සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ….


සුරංගි ද අල්විස් කියන්නේ ප්රේමකීර්තිගෙත් ඔහුගේ පළමු විවාහයේ බිරිඳ වුන දයා ද අල්විස්ගෙත් දියණිය........සුරංගි පොඩි කාලෙදිම මේ දෙදෙනා දික්කසාද නඩුවක් මගින් එකිනෙකාගෙන් වෙන් වනවා....වයස අවුරුදු තුනක...් වුන සුරංගිගෙ අයිතිය ඇයගේ මව වූ දයා ද අල්විස්ට අධිකරණයෙන් ලබාදෙන්නේ ඒකමතිකව.... මොකද කුඩා දියණියකගේ ආරක්ෂාව සැලසිය හැක්කේ මවටම පමණක් නිසා.........

මේ සටහන ලියන මට දාරක ප්රේමය ගැන හරියට නොදැනෙන්නේ මම අවිවාහක බ්රහ්මචාරියෙක් නිසා.....
මහා සිත් තැවුලකින් අධිකරණ භූමියෙන් ප්රේමකීර්ති පිටවුනේ තම සිඟිති දියණිය තමන් සමග හුරතල් වුන අයුරු මැවි මැවී පෙනුන නිසාමයි........

පාර දිගෙ බොහෝ දුරක් ඇවිද ගිය ඔහු බසයක නැගී ගාලු මුවදොරට යන්නේ තනිවමයි.........එදා දිවා ආහාරය ගැනවත් ඔහුට සිහියට එන්නෙ නැහැ.......බොහෝ වේලාවක් ඈත මුහුද දෙස හිස්ව බලාසිටින ඔහු රාත්රියේදි නවාතැනට යන්නෙත් දුකින්මයි.......

“ හිරු නිවී මුහුදු තෙර රාත්රිය එලඹිලා….
තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා….
මට බලා ඉන්න බෑ නුවන් ඔබෙ පෙනෙනවා…
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ….”

නවාතැනේ ඇඳ මත වැතිරෙන ඔහුට රාත්රී ආහාරයත් අමතක වෙනව........ තම සිගිති දියණියගේ තොල්පෙති අතරින් මතුවුන දඟකාර සිනාව අද වෙනදා වගේ ඔහුට ඇසෙන්නේ නැහැ.....ඒ තොල් පෙති හරියට නාගසක ලා දලු වගේ.....

“ නා ගසක් දළු දමා වසන්තය එළඹිලා….
මද පවන් රැල් නැගී සැලෙන විට කැළඹිලා….
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා…..
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ…..”

දයාගෙන් වෙන්වෙන්න ඕන වුනත් සුරංගිගෙන් වෙන්වෙන්න තරම් ප්රේමකීර්තිගෙ සිත ඉඩ නොදුන්නේ ඔහු තම සිඟිති දියණියට තිබුන අසීමිත ආදරය නිසා.....ඒත් දැන් අධිකරණයෙන් ඔහු ඇයගෙන් වෙන් කරලා.......

“යුග ගනන් පැමිණි මග වැරදිලා පැටලිලා….
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ….
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැගෙනවා….
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ……”

පාන්දර වෙන තුරුම ඔහුට නින්ද යන්නේ නෑ...මේ ලෝකය කොතරම් පුදුමද......ප්රියයන්ගෙන් වෙන්වීමම මහා දුකක්..... ඒක ලෝක සත්ත්වයන් සියලු දෙනාටම පොදුයි...

“අහස් තල පොලෝ තල ඔබට මට පොදු වෙලා….
හදවතින් එක් වුනත් ගතින් දෙදෙනෙකු වෙලා…..
මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා….
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ…….”

පාන්දර හතරට විතර කොලයක් සහ පෑනක් අතට ගත් ප්රේම කීර්ති මෙහෙම ලියනව......

“ ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුන හසරැල් විලේ…..
හද දියව ගලායයි රැළි ලමින් සැලි සැලී…..
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිතවේ……
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ….”

නොදන්නා කමට බොහෝ දෙනෙක් මෙය ප්රේම ගීයක් කියල හිතුවත් මෙහි තියෙන්නේ තම සුරතල් සිඟිති දියණිය අහිමි වීමෙන් සංවේදී පියෙකුගේ සිතේ හටගත් වේදනාව පමණයි.....මේ සිද්ධිය දැන ගන්නා තූරැ මමත් සිතුවේ එසේමයි.....

ඩෙස්මන් මොරිස් ගේ "The Humen Zoo " පොතෙත්,සිග්මන් ෆ්‍රොයිඩ් සහ එරික් ෆෝම්ගේ පොත් වල සදහන් වෙන විධියට නම් පියෙක් දුවෙකුට තියෙන ආකර්ශණය වැඩියි.......ඒත් ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැත්තේ සමහරු ඒව පිළිනොගන්න නිසා......විනය පිටකයේ පාරාජිකා පාලියේත් ඒ ගැන විස්තර තියෙනව....
“පේමතෝ ජායතී සෝකෝ.....”

සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=c2xdOqcxRBs

 

Comments

  1. එම ගීතයේ ගැබ්ව අැති සංවේදී ස්වභාවය පෙන්වා දීම පිලිබඳව ඔබට තුති. ඔබට තව තවත් ධෛර්ය්‍ය හා ශක්තිය ලැබේවා !

    ReplyDelete
  2. Thank you... for giving real meanings of this song .. it's increased my interest towerds to this master piece. .

    ReplyDelete
  3. Ahh...මේක පට්ට prema ගීතයක් කියලා හිතුwe...හ්ම්ම්

    ReplyDelete

Post a Comment

Popular Posts