අපි නොදන්න සල් ගස.......
සිද්ධාර්ථ ගෞතමයන් වර්තමාන නේපාලයේ සිද්ධාර්ත් නගර් වලට උතුරින් පිහිටි ලුම්බිණි නම් "සල් උයනකදී" උත්පත්තිය ලැබූ බවත් ඉන් වසර අසූවකට පමණ පසු වර්තමාන උත්තර් ප්රදේශ් ප්රා න්තයේ කුශි නගර්හි හෙවත් කුසිනාරාවේ උපවර්තන නම් “සල් උයනකදීම” පරනිර්වාණයට පත්වී ඇති බවත් අප අසා ඇති කතාවකි.......ඉහත හේතූන් දෙක නිසා සල් ගස ලෝක පූජිත විය....එසේ වුවද භාරතයේ මානව සංස්කෘතිය තුල සල් ගස දිගු කලක් ගෞරවයට පත් වූයේ තවත් සුවිශෙෂී හේතූන් නිසාවෙනි…...
සල් කොලය ගවයාගේ කිරි වඩන ආහාරයය්……සල් ගෙඩියෙන් නිපදවන පුන්නක්කු ගවයන් සුවපත් කර තිරිහන් කරවය්…..සල් ගසේ පංච අංගයම මිනිසුනට ඔසු වන අතර ගසේ මැලියම් වලින් මානව අවැසිතා වෙනුවෙන් විවිධ නිපැයුම් කරය්…….ඒ අතර විලවුන් වර්ග විශේෂිතය…..අපේ බසේ “හල් දුම්මල” යනුවෙන් හදුන්වන්නේද මේ මැලියම් විශේෂයය්…...සල් ගසේ මුල් වලින් නික්මෙන ශ්රාවයක් ගොයම් පැලෑටි පෝෂණය කරය්…...එසේ හෙයින් බත් රස දන්නෝ සල් ගසේ ගුණ හදුනති…...ලෝකයේ දැව අතුරින් හොදම දැවයක් වන සල් දැවය ඉන්දියාවේ නේපාලයේ සහ බංග්ලාදේශයේ ආර්ථිකයේ සුවිසල් දායකයෙකි...මේ කතා කරන්නේ උද්භිද විද්යාවේදී "ශෝරියා රොබස්ටා "(Shorea robusta )යනුවෙන් හදුන්වන සල් ගස ගැනය……
උතුරැ ඉන්දියාව සහ නේපාලය පුරාම සල් ගස් ඇති අතර හිමාලයේ දකුණු දිග බෑවුමේ උත්තරඛණ්ඩ් ප්රාන්තයේ අක්කර දහස් ගනං රක්ෂිත සල් වනයන් ඇත…..උත්තර භාරතීය සංස්කෘතියේදී සල් ගස කප් රුකෙකි.ලෝකයේ විශාලම කිරි නිපදවන්නා වන ඉන්දියාවට ඒ වරම දී තිබෙන්නේ සල් ගසය….... හරියට අපිට පොල් ගස මෙන්ය.... බුද්ධ කාලයේත් රාජ්ය අනුග්රහයෙන් හැම තැනකම සල් උයන් පිහිටුවා තිබුනේ ඒ නිසා වෙනි …..
එය ඒසේ වුවද මේ සටහන කියවන ඔබගේ හිතේ තවමත් මැවී තිබෙනු ඇත්තේ ලංකාවේදි දකින සල් ගසය…..නමුත් ලන්කාවේ ජනප්රිිය සල් ගස බුද්ධ චරිතයට තබා ආසියානු පොලවටවත් සම්බන්ධයක් නැති දකුණු අමෙරිකානු ගසකි….. දකුණු අමෙරිකාව නිජ භූමිය කරගත් මෙම ගස ලංකාවේදී සල් බවට පත්ව පූජනීයත්වය පත්වීම ගැන වූ කතාවද ඉතාමත් හාස්ය ජනක වූවකි…..එහෙත් එයට සිනාසිය නොහැක්කේ ගෙවී ගිය සියවස් කීපයක අපේ ඉතිහාසයේ සිදුවූ අභාග්යන් මේ වෘතාන්තය සංකේතවත් කරන බැවිනි…..
