මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ.....06.04.2018


කවුද හාදයෙක් මාව "ගැලවුම්කරැවෝ" කියල නිරාගමිකයන්ගේ FB group එකට add කරල.ඉස්සර මම ඕකෙ ඉඳලා අයින්වුනේ එයාලගෙ කැත කතා කියවන්න තිබුණ අප්පිරියාවට.දැං ඉතිං මට සිද්ධ වෙනව මගේ අවසරයක් නැතිව ඔය වගේ ගොබ්බයොන්ගේ පිටුවකට මාව add කළ හාදයාව සදහටම block කරල දාන්න..."කළු කුහරය" කියන FB group එකත් ඒ වගේම කෝළං මඩුවක්....
එයාලා නිරාගමිකයෝ වුනාට කරන්නේ අනෙක් ආගම් වලට පහර ගහන එක..විශේෂයෙන්ම බුදු දහමට.....
අනේ මෙහෙමත් මෝඩ රැලක්...දැං මේ මහා නිරාගමික විද්වතුන් බුදුන්ට සැරියුත්, මුගලන්, කාෂ්යප, ආනන්ද හිමිවරැන්ට මඩ ගැහුවම ඒ අයට රිදෙයි කියල තමයි බය....
ඒ සියලු දෙනාම මේ සංස්කාර ලෝකයෙන් නිරැද්ධ වෙලා, අසංකතවූ නිර්වාන ධාතුව අවබෝධ කරගෙන සහස්ර දෙකහමාරක් වෙනව.....
බුදුන් නිවන හඳුන්වන්න වචන කීපයක් භාවිත කළා....
දුර්දසෝ....,දුරනුබෝධෝ,,අථක්ඛාවචරෝ...,පණ්ඩිතවෙදනීයෝ...අසංඛතෝ..වගේ....
දැකීම දුෂ්කරයි...අවබෝධය ඉතා අපහසුයි....වචන වලින් ලියැවෙන තර්කයට හසු නොවේ....නැණවතුන්ට පමණක්ම ගෝචරවේ....අසංඛතයි....
මල ගෙවල් වල තියෙන බැනර් දැක්කම නං, බොහෝ දෙනෙක් නිවන පටලවාගෙන තියෙන බව පෙනෙනව.....
නිවන් පුරය කියල ඔවුන් වැරදි වචනයක් යොදා ගන්නේ නිවන තවත් එක් "සංඛත ලෝකයක්" කියන අදහසින් වගේ....ඒත් නිවන කියන්නේ එකම අසංඛතය....මේවා මෙහෙම පැහැදිළ කරන්න අපහසු නිසාමයි බුදුන් නිවන අථක්ඛාවචරෝ කියල කිව්වේ.....
කෙනෙක් බුදු ,පසේ බුදු, රහත් යන බෝධි තුනෙන් එකකින් සත්ත්ය අවබෝධ කර ගනිද්දිම ,නිවන අවබෝධ කරනව...ඒත් ආයුෂ පවතින තුරැ ජීවත්වෙන නිසා සෝපධිසේස (ස+උපධි+ශේෂ) කියන ...ඒ කියන්නේ උපධීන් තවදුරටත් ශේෂව පවතින මට්ටම අවබෝධ කරනව...පසුව පරිනිර්වානයට පත්වෙද්දී නිරැපදිසේස (නිර්+ උපධි+ශේෂ) උපධීන් කිසිවක් ඉතිරි නොවී , නිවන අවබෝධය සම්පූර්ණ කරනව.....බුදුන් නිවන් සැප ලැබුවේ වයස 35 දී...80 දි සිදුවුනේ කිසිවක් ඉතිරි නොවන "පරිනිර්වානයට" හෙවත් නිරැපධිසේස නිවනට පත්වීම....
නිවන කියන්නේ පහනක හෝ ගිණි ගොඩක නිවීයාම වගේ දෙයක් බව බුදුන් මජ්ජිම නිකායේ "අග්ගි වඡ්චගොත්ත" සූත්රයේදි හරිම ලස්සනට විස්තර කරනව.....
"වඡ්චගොත්ත,පහනක තෙල් අවසන්වීමෙන් හෝ තිරය අවසන්වීමෙන් හෝ ඒ දෙකම එකවර අවසන් වීමෙන් හෝ සුළඟක් නිසා හෝ එකවර දැල්ල නිවී ගියහොත්, ඒ දැල්ල ගිය තැනක් පනවන්නට(අර්ථ දක්වන්නට) හැකිද ?...දර නිසා හටගත් ගිණි දැල්ලක් දර අවසන්වීමෙන් පස්සේ නිවුනම, ඒ දැල්ල ගිය තැනක් පනවන්න පුළුවන්ද වඡ්චගොත්ත ?"
" නොහැක ස්වාමීනි....දැල්ල හටගැනීමට හේතුවූ සාධක අවසන් වීමෙන් දැල්ල නිරැද්ධවීම පමණයි සිදුවුනේ ස්වාමීනි"
"වඡ්චගොත්ත, නිවනද එසේමය"
