එනමුත් වසන්තේ ආ දා නිදැල්ලේ....වන මල් පිපේ.....

සියොතුන් රකින්නේ රැකවල් යොදා...
මුර ගල් බඳින්නේ යන මං වසා ...
එනමුත් ඉගිල්ලේ සියොතුන් කැදැල්ලේ......
රැකවල් බිඳේ.....

වන මල් සැදෙන්නේ තුරැ හිස් පුරා....
එම මල් වසන්නේ පරඬැල් දමා...
එනමුත් වසන්තේ ආ දා නිදැල්ලේ....
වන මල් පිපේ.....

ලෝකයේ සෑම දෙයක්ම ක්රියාත්මක වන්නේ එහි පැවැත්ම උදෙසාය...ලෝකයාට නොදැනුනද ලොව තුල ඇති සියලුම බන්ධනයන් අවසන් විග්රහයේදී එහි පැවැත්ම වෙනුවෙන් තමනට පැවරැන වගකීම දරනු ඇත....
ගහ කොල වන සතුන් මිනිසුන් ඇතුලු සියල්ලෝම එහි බැඳී ඇත......

අපිට නොදැනුනද සියලුම ජීවින් උපන්දා සිට වෙහෙසෙන්නේ තමන්ගේ ඉදිරි පරම්පරාවකට DNA දායද කොට එහි පැවැත්ම තහවුරු කිරීමයි......

සුනිල් ආරියරත්නයන් සියුම්ව කියන්නට උත්සාහ ගෙන ඇත්තේ ලොවේ බන්ධනයන් කුමන අයුරක බාධාවන් හමුවේ දී වත් නවතනු නොහැකි බවයි....

දෙනුවන් වැසූ රාත්රියේ සිර කුටියේ.....
සුළඟක් ලෙසින් පැටලී එන්න මේ මඳ සුළඟේ.....

පද ගෙත්තම ; මහාචාර්ය සුනිල් ආරියරත්න
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=eZtecxQhNBE&feature=youtu.be

 

Comments

Popular Posts