යලි උපදිමි ඒ පියුමින් මම්…….

සමහර පිරිමින් ගෙවන්නෙ ඉතාම සෙල්ලක්කාර ජීවිතයක්.......හිතුන හිතුන ගැහැනුන් සමග යහන්ගත වන ඔවුන් අවසානයේ විවාහය සදහා සොයන්නේ "පිරිමියෙක් අතින්වත් අල්ලපු නැති තරුණියක්...”
මෙහෙම සෙල්ලක්කාර ජීවිතයක් ගෙවපු ඔහු රට වටේ හොයලා හොයලා කිසිම පිරිමියෙක් එක්ක කිසිම සබදතාවක් නොතිබුනු බවට බොහෝ දෙනෙක් විසින් සහතික කරන ලද " කන්යාවියක්" ආවාහ කරගන්නව.....

ඇය නම් ඔහු කවුද කියල මුල සිටම දැන ගෙන නිහඩව ඉන්නවා...ටිකක් කල් ගත වෙද්දි ඇයගේ කලින් ප්රේම සබදතා කීපයක් ගැනම ඔහුට සත්ත්ය තොරතුරු ලැබෙනව...ඇය "ප...ූර්ණ පවිත්ර කන්යාවියක්" යැයි සිතාගෙන සිටි ඔහු කෝපයෙන් ඇයට දොස් නගනව............
ඔහුගේ අතීතය ගැන හොදින් දන්නා ඇය එයින් බිය වන්නේ නැහැ.....ඇය නිර්භීතව ඔහුට අභියෝග කරනව......

"තක්කඩි මිනිහෝ, උඹ මගෙ පෙර වැරදි හොයන්න කලින් බලපන් උඹගෙ අතීතය කොහොමද කියලා...උඹ හොද මිනිහෙක්ද මගේ අඩුපාඩු හොයන්න...... උඹ මගෙන් තරු මල් ඉල්ලන කලින් මට හද ගෙනත් පෙන්නපන්...එතකොට උඹ ගෙනෙන හද මම මල් වට්ටියක් වගේ අරගෙන උඹ ඉල්ලන තරු මල් ඒකට දාල උඹට දෝතින්ම පිළි ගන්වන්නම්......." තරු ඉල්ලන්න කලින් හද අරන් වරෙන්”

පුන් පෝදා සද ඔබ ගෙන ආවොත්….
මල් වට්ටියකට අරගන්නම්…..
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල් …..
එයට නෙලා පිළිගන්වන්නම්…..

"මෝඩ මිනිහෝ උඹ මට ඉස්සර වෙලා දේදුන්නක් අරන් වරෙන්...ඊට පස්සෙ මම ඒකෙන් විසිතුරු සලුවක් වියල එයින් සැරසිලා උඹත් එක්ක ඇවිදින්න යන්න එන්නම්......."

දේදුන්නක් ඔබ මටගෙන ආවොත් ……
විසිතුරු සලුවක් වියමි එයින්……
පරසතු උයනේ සක්මන් කරනට …..
ඉන් සැරසී ඔබ හා එන්නම්……

කොතන හෝ විශ්වයේ සුන්දර මලක් පිපුනත් බමරුන්ගෙන් එය වසන් කර ගැනීමට නොහැක. එය පිපුන සැනින් බමරුන් එය සොය එයි......එය ලෝක ස්වභාවයයි.. ...අඩුම තරමින් ලොව ඉහලින්ම පිහිටි හිමාලයේ මානස විල මත පිපෙන පියුමවත් එය පිපුන සැනින් නෙලා නොගතහොත් බමරුන්ගෙන් වසන් කිරීමට නොහැක....බමරුන් එය වෙතට පැමිණීම අනිවාර්යයෙන්ම සිදුවේ....

“උඹට පුලුවන්නම් මේ ලෝකෙ කොහෙන් හරි කිසිම ආකාරයකින් බමර තුඩක් නොවැදුන මලක් අරන් වරෙන්...උඹට එහෙම මලක් හොයන්න නම් ඉතින් හිමාලයේ මානස විලටම යන්න වෙනවා.....ඒ ගියත් මල පිපුන සැනින් නෙලා ගෙන වරෙන්, පොඩ්ඩක් ඇත්තන් ඒ මලටත් බමරෙක් එනවා........උඹ ඒ "නොයිදුල් මල" අරන් ඇවිත් පෙන්නුවොත් විතරක් මම අලුතින්ම ඒ මලෙන් ඉපදිලා උඹට "නොයිදුල් ආදරයක්" ලබා දෙන්නම්....මෝඩ මිනිහෝ නිකන් බොරුවට මහන්සි වෙන්න එපා නොයිදුල් ආදරයක් (නැවුම් පෙමක් ) සොයන්න...ඒක හීනයක් විතරයි....”

බිගු තුඩු නොවැදුන පියුම ගෙනාවොත් …
මානස විල මැද පිපුන සැනින්….
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත ….
යලි උපදිමි ඒ පියුමින් මම්…….

බරපතල කොන්දේසි සමූහයකින් පිරුන මෙය බැලූ බැල්මට තවත් එක හුදු ප්රේම ගීතයක් මෙන් පෙනුනත් මෙහි ඇත්තේ සල්ලාල පිරිමියාට අභියෝග කරන "කාන්තා විමුක්තියේ දෝන්කාරයයි"......


පද ගෙත්තම : ලූෂන් බුලත්සින්හල
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=vwzJFGyTgS8


 

Comments

Popular Posts