මොලයක් නැති ජීවිත......
කෙනෙක් මැරෙනව කියන්නේ මොලයේ මරණයද හදවතේ මරණයද කියල විවාදයක් ලොව පවතින්නේ බොහෝ කලක් තිස්සේ ..බටහිර වෛද්ය විද්‍යාවෙ නම් මොලයේ මරණය තමයි පුද්ගලයාගේ මරණය ලෙස සලකන්නේ.........අවාසනාවට මේ ප්රශ්නය බුදුන්ගෙන් කිසිවෙකු නොවිමසූ නිසා ඒ ගැන සූත්ර හෝ විනය පිටකයේ සඳහනක් නෑ.....නමුත් අභිධර්ම පිටකයේ නම් කියවෙන්නේ හෘදය ආශ්රිත අඩ පතක් පමණවූ ලේ ධාතුව ආශ්රිතව ජීවිත ඉන්ද්රිය පවතින බවයි....
පසුගියදා මොලය මරණයට පත්වූ තරැණයකුගේ හදවත වෙනත් කෙනෙකුට බද්ධ කිරීමක් ගැන අසන්න ලැබුනා....
අභිධර්මයට අනුව නම් එම තරැණයා මියගොස් නෑ.....
මෙය තහවුරැ වන සිද්ධියක් ස්කොට් ලන්තයෙන් වාර්තා වෙනව...
මීට වසර 2 ට පෙර Emma Murray නම් තරැණියට ඉපදුන Aaron නම් පිරිමි දරැවාට මොලයක් තිබුණෙ නැහැ....ඉතා කුඩා ප්රාථමික මස්තිෂ්ක සෛල ප්රමාණයක් හැර හිස් කබල පිරී දිබුණෙ දියරයකින්.....බටහිර වෛද්යවරු නම් කියන්නේ මෙය Holoprosencephaly කියන රෝගී තත්වය කියලයි.....
වෛද්යවරු කිව්වේ ඔහු ජීවත් වෙන්නෙ විනාඩි දෙකයි කියල උනත් ඔහු වසර දෙකක් තිස්සේ ජීවත්වෙන්නේ ලෝකය පුදුම කරමින් සහ අභිධර්මය සත්ත්ය බව තහවුරැ කරමින්. ......
"Mummy " යනුවෙන් ඔහු තමා ඇමතූ බව Murray කියන්නේ හරිම සතුටින්......ඔහු ඉතා නිරෝගීව වැඩෙනව...
බටහිර විද්‍යාව "දේව භාෂිතයක් " ලෙස එකවර පිලිගෙන අනෙක් දැනුම් පද්ධතීන් නිර්දය ලෙස බැහැර නොකරන්න ලෝකයට පණිවිඩයක් දෙන සිදුවීමක් තමයි මේ Aaron ගේ "මොලය රහිත උපත සහ ජීවිතය"..........
මම කියන දේ විශ්වාස නැතිනම් පහත Link එකට ගිහින් බලන්කෝ.....
http://www.dailymail.co.uk/…/Baby-born-without-brain-amazes…
Comments
Post a Comment