සැනසීමට මග.....


Eckhart Tolle කියන්නෙ 1948 පෙබරවාරී 16 වනදා ජර්මනියේ Lunak වලදී උපන්නෙක්...කුඩා කාලෙ සිටම "මම කවුද ?" කියන ප්රශ්නයට ඔහු විවිධ ...ආගමික සහ දාර්ශණික මතවාද ඔස්සේ විසඳුම් සෙව්වත් අවසානයේ ඔහු වෙහෙසට පත් වෙනව.....


මේ ජීවිත ගවේශණය පර්යේෂණය නිමක් නැතුව සිදු කරන අතරතුර ඔහු 1995 දී කැනඩාවේ වැන්කුවර් නගරයේ පදිංචියට පැමිනි පසු දිනක ඔහුට තමා තුලින්ම අවධිවූ අන්තර්ඥාණය හරහා විශ්වයේ සතුටින් සිටිය හැකි පහසුම මගක් ගැන අවබෝධයක් ඇතිවෙනව....මේ ගැන නැවතත් ස්වයං අධ්යයනයක යෙදෙන Tolle තම අවබෝධය තහවුරැ කරගනිමින් "The Power of Now "හෙවත් "මේ මොහොතේ බලය" කියන අගනා පොත 1997 දී ලියනව...මුලින් මුලින් මෙයට ප්රතිචාර අඩු වුවත් වසර කීපයක් තුල New York Times වාර්තා තබමින් ලොව වැඩියෙන්ම අලෙවි වූ පොත බවට පත් වෙනව....මෙම පොතේ වැඩිම පිටපත් ගනන අලෙවි වන්නේ අතීතයේ ලොවට මහා දාර්ශණිකයන් දායාද කල ඉන්දියාවෙදි...(මෙම පොත මම මිලදී ගත්තෙත් හිමාලය පාමුල සෘෂිකේශියේ කුඩා පොත් කඩයකින්..)...දෙවෙනියට අමෙරිකාවේත් තෙවනුව කැනඩාවේත් ඉන්පසු යුරෝපයේත් වාර්තා තබමින් ජනප්රිය වෙනව.......මනෝවෛද්යවරැන්,උපදේශන වේදීන්,පෞර්ෂ වර්ධන විශේෂඥයන්,බන්ධනාගාර නිළධාරීන් ඇතුලු බොහෝ දෙනා මේ පොත තමන්ගෙ සේවා දායකයන්ගෙ කියවීමට එක හෙලා නිර්දේෂ කරනව....

මෙම පොත බලන කතෝලික යූදෙව් බෞද්ධ ඉස්ලාම් හින්දු ජෛන ඇතුලු සියල්ලන්ම කියනව මෙහි අඩංගු වන්නේ තම ආගමික නායකයාගේ අවසන් පණිවුඩය කියල.......

ඉතිං Tolle සතුටින් කියනව මම ලිව්වේ විශ්වයේ සතූටින් ඉන්න ක්රමය මිසක් ආගමික චින්තාවක් නෙමෙයි කියල......ඒකට මට කිසිම ආගමික නායකයෙකුගේ ලේබල් ඕන නෑ කියල.....මම නිරාගමිකයි කියල.....
බුදුන්ට අනුව බැලුවොත් ඔහු සියලු දෘෂ්ඨි උපාදානයන්ගෙන් මිදුන විශ්වීය ඥාණය ස්පර්ශකල නිදහස් මිනිසෙක්...මොකද අවසන් බෞද්ධ නිෂ්ඨාවත් අතීත අනාගත අන්ත අතහැර වර්තමාන මෝහොතේ ජීවත් වීම නිසා........

අපේ රටේ නිරාගමිකයෝ නම් දවස පුරාම කරන්නේ අනෙක් ආගමිකයන්ට මඩ ගහල වියරැ ආස්වාදයක් ලබන එක විතරයි.......

ඉතිං Eckhart Tolle කියන්නෙ සිල්ලර ලාමක නිරාගමිකයන්ගෙ නියම හැඩය මොකද්ද කියල හොඳින් හඳුනා ගන්න විශ්වය අපට ලබාදුන් පරමාදර්ශී මිනුමක් ........


- චාමර හිමන්ත වන්නිආරච්චි -

 

Comments

Popular Posts