නිහඬ විද්වතුන්……….01


මේ ඉන්නේ පූජ්ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමි...ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නව උනාට ථේරවාද බෞද්ධ ලෝකයේ විද්වතුන් බොහෝ දෙනෙක් ගුරු කොට සළකන ජගත් මට්ටමේ භික්ශුවක්..........
1940 දි ගාලු දිස්ත්රික්කයේ හබරාදූව කටුකුරුන්දේදී උපත ලැබූ උන්වහන්සේ ගාල්ල මහින්ද විදුහලේ මෙන්ම පේරාදෙණිය සරසවියේ විශිෂ්ඨ ආදි සිසුවෙක්......එම සරවියේම කථිකාචාර්ය වරයෙක් ලෙස සේවය කරමින් සිටියදී තම ආචාර්ය උපාධිය සදහා විදෙස්ගතවීමට ගුවන් තොටුපොලට යාමට පිටත්වූ උන්වහන්සේ අතර මගදී දුම්රියෙන් බැස හික්කඩුවේ ...දොඩන්දූවේ පොල්ගස්දූව අරණ්ය සේනාසනයේදී (Island Hermitage ) පැවිදි වුනේ 1967 දී......

ආචාර්ය උපාධිය වෙනුවෙන් ලියු නිබන්දනය "Concept and Reality “ ලෙස පසුව පොතක් ලෙස එලි දැක්වුනා......1972 සිට 1990 දක්වාම මීතිරිගල නිස්සරණ වනයේ භාවනානුයෝගීව වැඩ සිටි උන්වහන්සේ ඉන් පසු පොල්ගහවෙල ආසන්නයේ "කරඳන" ප්රදේශයේ හුදෙකලාව වැඩ සිටිනව.......
පාලි(මාගධී ),සංස්කෘත,සිංහල, යන භාෂාවන් සහ ථේරවාද බෞද්ධ දර්ශණය ගැන දැනට ලොව සිටින අන්ක එකේ විද්වතා උන්වහන්සේ කියල කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙවෙයි......ඊට අමතරව ඉංග්රීසි , ලතින් සහ ග්රීක භාෂාවන්ගේද ප්රවීනයෙක්.......

කිසිම දෙයක් හරියට නොදැන ඔහේ පිනුම් ගසන ගිහි -පැවිදි "ගෘහස්ථ පඬියන්" දැක්කම පූජ්ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමි කොතරම් නිහතමානි නිහඬ විද්වතෙක්ද කියල හිතෙනව........
ස්වාමීනි, ඔබට දීර්ඝ ආයු වේවා !

----චාමර වන්නිආරච්චි-----

www.seeingthroughthenet.net

 

Comments

Popular Posts