දවස් ගනනක වෙහෙසවීමෙන් පස්සේ, සුව නින්දක් ලබන කෙනෙක් ඒ සුවය විඳින්නෙ ඒ මොහොතෙද ? නැතිනං පස්සෙද ? කියල හිතල බැලුවම අනාදිමත් කාලයක් තිස්සේ මේ ඝෝර කටුක සංසාරේ පුරා කරක්ගසමින් විවධ "ධරථයන්ට" මුහුණ දෙන්නෙකුට නිවන කියන්නෙත් ඒ වගේම සුවයක් බව තේරැම් යයි.....ඒක කොච්චර සුවයක්ද කියල තේරැම් ගන්න නං "ඛුද්ධක නිකායේ ථේර-ථේරී ගාථා" නිවිසැනසිල්ලේ කියවන්න ඕන.....
නාගසමාලා,නාගීත ,සුනක්ඛත්ත වගේ භික්ෂුණ්, බුදුන්ගේ උපස්ථායකයො ලෙස ඉඳල, බුදුන් එපා කියද්දිම අසීරැ අවස්ථාවල අතහැරල ගියාම ...කාලයක් යනතුරැ උපස්ථායකයන් රහිතව ඉන්න තීරණය කළා....පස්සෙදි ආනන්ද හිමි , ස්ථීර වශයෙන් පත්කළේ සංසාරගත ප්රාර්ථනාව දැකලා...ඒත් ආනන්ද හිමිත් මුලදි ටිකක් "ගනං උස්සල" කොන්දේසි දැම්මේ සහ බුදුන් ඒවට එකහෙලාම එකඟවුනේ , ඒ තනතුර හරියටම කළ යුතු නිසා...ඒ නිසා තමයි වසර 2600කට පස්සෙත් අපිට ඒ දහම එහෙමම ඉතිරිවුනේ.....
මේ දහම මෙච්චරකල් ආපු හැටි ගැන හිතුවම පුදුමත් හිතෙනව...වෙන රටක ඈත ඉසව්වක කෙනෙක් වරින්වර තවත් අයට කියපු ගොඩාක් දේවල් ,තව කෙනෙක් අහල, මතකයේ රඳවගෙන, ඒක තවත් පිරිසකට කියල, සංඝායනා කරවල, ඒක පරපුරෙන් පරපුරට කටපාඩමින් ගෙනත් ,වෙනත් රටකට යවලා ඒ රටේ අය මේක පුස්කොල පොත්වල ලියල...ඊට පස්සේ ඒ රට ආක්රමණය කළ ඊනිය මානව හිතවාදී බටහිර ජාතිකයෝ තුන් වර්ගයක්ම සියවස් ගනනක් ඒව ගිණි තබමින් විනාශ කරළත් අදටත් තියෙන්නේ ඒ ධර්මයේ ආශ්චර්යවත් බව වගේම අපේ මුතුන් මිත්තො කළ කැපකිරීම නිසා....
එහෙම එකේ ඔය රැඩිකල් ගැලවුම්කරැවෝ කියන හාදයෝ මොන තරම් අසරණ ජීවීන් පිරිසක්ද...පව් අප්පා....එයාල ආදර්ශයට ගන්න ඇමරිකාවවත් නිරාගමික රටක් නොවන නිසා තමයි ඇමරිකානු ජනපති අලුතෙන් පත්වුනාම බයිබලය උඩින් අත තියලා දිව්රැම් දෙන්නේ...හැබෑටම අපේ ජනාධිපති දිව්රැම් දෙන්නේ පිටකවල අත තියලද ?නැහැනේ......එතකොට ඇත්තටම නිරාගමිකයො අපි නෙවෙයිද ?
අනද හිමියන් චාරිත්රයක් හැටියට සෑම සන්ධ්යාවකම බුදුන්ගේ ආසන්නයෙන් පහනක් දල්වනව...එක දවසක් ගිජ්ජ කූඨයෙදි බුදුන් මේ පහන දෙස බලාගෙන උදාන වාක්යක් දෙසණව....ඒක ඛුද්ධක නිකායේ උදාන පාලියෙ තියෙනව.....මේක අහගෙන ඉන්න අනද හිමි, බුදුන් ලඟට ඇවිත් වැඳලා අවසර අරගෙන ඒක කිව්වේ ඇයි කියල විමසනව....
"බලන්න ආනන්ද ,මේ කෙටි ජීවිතයක් ඇති පළගැටියෝ, පහන් දැල්ල දැකල එහි ප්රභාවෙන් මත්වෙලා, ඒ දැල්ලටම පැනල ජීවිතේ තොර කරගන්න හැටි...නොමැරී එක තටුවක් අඬුවක් ඉතිරි උනොත් ආයෙ ආයෙත් ඒ දැල්ලටම පනින හැටි...තමන්ට කලිං පැනපු එවුන් දැවිලා පිලිස්සිලා යන හැටි දැක දැකත් පස්සේ ඉන්න පළගැටියොත් පැනලම මැරෙන හැටි....නිවන අවබොධ කරන්න උවමනාවක් නැති කෙලෙස් සහිත ප්රථග්ජනයොත් මේ අසරණ සතුන් අතරත් අංශු මාත්රයකවත් වෙනසක් නෑ ආනන්ද"
නිරාගමිකයන්ද ඇතුළු සංසාරණ්යේ අතරමංවූ සියලු සත්ත්වයෝම නිදුක් වෙත්වා...! නීරෝගී වෙත්වා...! සුවපත් වෙත්වා..! දුකින් මිදෙත්වා....! නිවන් දකිත්වා...!


Comments

Popular Posts