සිය දිවි තොරකරගත් ඉංග්‍රීසි භික්ශුව..................
1920 දී බිරිතානි හැම්ප්ෂයර් ප්‍රාන්තයේ හුමුදා නිළ නිවාසයක දී උපන් හැරල්ඩ් එඩ්වර්ඩ් මසන්ගේ පියා බිරිතානි හමුදා නිළධාරියෙක්.....මේ හේතුව නිසාම මසන්ගේ හිත නිතරම රැඳුනෙ යුද්ධයට අදාළ දේවල්ම විතරයි....කුඩා කල සිටම ගණිතයට දක්ෂ වුන ඔහු Cambridge Senior විභාගය ඉහළින්ම සමත්වෙලා සරවියට යන්න හැදුවත් පියා ලෝකෙ පුරා මාරුවෙවී යුධ සේවයට ගිය නිසා ඔහුටත් ආසියාවට යන්න සිදු වුනා...පසුව කේම්බ්‍රිජ් සරසවියට අනුබද්ධ මග්ඩලීන් පාසලෙන් ගණිතය සහ මධ්‍යධරණී භාශාවන් ඉගෙන පියා මෙන්ම බිරිතානි හමුදා සේවයට එක් වුනේ උප ලුතිනන් කෙනෙක් ලෙස.....මසන්ගේ දක්ෂතා නිසාම ඔහුට බිරිතානි හමුධා බුද්ධි අංශයේ කැප්ටන් තනතුරකට උසස්වීමක් ලැබිල 1939 දී දෙවන ලෝක යුද්ධයට එකතු වෙන්න සිදු වුනා....
එහිදී සිදුවු මනුෂ්‍ය ඝාතන වලින් කල කිරුනු මසන් ඔහුත් සමග හමුදා සේවයේ යෙදී සිටි ඔස්මන්ඩ් මූරේ සමග ලක්දිවට පැමිණියේ පැවිදිවීමේ අරමුණෙන්......1949 දී ගාල්ලේ පොල්ගස්දූවේ පිහිටි බෞද්ධ ලෝකයේම ප්රසිද්ධවූ පොල්ගස්දූව සෙනසුනේදී( Island Hermitage )එවකට ලොවම දන්නා ජර්මන් ජාතික ඥාණාතිලෝක හිමි යටතේ පැවිදිවු ඔවුන් දෙදෙනාට ලැබුණ පැවිදි නම් වූයේ ඥාණවීර සහ ඥාණමෝලි යන දෙකයි.........
1950 දී බමබලපිටියේ වජිරාරාමයේදී උපසම්පදාව ලැබු ඥාණවීර හිමි අට පිරිකරයෙන් පමණක් යැපී ලක්දිව පුරා වන සෙනසුන්වල පාද චාරිකාවේ යෙදෙමින් භාවනානුයෝගී ප්‍රතිපත්ති ගරුක භික්ශුවක් ලෙස බෞද්ධ ලෝකයේම ප්‍රසිද්ධ වුනා.........
පසුව බූන්දල ජාතික වනෝධ්‍යානයේ හුදෙකලා කුටියක කාලය ගෙවූ ඒ හිමි ලොව පුරා සිටි බොහෝමයක් බෞද්ධ දාර්ශණිකයන් හා සාකච්ඡාවන් වල යෙදුනේත් එහිදීමයි........
යුධ සේවයේ යෙදී සිටි කාලයේ සිටම ඥාණවීර හිමි "ඇමීබා අතීසාරයෙන්" උග්‍ර ලෙස පීඩා විඳි කෙනෙක්.......කොතරම් වේදනාවන් විඳිමින් වුවත් ප්‍රතිපදාවේ යෙදුන ඒහිමි 1959 දිනෙක් තැබූ දින සටහන් වලට අනුව සෝවාන් හෙවත් පළමු මාර්ඝ ඵල අවබෝධයට පත්වූ වග පසු කාලයේ දැන ගන්නට ලැබුනා.........එහි ඇත්ත නැත්ත ගැන කියන්න පුලුවන් බුදුන්ටම පමණයි....
