නාවික මෙහෙයුම් : 04 කොටස


ප්ලිම්සෝල් රේඛාව(Plimsoll Line) කියල කියන්නේ නෞකාවක ඇති තීරණාත්මක සහ අනිවාර්ය මිනුමක්.........සෑම නෞකාවකම මෙම රේඛාව එහි බඳේ සටහන් කිරීම සහ එයට අනුව පැටවීම් සිදුකිරීම අනිවාර්යයි...එහෙම නොවුනොත් ඉතිං නෞකාවටත් බඩු වලටත් මුහුදෙදි "සොරි" කියල තමයි කියන්න වෙන්නේ........
මෙය ජාත්යන්තර බර පැටවීම් රේඛාව හෙවත් International Load Line ලෙසත් හඳුන්වනව......නෞකාවන්ගේ අකාරය සහ එහි පටවන භාණ්ඩ වර්ගය (තොග බඩු,තෙල්,කන්ටේනර් වැනි ) අනුව රේඛාව සලකුමු කිරීම වෙනස් වෙනව........
තරල යාන්ත්‍ර විද්යාවට(Fluid Mechanics) අනුව නෞකාවක් ජලයේ පාවීමේදී එය ගිලෙන ප්‍රමාණය රඳා පවතින ප්‍රධානම සාධකය තමයි "ද්‍රවයේ ඝණත්වය"(Density)........වැඩි ඝණත්වයක් සහිත ද්‍රවයකදී එමගින් ඉපිලෙන නෞකාව මත ඇති කරන උඩුකුරු තෙරපුම (Up Thrust) වැඩි නිසා වැඩි බරක් පැටවිය හැකියි......
සාමාන්යෙන් මිරිදිය ජලයේ(Fresh Water ) ඝණත්වය කරදියට වඩා අඩු නිසා මිරිදිය මගින් නෞකාව මත ඇති කරනු ලබන උඩුකුරු තෙරපුම අඩු අගයක් වෙනව...ඒ නිසා මිරිදියේ ගමන් කරන නෞකාවකට පැටවිය හැකි බඩු ප්‍රමාණය කරදියේ ගමන් කරන නෞකාවකට පැටවිය හැකි බඩු ප්‍රමාණයට වඩා අඩුයි.......මේ හේතුව නිසා නෞකාවකට බඩු පැටවීමේදී එය ගමන් ගන්නා සම්පූර්ණ ගමනේදි පසුකර යන සාගර සහ ගංඟා වලින් වඩාත්ම අඩු ඝනත්වයක් සහිත් ජලයේදී පැටවිය හැකි බඩු ප්‍රමාණය තමයි තීරණාත්මක සාධකය වන්නේ(Critical Factor).......ජලයේ උෂ්ණත්වය වෙනස්වීමේදී ඝණත්වය වෙනස්වන නිසා අදාළ නැවු මාර්ගයේ කාලගුණ සහ දේශගුණ තත්වයද මෙහිදී සලකා බැලෙනව.......
වෙළෙන්දෙක් සහ බ්‍රිතාන්ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙක්වූ "සැමුවෙල් ප්ලිම්සෝල්" විසින් දිගු කලක් තිස්සේ කරන ලද අධ්යන වලින් පසුව තමයි මෙම ප්ලිම්සෝල් රේඛාව නෞකාවන්ට ලැබුනේ....ඒ වනවිට නාවිකයන් දහස් ගනනක් අධික බර පැටවීම් හේතුකොට ගෙන ඇතිවූ අනතුරු වලින් මියගොස් තිබුනා......
1930 දී මෙම රේඛාව රටවල් 58 ක් විසින් පිළිගෙන භාවිතය ඇරඹුවා...
මේ වන විට එය ලොව පුරා ඔනෑම නෞකාවකට අනිවාර්ය මිනුමක්......
මෙහි අඩංගු මිනුම් වල පහත දැක්වෙන තොරතුරු අඩංගුයි....
TF = Tipical Fresh Water
F = Fresh Water
T = Tropical Sea Water
S = Summer Temperature Sea Water
W = Winter Temperature Sea Water
WNA =Winter North Atlantic
( මතු සම්බන්ධයි )
----චාමර වන්නිආරච්චි-----

Comments

Popular Posts