නිහඬ බවේ හඬ....
පෙරදිග සංගීතය සිතියම්ගත කල පැරණි ගාන්ධර්වයෝ ශබ්දය ප්රධාන කොටස් දෙකකට වෙන් කලහ...අපගේ කනට ඇසෙන, සංගීත නිර්මාණ සඳහා යොදාගත හැකි නාදය "ආහත නාදය " ලෙසත්....අපට සාමාන්ය ජීවිතයේදී නෑසෙන ශබ්දය "අනාහත නාදය " වශයෙනි.........
සංයුත්ත නිකායේ "සනමාන සූත්රයේදී " අමාවක පොහෝ දිනක ඝන අන්ධකාරයෙන් වැසුනු පාරිලෙයිය වනයේ හුදෙකලාව වැඩ සිටි බුදුන් අභියසට මධ්යම රාත්රියේදී පැමීණෙන "සනමාන දිව්ය පුත්රයා " බියෙන් තැතිගෙන ප්රශ්නයක් යොමූ කලේය...
...
ස්වාමීනි,පක්ෂීන් පවා ඉසිඹු ලන්නාවූ මේ අන්ධකාර හුදෙකලා අතිශයින්ම නිහඬ රාත්රියතදී මට මහා බයක් ඇතිවේ,ඔබ වහන්සේට එය කෙසේ දැනේද ?
සනමානයෙනි, පක්ෂීන් පවා ඉසිඹු ලන්නාවූ මේ අන්ධකාර හුදෙකලා අතිශයින්ම නිහඬ රාත්රියේදී සියලුම කෙලෙසුන්ගෙන් මිදුන මට මහා නිරාමිස සුවයක් දැනේ......එය නිහඬ බවේ හඬයි .......
අප ජීවත්වන සෑම චිත්තක්ෂණයක් තුලම අප තුල අභ්යන්තර හඬක් ක්රියාත්මක වන අතර බාහිර ශබ්ද වලට යටපත් වන මෙම හඬ ඔබ අප සියලු දෙනටම ජීවිත කාලය පුරාම යම් යම් අවස්ථාවන් වලදී සුලු මොහොතකට හෝ අසන්නට ලැබේ....අපේ සිත බාහිර ශබ්ද වලින් මොහොතකට හෝ නිදහස් වන විට පමණක් ඉස්මතුවන මෙම ආවේනික හඬ "නිහඬ බවේ හඬ හෙවත් Sound of silence " ලෙස හැදින්වේ......
විසිවන සියවස පුරාම බටහිර මනොවිද්යාඥයන් මේ ගැන විවිධ පර්යේෂණ සිදු කලද ඔවුනට මේ ගැන පැහැදීලි කර ගැනීමට නොහැකිවූයේ එය අන්තර්ඤාණය තුලින් අවබෝධ කලයුතු ආධ්යාත්මික ශක්තියක් වූ නිසාවෙනි.......
අමෙරිකානු නාවික හමුදාවේ ස්නායු ශෛල්ය වෛද්යවරයෙක් වශයෙන් "බෝර්නියෝ " සාම ක්රියාදාමයට එක්ව පසුව තායිලන්තයේ 'වට් පා නනචට්" ආරණ්යේදී ලොවම පිලිගත් භාවනා ගුරැවරයකුවූ අජාන් චා හිමි යටතේ පැවිදිව බොහෝ කලක් භාවනාව පුහණුව දැනට එංගලන්තයේ Hertfordshire ප්රාන්තයේ "අමරාවතී" බෞද්ධ ආරන්ය සේනාසනයේ අධිපති ධූරය දරන අමෙරිකානු ජාතික අජාන් සුමේධෝ හිමියන් මේ ගැන මෑත කාලයේදීප්රථම වරට ලොවට හෙලි කරන ලදී.........
උන්වහන්සේගෙ මග පෙන්වීම යටතේ මේ ගැන පර්යේෂණ සිදුකල බටහිර මනෝ විද්යාඥයන් මෙම නිහඬ බවේ හඬ තමා තුලින්ම මතු කරගෙන ඒ සමග ඒකාත්මික වීම බොහෝ මානසික ආතතීන් සහ අවපීඩනයන් නිට්ඨාවට සුවපත් කිරීමටත් අභ්යන්තර මානසික සුවය ඇති ර ගැනීමටත් හේතු වන බව නිර්දොශ කරති.......
මේ සම්බන්ධයෙන් මටද පෞද්ගලික අත්දැකීම් ඇති අතර එය අපේ මනස වික්ශිප්තවූ මොහොතක නැවතත් සන්සුන් කර ගැනීමට කල හැකි අති සාර්ථක කර්මවේදයකි.......
ඔබත් හුදෙකලා නිහඬ අවස්ථාවන් වලදී මෙම ඔබ තුලම සැඟවී ඇති "නිහඬ බවේ හඬ " අවධි කර ගැනීමට උත්සාහ ගන්න.....
එය ඔබගේ මානසික සහනය උදාවීමට ප්රත්යක්ෂ ඔසුවක් වන වග නම් ඒකාන්තයි.....
-- චාමර වන්නිආරච්චි -----

Comments
Post a Comment