ඇමීබා අතීසායර නිසා නිතර හටගත් අධික උදර වේදනාව නිසාම සියදිවි තොර කරගැනීමට සිතූ ඒ හිමි භාවනානුයෝගීව සිටියදීම පොලිතින් බෑගයකින් සම්පූර්ණ හිස කොටස ආවරණය කර ගත්තේ ඔක්සිජන් හිඟවී හුස්ම හිරවී මරණය ලඟා කර ගැනීමටයි.....ඊට පැය දෙකකට පෙර ඒ හිමි සමග දීර්ග වේලාවක් සාකච්ඡා කල බිරිතානි මාධ්යාවේදියා හෝ මේ ගැන හෝඩුවාවක් දැනගෙන තිබුනේ නැහැ....
තමාගේ අධික උදර වේදනාව නිසාම පමණක් සිය දිවි හානි කරගන්නා බව ඊට පෙර හිමියන් විසින් ලිපියක ලියා තබා තිබුනා.........
කෙසේ වෙතත් ටික වේලාවක් යනවිට තම ශරීරය ඔක්සිජන් නැති කමින් ලබන පීඩාව උන්වහන්සේ භාවනානුයෝගීව නිරීක්ෂ්ණය කර තිබුනා........සිරුරට ඇතුලු වන ඉතා කුඩා ඔක්සිජන් ප්‍රමාණය බෙදා ගැනීමට අභ්‍යන්තර අවයව යෙදෙන සටන හොදින් නිරීක්ෂ්ණය වීමත් සමගම උන් වහන්සේ වහාම බෑගය ගලවා දමා තමා ලත් අත් දැකීම දින පොතේ සටහන් කර තිබුනේ මේ ශරීරයේ සහ සංසාර ගමනේ ස්වභාවය අන් අයගේ දැනගැනීම පිණිස බවයි එහි ලියා තිබුණේ....
කෙසේ වෙතත් ඊට පසුදා පෙර පරිදිම හුස්ම හිර කර ගැනීමෙන් හිමියන් සිය දිවි තොර කරගෙන තිබුනා.........
කොතරම් ශ්‍රෙෂ්ඨ භික්ශුවත් වුවත් අධික වේදනාව දරා ගත නොහැකිවීම නිසා අවසනදී තෝරාගත් විකල්පය වුනේ දිවි තොර කර ගැනීම.....බුද්ධ කාලයේ මීට සමාන සිද්ධියක් වාර්තා වෙනවා....අධික ලෙස ගිලන්ව වැතිර සිටින"ගෝධික හිමියන්" තමා මිය යාමට පෙර බලන්න එන ලෙස බුදු හිමියන්ට පණිවුඩයක් යැවු නිසා බුදුන් විසින් සැරියුත් හිමියන් ඒ වෙනුවෙන් පිටත් කර හැරියා... ලෙඩ ඇදේ වැතිර සිටි ගෝධික හිමි වේදනාව තිබියදීත් සැරියුත් හිමි විසින් ඇසූ ප්රුශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දුන්නා...කෙසේ වෙතත් සැරියුත් හිමි නැවත පිටවී අතර මග එනවිටදී ගෝධික හිමියන් දැලි පිහියෙන් ගෙල සිදගෙන දිවි තොර කරගත් වග සැරියුත් හිමිට අසන්න ලැබී ඒ ගැන බුදුන්ගෙන් විමසුවා......ගෝධිකයන් දිවි තොර කරගත්තත් අවසන් මොහොතේ සලායතන අභිබවා යමින් "අභිබායතන" නම්වූ ක්‍රමයෙන් රහත් වූ බව බුදුන් දෙසුවා.....ඔන්න ඕකයි තත්වේ.......
එහෙම වුනා කියල සිය දිවි තොර කර ගැනීම නම් අනුමත කරන්න බැහැ ඉතින් කිසි සේත්ම.......
---- චාමර වන්නිආරච්චි ------
Comments
Post a Comment