ඇය යන්න ගියා මැකිලා….
ජලයත්,තණ කොලත්,අරලියා මලුත් කියන වර්ග තුන එක තැනක සංයෝජනය වෙලා තිබුනොත් ඒකේ අමුතුම චමත්කාරයක් තිබෙන බව දවසක් කිව්වේ මොරටුව සරසවියේ වාස්තු විද්යා පීඨයේ ඉගෙන ගත් පාසල් මිතුරු වරලත් වාස්තු විද්යාඥ නදීෂ් සෙනෙවිරත්න සහෘදයා... එදා ඉදං මටත් ඒ සුන්දරත්වය පෙනෙන්න පටන් ගත්ත ...ඉංජිනේරු විද්යා උපාධිය හැදෑරීමට තරම් සුදුසුකම් තිබියදීත් ඔහු වාස්තු විද්යාව හැදෑරුවේ සුන්දර කලාත්මක මිනිසෙක් නිසා.......ඉස්සර ඉඳලම මම ඇසල සහ අරලියා මල් දකින්න ආසයි…..සරසවියෙ ඇතුලේත් දිගටම ඇහැල ගස් සිටුවලා තිබුන...ඉස්සරින්ද රෑට වැස්සම පස්සෙන්ද උදේට තෙත තණකොල බිස්ස මතට ඇසල, අරලියා මල් වැටිලා තියෙනව දකින්නා මම හරි ආස නිසා වෙනදට වැඩිය කලිං අවදි වෙලා තනියම ගිහිං සිමෙන්ති බංකුවක ඉඳගෙන ඒ දිහා බලාගෙන ඉන්නව...මේ හේතුව නිසාම මම නිවස ඉදිකරද්දි අරලිය සහ ඇසල මල් ගස් කීපයක්ම සිටෙව්ව…….
ප්රවීණ වාස්තු විද්යාඥ ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන ලද පාර්ලිමේන්තුව,රුහුණු සරසවිය,ජෙට්වින් ලයිට් හවුස් හෝටලය වැනි බොහෝ නිර්මාණවල මේ සංයෝජනය දකින්න පුලුවන්……
මගේ ජීවිතේ මේ 38 වසර තුල ඝන වනාන්තර ඇතුලෙදි වැස්සට මැදිවුන අවස්ථා බොහෝමයි...ඉස්සර අපි සිංහරාජයේ දකුණු මායිමෙන් ඇතුලු වෙලා සිංහලෙන ආරණ්ය සේනාසනයට දානෙ අරං ගිය විටදී, ලග්ගල වස්ගමුව ආශ්රිතව කැලේ වැඩ සිටින භික්ෂූන් හමුවෙන්න ගිය අවස්ථාවලදීත් පැය ගනං කැලේ ඇතුලේ වැස්සට කොටුවෙලා ඉඳල තියෙනව….. අපහසුතාවයන් මැද උනත් ඒක හරිම සුන්දර අත්දැකීමක්.. මමත් කුඩා කාලෙ ඉඳලම වැස්සට හරි ආසයි...අපේ ගෙදර පිහිටලා තියෙන්නේ කුඩා කදු ගැටයක් මත…...ඉතිං අපේ ගෙදරට අවට ගම්මානයම හොදින් දර්ශනය වුනා....ඉදිරි පස සහ පසු පස තැනිතලාවන් පහු වුන ගමන්ම වෙල් යාය ඈතින් පෙනෙනව...වැස්ස දවසට මුලු ගම්මානයම තෙත් වෙන හැටි බලන්න ඉස්සර වගේම අදටත් මම ආසයි......
අපේ මහ ගෙදර පරණ සිංහල උලු සෙවිලි කල එකක්...වැස්ස වෙලාවට ඒ වැහි පීලි දිගේ වතුර බේරෙනවා බලා ඉන්න එක මගේ පුරුද්දක්...වයස 19 සිට 23 දක්වා ප්රේම කල අවධියෙදි ඒක තවත් ලස්සන අත්දැකීමක් වුනේ අපි දෙන්නා එකිනෙකාට කවි ලියා ගත්ත නිසා ....එක දවසක් වැස්ස වෙලාවේ තෙතබරිත වුනු මකුළු දැලක් දිහා බලාගෙන මකුලුවන් කරන දේ බලා ගෙන පැය 2 කටත් වඩා ඇයත් මමත් සිටි බව මට හොඳින් මතකයි..... එක දවසක් ඇයත් මමත් ගම්පහ හෙනරත්ගොඩ උද්යානයෙදි එක පාරටම ඇද හැලුන වැස්සකට හසුවුනා....ඒකත් අමුතුම සිදුවීමක්...
මහ හයියෙන් වැහැපු දාට පහුවෙනිදා උදේ තෙත බරිත ගස් අතරින් හිරැ එලිය වැටුන ඉරි- ඉරි වගේ “ඉරිමා උදෑසන” කියන්න්නෙ මම ඉතාම ප්රිය කරන්නක්...රූක්ෂ වනස්පතියක් අතරින් එහෙම ඉර එලිය වැටෙනකොට තවත් ලස්සනයි... වැස්සට පස්සේ මල් පෙති වල තියෙන පිණි කඳුලු දකිනකොට අමුතුම ලතෙත් බවකින් හදවත තෙත් වෙනවා සංවේදී මිනිසුන්ගේ…. වැස්ස ඇතුරුදන් වෙනවාත් එක්කම ලස්සන මිහිදුම් සලු ඇවිත් මුලු වනාන්තරයම වසා ගන්නවා....
