සිංහල ගීතයේ යතිවර සළකුණ.....
රඹුකන සිද්ධාර්ථ හිමි කියන්නේ අපේ රටේ සිටින සුවිශේෂි යතිවරයන් වන්හන්සේ කෙනෙක්.........මාතර දිස්ත්රික්කයේ දෙනියාය ආසනයේ පිහිටි "රඹුකන" කියන දුෂ්කර ගම්මානයේදී 1950 උපන් උන්වහන්සේගේ ගම බොහෝ දෙනෙක් වරද්දන්නේ "රඹුක්කන" කියලා.......මේ වැරදීම ගැන උන්වහන්සේ කීප වරක්ම රූපවහිනී ගුවන් විදුලි වැඩසටහන් වලදී පෙන්වා දුන්නා......
"නච්ඡ ගීත වාදිත”...ආදීවූ සිල් පදයෙන් භික්ශූන්ට ගීත අකැප වුවත් සිද්ධාර්ථ හිමියන් තම පෑන මෙහෙයවන්නේ පුදුමාකාර සංයමයකින් සිල් නොබිදෙන ලෙසයි... කිව්වොත් කිසිවෙක් මා සමග උරණ වන එකක් නැහැ.......
මාලිනි බුලත් සිංහල ගයන පිපෙනා මලකට ගීතය... සංසාරේ අපි තාම ඉන්නවා ගීතය...........ගුණදාස කපුගේ ගයන සරණක් නැති පිහිටක් නැති....අපි අසරණවෙලා වගේ ගීතය......දිවුල්ගනේ ගයන වෙහෙරක් වගේ දන් දුන් කෙනෙක් ගීතය...ලාදළු බෝපත් ගීතය ........වික්ටර් රත්නායකයන්න් ගයන බුදු හාමුදුරුවො අපිත් දකින්නැති ගීතය.....දීපිකා ප්රියදර්ශණී ගයන කඳුලු හෙලා නෑඹිලියට ගීතය.....ටී එම් ජයරත්න ගයන සියක් ආයු ලැබ ගීතය වැනි ගීත වලදී උන්වහන්සේ එම සංයමයත්,බුදු ගුණයත් මැනවින් ඉස්මතු කරල තියෙන්නේ තමන්ගේ සීලයට බාධා නොවෙන අයුරින්.....
තොටගමුවේ සිරි රහල් හිමි,වීදාගම මෛත්රී හිමිගෙ පරම්පරාවේ වර්තමාන පුරුක රඹුකන සිද්ධාර්ථ හිමි කිව්වොත් එය අතිශයෝක්තියක් නෙමෙයි...........
ස්වාමීනි ඔබට දීර්ඝ ආයු වේවා......!
----චාමර වන්නිආරච්චි-----
තොටගමුවේ සිරි රහල් හිමි,වීදාගම මෛත්රී හිමිගෙ පරම්පරාවේ වර්තමාන පුරුක රඹුකන සිද්ධාර්ථ හිමි කිව්වොත් එය අතිශයෝක්තියක් නෙමෙයි...........
ස්වාමීනි ඔබට දීර්ඝ ආයු වේවා......!
----චාමර වන්නිආරච්චි-----
Comments
Post a Comment