්ර හෝ වෙනත් ගුප්ත විද්යාත්මක ක්රමවේද ඔස්සේ මෙවන් ප්රේතයන් තම ග්රහණයට ගන්නා පේන කියන්නන් ඔවුන් සමග සන්නිවේදනය අරඹයි.....
යම් කෙනෙක් මෙවැනි පේන කියන තැනකට ගියවිට එම කට්ටඩියා විසින් තමා බන්ධනය කරගෙන සිටින ප්රේතයා එම සේවා අපේක්ෂිත පුද්ගලයාගේ මනස වෙතට යොමු කරයි...ඒත් සමගම ප්රේතයා විසින් ඔහුගේ විතක්ක විප්පාරක හඬට සවන්දීම අරඹන අතර ඒ අනුව එම මොහොතේ ඔහු සිතනු ලබන දෙය කට්ටඩියා වෙතට සම්ප්රේෂණය කරයි...ක්ෂණිකවම ඔහුගේ මනස අදාළ ප්රේතයාගේ ග්රහණයට ලක්වන අතර ඔහුගේ තොරතුරැ,පවුලේ තොරතුරැ,නිවසේ තොරතුරැ නිවැරදිව කීමට කට්ටඩියා සමත්වේ......
ඔහු යම් සොරකමක් ගැන විමසීමට ගියේ නම් ඔහු විසින් එම සොරකම ගැන සැක කරන පුද්ගලයාගේ තොරතුරැද මනසේ සටහන් වන බැවින් කට්ටඩියා විසින් එම තොරතුරැ නැවතත් ඔහුටම ලබා දේ.....
මෙම රහස් යාන්ත්රණය නොදන්නා සේවා අපේක්ෂකයා කට්ටඩියා ලබා දෙන තොරතුරැ වලින් "අමන්දානන්දයටත් මුලාවටත්" පත්වී කට්ටඩයා විසින් විශ්මිත ලෙස තම නිවැරදි තොරතුරැ හෙලි කළ බවත් පවසයි.....
එවැනි අවස්ථා වලදී කට්ටඩියාගේ ප්රයත්නය අසාර්ථක කරමින් එම ප්රේතයාගේ ග්රහණයට හසු නොවී සිටිය හැකි ආකාරයද මෙම සම්ප්රසාධනීය සූත්රයේදී බුදුන් විසින් දෙසා ඇත.......
වර්තමාන අන්තර් ජාල තොරතුරැ සොරකමටත් වඩා "සූක්ෂම සහ අතීන්ද්රීය සොරකමක්" වන මෙය හේතුවාදයේ මහප්පා වන ඒබ්රහම් ටී.කොවුර් වැනි ලාමක පෘථග්ජනයන්ගේ "පංචේන්ද්රියනට" ගෝචර නොවන නමුත් බුදුන්ගේ "සර්වඥතා ඥාණයට" පමණක් ගෝචර වන බව කරැණාවෙන් සලකන්න....
-----' චාමර වන්නිආරච්චි -----

Comments
Post a Comment