කාලය යනු කුමක්ද ??????


බුද්ධ ඝෝෂ හිමියන් අභිධර්මයේ "ධම්මසංඝණී" ග්රන්ථයට ලියනලද "අත්ථසාලිණී" අටුවාවට අනුව කාලය යනු පෘථග්ජනයන් විසින් පනවා ගන්නා හුදු "පඤ්ඤත්තියක්" පමණි......
මිනිසුන් මෙම පඤ්ඤත්තිය එලෙස පනවාගෙන ඇත්තේ වෙනස් වීම(විපරිණාමය) හා එම වෙනස්වීම මතක තබා ගත හැකිවීම නිසාය...
...
මෙම විපරිණාමය හෙවත් වෙනස්වීම අනිත්ය සමග පටලවා ගත යුතු නැත.අනිත්ය යනු වෙනමම දෙයකි...එය හුදු වෙනස්වීම වූවානම් මේ වනවිටත් අප බොහෝ දෙනෙක් අනිත්ය අවබෝධයෙන් රහත් වී තිබිය යුතුය....අවාසනාවට අපේ රටේ බොහෝ භික්ෂූන්ද මේ විපරිණාමය අනිත්යය ලෙස දේශණා කරති.....
වස්තුවක් පවතින බවට සැලකූ විට පමණක් එය අන් දෙයක් බවට පත්වීමක් ගැන කථා කල හැක...වස්තුවක් පවතින ලෙස ගැනීම ආත්ම සංකල්පයක් වුවත් බුදු දහම අනාත්ම දහමකි.....අනිත්යය යන්න නිත්යය යන්නෙහි විරැද්ධ පදය ලෙස සැළකීමෙන්ම මේ පටලෑවිල්ල සිදුවී ඇති බව පෙනේ.......

පෘථග්ජනයන්ට අද 2017 ඔක්තෝබර් 17 වෙනිදා වුවත් විශ්වයට සහ එහි සිටින අනෙක් සියලුම ජීවීන්ට(පෘථිවි වාසී මිනිසුන් හැර) එවැන්නක් අදාළ නොවේ......

පෘථිවිවාසී පෘථග්ජනයන්ට කාලය පවතින දෙයක් වුවද සැබෑම රහතන් වහන්සේලාට (සමන්ත භද්ර හිමි ,මීවන පලානේ ධම්මාලංකාර හිමි,වහරක අභයරතනාලංකාර හිමි,ශ්රීපාදයේ අරම ධම්ම හිමි හෝ රාජජිරියේ අරියඤාණ හිමි,වලස්මුල්ලේ අභය හිමි වැනි බුද්ධ භාෂිතය විකෘති කරන්නන් නොවේ) එවැන්නක් අදාළ නොවන්නේ ඔවුන් වර්තමාන චිත්තක්ෂණය තුළ පමණක් ජීවත් වන "අකාලික" පිරිසක් බැවිනි...
ථේරවාදය ඇතුලු බොහෝමයක් පෙරදිග දර්ශණයන්ට අනුව මෙම කාලය යන පඤ්ඤත්තිය "චක්රීය" සංකල්පයක් වුවත් ඇරිස්ටෝටල් ප්රමුඛ බටහිර දාර්ශණිකයන්ට එය "රේඛීය සංකල්පකි".....රේඛාවකට අගක් මුලක් ඇතත් චක්රයකට එසේ නොවේ.....

බටහිර විද්වතුන් ලෝකයේ ආරම්භයක් ඇතැයි සිතුවේත් ඒ වෙනුවෙන් මහා පිපිරැම් වාදය වැනි ප්රවාද ඉදිරිපත් කලේද කාලය රේඛීයව තේරැම් ගැනීමෙන් සිදුවූ පටලැවිල්ල නිසාය.....කාලය චක්රීය සංකල්පයක්වූ පෙරිදිග මිනිසුන් සංසාර ගමන චක්රයක් ලෙස විනා හුදු රේඛාවක් ලෙස නොදකින්නේ එනිසාවෙනි.......
අගක් මුලක් පැනවිය නොහැකි චක්රයක එක් තැනක පටන් මිනිසුන් විකාශය වූ ආකාරය බුදුන් අග්ගඤ්ඤ සූත්රයේදී පෙන්වා දී ඇති නමුත් එය හුදු ආරම්භයක් නොවේ.....
බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ උප්පත්ති කථාවේදී යෙහෝවා නම් දෙවියන් වහන්සේ විශ්වයත් කාලයත් මවා විශ්වයෙනුත් කාලයෙනුත් වෙන් විය යනුවෙන් පවසන්නේ මේ රේඛීය කාල සංකල්පය තුල සිරවීම නිසාය......

මිනිසුන්ගේ මතකය එක් දිනකට පමණක් සීමා වන්නේ නම් පමණක් කාලයේ මේ චක්රීය බව තේරැම් ගනු ඇත....උදේ-දවල්-සවස-රාත්රිය-උදේ ලෙස දිනකට පසු කාලය නැවතත් ආරම්භක මොහොතට පැමිණෙනමුත් ඊයෙ සහ අද ලෙස මතකයන් සහිත මිනිසුන් මෙය රේඛීයව මනස තුල ගැට ගසා ගනී.....විශ්වයට ඊයේ හෝ අද නැත.......මේ හේතුව නිසාම මිනිසුන් කාලය තුළ සිරවී අනේක පීඩාවන් විඳී.......

------- චාමර වන්නිආරච්චි ------'--

 

Comments

  1. Abidharmaya igena ganna niwaradi buddha deshana hoya ganna puluwanda?

    ReplyDelete
  2. Abidharmaya igena ganna niwaradi buddha deshana hoya ganna puluwanda?

    ReplyDelete
  3. Abidharmaya igena ganna niwaradi buddha deshana hoya ganna puluwanda?

    ReplyDelete
  4. Abidharmaya igena ganna niwaradi buddha deshana hoya ganna puluwanda?

    ReplyDelete

Post a Comment

Popular Posts