උද්භිද විද්යාත්මකව "කොරොපිටා ගුවානින්සිස්"(Couroupita guianensis ) යනුවෙන් හදුන්වන දකුණු අමෙරිකාව( විශේෂයෙන් ඇමෙසන් වනාන්තරය ) නිජභූමිය කරගත් මෙම "කැනන් බෝල් "ගස (එහි අරුත කාලතුවක්කු උණ්ඩය යන්නය් ) ලංකාවට සංක්රමණය වූයේ යටත් විජිත ධවල පාලන සමයේය…...දැවැන්තවද උත්තුංගවද වැඩෙන මේ ගසේ සුන්දර මලක් හටගනී(කාලතුවක්කු උණ්ඩය මෙන් හැඩයකි )…...ඒ හැරෙන්න්නට එම ගසෙන් අන් කිසිදු වැදගත් කමක් නොමැත….. කෙසේ හෝ කාලයත් සමග බටහිර අණුකරණය කල මේ “හුදෙකලා කොදෙව්වේ වැසියන්ගේ " සංස්කෘතිය තුල මේ ගස "සල් ගස" බවට පත් විය…...එය කරලියට ගෙන ඒමේ ප්රදධානම කාර්යය කරන ලද්දේ ග්රීක සිතුවම් එලෙසින්ම විහාර ගෙවල් වල පින්තාරු කල චිත්ර ශිල්පීන්ය…..මේ සිදුවීම අමෙරිකාවේ බිහිවූ "පරම විඤ්ඤානාර්ථ සමාගමේ "හැඩරුව අනුව ලංකාවේ බෞද්ධ සංස්කෘතිය ගොඩ නැගීම හා සමාන විය..
ලංකාවේ නිවැරදි සල් ගස් ඇත්තේ ඉතාම අත ලොස්සකි…. ඉන් එකක් දළදා මාලිගාවේ දකුණු දොරටුව අසලත් පේරාදෙණිය උයනේ ඇති ගස් දෙකත් මින් ප්රධාන වේ........චම්පික රණවක පරිසර ඇමතිවරයාවූ කාලයේ ඉන්දියාවෙන් සල් පැල 2000 ක් ගෙන්වා දිවයින පුරා පන්සල්වලට බෙදා දුන් නමුත් ඉන් කීයක් මේවන විටත් ඇතිදැයි නොදනී.මහනුවර ලේවැල්ලේ බෝධිවනයේ මිස්සක කමලසිරි හිමිගේ ආරාමයේ සිටවූ පැල නම් හොඳින් රැක බලා ගනී......
බුදුන් ලක්දිව ඉපදුනායැය් "හුදු ෆැන්ටසියක" ජීවත් වන ඇතැමුන් බඹරගල ප්රදේශයේ පිහිටි වසර සියයකට ආසන්න වයසක් ඇති "කැනන් බෝල් " ගසක් පෙන්වමින් "මෙම සල් ගස වසර දෙදහසක් පැරණියැය් " වහසි බස් දොඩවති.....කැනන් බෝල් ගස ලක්දිවට සංක්රමනයවී තවම වසර දෙසියයක්වත් ගතවී නැත.......බුදුන් ලක්දිව ඉපදුනායැය් මොවුන් කියන්නේ වසර සීයකවත් ඉතිහාසයක් නැති කැනන් බෝල් ගසක් පෙන්වමිනි.....
මේ හුදෙකලා දූපතේ සිරවූ ඇතැම් අන්ධභූත ජනයා කවදා නම් මේ "දූපත් මානසිකත්වයෙන් මිදෙන්නේද"........
(මෙහි ඇතැම් කරුණු මිස්සක කමලසිරි හිමියන්ගේ "මිහිදු ගිරෙන් හිමගිරට" සහ කොලට් සේනානායක/නාරද කරුණාතිලකගේ "අල්ලහු අක්බර් " කෘති වලින් තහවුරු කරගන්නා ලද අතර ඊට අමතරව මා නේපාලයේ සහ ඉන්දියාවේ හිමචල් ප්රදේශ්,උත්තර්ඛණ්ඩ්,බිහාර්,උත්තර් ප්රදේශ් ,ගුජරාට් ඇතුලු ප්රාන්ත දහයක කරන ලද සංචාරයන්ගේ නිරීක්ෂණයන් පාදක කර ගන්නා ලදී )
- චාමර වන්නිආරච්චි -
Comments
Post a Comment