විසිවන සියවසේ පෙරදිග විද්වතා : 02 කොටස


“ශ්රීමත් ආචාර්ය ජගදිශ් චන්ද්රබෝස්” විසින් නිර්මාණය කළ Crescograph යන්ත්රය සුවිශේෂී එකක් විය ....ශාඛවල බොහෝ ජීවී ගුණාංග මැනීමට එය සමත් විය.......ශාඛවල වර්ධන වේගය,විවිධ උත්තේජයන් හමුවේ ශාඛ ස්නායු පද්ධතීන් ලබා දෙන ප්රතිචාර බෝස්ට තම උපකරණය මගින් බටහිර විද්යාත්මකව පෙන්වාදීමට හැකිවිය......එයින් එකම එක සොයා ගැනීමකට පමණක් බෝස් "පේටන්ට් බලපත්රයක්" ගැනීමට තීරණය කළේ සිය කණ්ඩායමේ අනෙක් සාමාජිකයන්ගේ දැඩි ඉල්ලීම මත විනා ඒවා අයිති කර ගැනීමට නොවේ...... ...
ශාඛ වලටද සත්වයන්ට මෙන්ම විවිධ හැගීම් දැනෙන බවත් හොද උත්තේජ ලබාදීමේදී හොද ප්රථිචාරත් නරක උත්තේජ වලදී නරක ප්රතිචාරයනුත් ශාඛ විසින් ලබා දෙන බවත් ඔහු ලෝකයට ඔප්පු කර පෙන්වීය....කුඩා කළ බෝස්ගේ පියා ඔහුට ලබා දී තිබූ පෙරදිග අයුර්වේද සහ අනෙකුත් විද්යාවන්ගේ අභාෂය ඔහුට මෙසේ සිතන්නට ඉඩ කඩ ලබා දී තිබිණ....
ශාඛ සතු මෙම "හැගීම් දැනීමේ බලය" (Power of feeling in plants ) පිළිබදව තමා බොහෝ කලක් සිදුකළ පර්යේෂණ වල ප්රථිපළ බෝස් Response in the Living and Non-Living(1902 ) සහThe Nurves Mechanism of Plants (1926 ) යන පොත් දෙක මගින් ලොවට දායාද කලේය....
ජීව භෞතික විද්යාව (Biophysics ) නමින් අලුත්ම විෂයයක් ලොවට හදුන්වා දුන් බෝස් එම විෂයට බොහෝ අලුත් දැනුමද එකතු කළේය....විවිධ විද්යුත් සංඥාවන් වලදී ශාඛ හැසිරෙන ආකාරය සෙවීම මෙහි මූලික අරමුණ විය...
ඉන් නොනැවතුනු ඔහු ක්ෂුද්ර තරංග(Microwaves ) වලට ශාඛ පටක දක්වන ප්රථිචාර සෙවීම දක්වාම සෙවීමට ඇරඹීය....ඊට අමතරව විවිධ රසායනික සහ භෞතික වෙනස්වීම් ශාඛ වලට දැනෙන ආකාරයද ලොවට හෙලි කලේය....මෙම පර්යේෂණ වලන් ඔහු ලොවට කියා පෑවේ සත්වයන්ගේ මට්ටමට නැතත් ඊට අඩු මට්ටමින් හෝ සියලුම ශාඛයන්ටද "හැගීම් දැනීම්" දැනෙන බවයි......
ශාඛ වලට විවිධ විෂ වර්ග එන්නත් කළ ඔහු එම විෂ ශරීර ගතවීමත් සමගම ශාඛයද මහත් පීඩාවට පත්වන බව ලොවට ඔප්පු කොට පෙන්වීය.....මෙම අලුත්ම සොයාගැනීම් උද්භිද විද්යාවේ මහත් පෙරලියක් සිදු කිරීමට සමත් විය....
උපසම්පදා භික්ශූන්ට ශාකවල අත්තක් හෝ නොකැඩීමට වග බලා ගැනීමට බුදුන් විනය නීති පැනෙව්වේ මේවැනි හේතූන් නිසා වීමට පුලුවන.....

( මතු සම්බන්ධයි )

 

Comments

Popular Posts