අපි ජීවිතේ විවිධ අවධීන්ට මුහුණ දෙනව වගේම වනස්පතීනුත් ගිම්හානයට,හේමන්තයට,වස්සානයට,වසන්තයට මුහුන දෙනවා........
වසන්තේ නිදාවුන් - යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත- හේමන්තයේදී
වසන්තේ ලපල්ලෙන්- වැසී උන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන්- හේමන්තයේදී
විලාපෙන් විඩාවී- රැදී මං තලාවේ
වැසී අන්ධකාරෙන්- වැටී මං මුලාවේ
වලාවක් ලෙසින් මා- ඇදෙද්දී අයාලේ
ඔබෙන් නෙත් ලැබුයේ- හේමන්ත කාලේ
සුසුම් ලා දිවා රෑ -වෙලී හුදෙකලාවේ
එපාවී සියල්ලන්- පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදාවූ -සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදූයේ- හේමන්ත කාලේ
එහෙම කියන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න….
“තෙතවරය” කියන්නේ සිංහල භාෂාවට මා විසින් එක් කල අලුත් වචනයක්..ඒ නිසා කවුරුවත් ඒ ගැන කලබල වෙන්න ඕන නෑ....හොලිස්ම් ප්රධාන කාර්යාලයේ මගේ මේසෙ ලඟ තමයි ෆොටෝ කොපි,ස්කෑනර් ඇතුලු බොහෝ පොදු උපකරණ සවිකරල තිබුනෙ...ඉතිං විවිධ අවශ්යතා වලට එතැනට එන කාර්යාලයේ කාන්තාවන් මා සමග කතා කරල කෝලං කරල තමයි යන්නේ....එහා මුල්ලක මේසේ තිබුන මා මිත්ර පේමින්ද ජයසේකර සහෝදරයා මේ දිහා හැමදාම හොරෙන් බලාගෙන හිනාවෙලා මගේ ලඟට ඇවිත් කියනව....”මේ චාමරයගේ වැඩේ මෙතෙන්ට එන කෙල්ලන්ව තෙතවරයට ලක් කරන එකමයි” කියලා මහා හයියෙන් හිනාවෙනව..ඒ වචනය මමම ඔහුට හදුන්වාදුන් එකක්....
සාහිත්යයෙදි වැස්සට දෙන්නේ ස්ත්රී භාවයක්...හැම තිස්සෙම "චුරු-චුරු" ගාන නිසාද කියල නම් දන්නේ නැහැ. සාහිත්යයෙදි පුරුෂාර්ථයෙන් සලකන වනස්පතීන්ගෙන් පිරුණු වනාන්තරයට වැස්ස කියන්නේ ප්රේමනීය ලතෙත් අත්දැකීමක්….
සඳ එලියෙන් වනස්පතීන් එකාලෝක වුන සුන්දර රාත්රියක එහෙම වැස්ස වැටෙන්න පටන් ගත්තොත් කොතරම් චමත්කාර ජනකද ? ඒක විඳලම බලන්න ඕන...බුදුන් පාරිලෙයිය වනයට වෙලා බොහෝ කාලයක් හිටියේ ඒ සුන්දරත්වය අත්විඳිමින්....වැස්ස නැතුව වනාන්තරයකට පවතින්න බැහැ...අශ්වඝෝස ආචාරීන්ගේ සෞන්දරානන්දයෙ වගේම කාලිදාසයන්ගේ මේඝ දූතයේ මේ ගැන සොඳුරු යෙදුම් හමුවෙනව......
වැස්ස වැටිලා තමාව "තෙතවරයට" ලක්වීමට වනස්පතීන් ආසයි. එය ඔවුන්ට අමුතුම ආශ්වාදයක් ගෙන දෙනවා.... වස්සාන සමය අවසන් කරමින් අවසන් වැස්ස වැටෙද්දි වනස්පතියකට ඒක දරා ගන්න බැරි ඉදිරියේදි එන ගිම්හාන කාලය බොහෝ ධරථයන්ගෙන් පිරුණු වියලි කඨෝර ඇත්දැකීමක් වෙන නිසාමයි......ඊට පස්සේ මේ වනස්පතීන්ට ලැබෙන්නේ වියලි සුලගේ පහස පමණයි.......තමන් එසේ තෙතවරයට ලක්කරමින් ඉන්න වස්සානයේ අවසන් වැහි කොමලිය එක පාරම තමන් අතහැරලා ගියොත් වනස්පතියක් ඒක දරා ගන්න බැරි විප්පයෝගයක්...වැහි කොමලිය වනස්පතිය නොසිතූ මොහොතක දාල ගියා වගේම ඇයත් මා නොසිතූ මොහොතක 2003 වසරෙදි යන්න ගියා මැකිලා....
ඇය යන්න ගියා මැකිලා….
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුලක් මල් පෙති අග තවරා
මිහිදුම් සලුවෙන් මුහුණ වසා
ඇය යන්න ගියා මැකිලා
නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳ එලියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොලුවූ හදකින්
යන්න ගියා මැකිලා
යලි කවදාවත් හමුනොවෙනා වග
මද පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යලි නේතැයි ගිම්හානෙට පෙර
පද ගෙත්තම : සුනිල් සරත් පෙරෙරා
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=ZBOevScd9fg

Comments
Post a Comment