අපි නොදන්න "ධ්යාපනය".......


අතීත පෙරදිග වාසීන් දැනුම ලබා ගැනීම සදහා යොදා ගත් ක්රමවේදය "ධ්යාපනය" නමින් හැදින්වේ.......
සිත භාවනානුයෝගීව සමාධිගත කිරීමත් ඒ අනුව සමාධිමත් සිත උපේක්ෂා අරමුණ තුළදී අදාළ දෙය වෙත "අරමුණු" කිරීමත් මගින් එම අරමුණ විනිවිද යාමේ "චිත්ත ශක්තිය" ඔවුන් විසින් ලගා කර ගන්නා ලදී.....
මෙලෙසින් සිත උපේක්ෂා අරමුණ තෙක් සමාධිගත කරගෙන ඒ තුළින් දැනුම ලබා ගැනීම "අන්තර් ඥානය අවධි කර ගැනීම" ලෙස හැදින්වේ........
ආයුර්වේද්යෙ "ගුරුන්" ලෙස සලකන චරක,සුසෘත වැනි සෘෂි වරුන්ද.ජෝතිෂ්යේ ගුරුන් ලෙස සලකන වරහමීර,පරාසාර වැනි සෘෂි වරුන්ද මෙලෙස "අන්තර් ඥානය" අවධි කරකගත් මහා පුරුෂයන් ලෙස දැක්විය හැක........
යෝග දර්ශණයේ ගුරුවරයෙක් ලෙස සලකන "පතංජලී" සෘෂි වරයාද මෙලෙසින්ම අවදි කරගත් විද්වතෙක් ලෙස සැලකිය හැක......
අතීතයේ ලොව විසුවායැයි ජනප්රවාදයේ එන "රාවණ" නම්වූ විද්වතාද මෙලෙසින්ම අන්තර් ඥානය අවදි කර ගත්තෙක් ලෙස සැලකිය හැක......
භාරතයෙන් ලොවට මෑත කාලයේ බිහිවූ විශිෂ්ඨතම ගණිතවේදියාවූ ස්රිනිවාස් රාමානුජන් තම නව ගණිත සමීකරණ ලොවට හෙලි කරන ලද්දේ මෙම "අන්තර් ඥානය" අවධි කර ගැනීමෙන් වග පුන පුනා හේතු සහිතව ලොවට කීවද "ඊනියා හේතුවාදියෝ ප්රමුඛ භෞතිකවාදියෝ" ඒවා පිළි නොගත්හ.......එයින් රාමානුජන්ට සිදුවූ පාඩුවක් නොමැත නමුත් අලුතින් "ධ්යාපනය" ඔස්සේ දැනුම ලබාගැනීමට තරම් ව්වෘත මනසක් සහිතවූ ඥානවන්තයින් එයින් අධෛර්යමත් විය........
ගැලීලියෝ,කොපර්නිකස් සූර්ය ග්රහ මණ්ඩලයේ පිහිටීම දුරේක්ෂ මගින් නිරීක්ෂණය කර ලොවට කියන්නට වසර දහස් ගනනකට කලින් ඒවා ගැන අතිශය නිවැරදි තොරතුරු භාරතයේ විසූ බ්රහ්ම ගුප්ත,ආර්යබාට වැනි විද්වතුන් විසින් සූර්ය සිද්ධාන්ත සහ ආර්ය සිද්ධාන්ත වැනි ලේඛණ හරහා ලොවට හෙලි කරන ලද්දේ මෙම අන්තර් ඥානය උපයෝගී කරගෙනය.........
සංයුත්ත නිකායේ රෝහිතස්ස සූත්රයේදී බුදුන් දෙසන්නේ පා ගමනින් ගොස් කිසිදා විශ්වය තරණය කල නොහැකි බවත් බඹයක් පමණවූ සංඥාව සහ මනස සහිත ශරීරය තුළින් අන්තර් ඥානය අවධි කර ගැනීමෙන් පමණක් ලෝකයේ කෙළවර දැකිය හැකි බවයි..........කෙසේ නමුත් හේතුවාදීන් ප්රමුඛ භෞතිකවාදීන්ට නම් භාවනාව යනු ස්වයං මෝහනයක් පමණි.......එහෙත් බුදුන් විසින් වසර 2600 කට පෙර දස දහසක් සක්වල ගැන කල දේශණාවන් සහ කලල විද්යාව ගැන කල විශ්මිත දේශණාවන් ගැන හැදෑරීමේ දී එම නුවණ කිසිදා ඊනියා විද්යාගාරයක් තුලදී පරීක්ෂණ නල උපයෝගී කරගෙන ලබා නොගත් බවත් තම මනසම විද්යාගාරයක් බවට පත් කරගත් බවත් ඉතා පැහැදිළියි......
කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් දිනෙන් දිනම චින්තන පරාසයෙන් අඩු වන්නනට විය.....ක්රම ක්රමයෙන් සමාධිය වඩන්නන් හීන වන්නට විය.............දැනුම ලබා ගැනීමේ සාර්ථකම ක්රමය වූ "ධ්යාපනය" වෙනුවට "අධ්යාපනය" නම්වූ "ලාමක ක්රම වේදය" ලොවට තහවුරැ වන්නට විය.......ධ්යාපනයට ප්රතිවිරැද්ධ ක්රමවේදය අධ්යාපනයයි.....
අද වනවිට දැනුම ලබා ගැනීමේ "එකම ක්රමවේදය" ලෙස බටහිරයන් විසින් "අධ්යාපනය" කොතරම් ඉහළින් තබා ඇත්දැයි කිවහොත් "ධ්යාපනය" ගැන කතා කරන්නන්ද "මානසික ව්යාධීන්ගෙන් පෙළෙන්නන්" ලෙස හංවඩු ගසා හාස්යට ලක් කරන තරමටම මිනිසා "අධ්යාපනයෙන් අන්ධවී ඇත"................අධියාපනය යනු අනුන්ගේ දැනුමක් "පුනරැච්චාරණය" කිරීම විනා තමා තුළින් නව දැනුමක් නිර්මාණය කිරීම නොවේ.....
බුදුන්ට අනුව කාලයාගේ ඇවෑමෙන් මිනිසා ධ්යාපනයෙන් ඈත්ව අධ්යාපනය වැළද ගැනීමත් සමගම ලෝකයෙන් ගුණධර්ම අතුරුදන්වී විනාශ කාරී දේ ඉස්මතු වනු ඇත.........අතීත මිනිසුන්ට අනුව පුද්ගලයෙකු දියුණුවිය යුත්තේ "ගුණ නැණ "යන දෙකෙන්ම වුවත් "බාහිරාවර්තීවූ අධ්යාපනයෙන් නැණවතුන් විනා ගුණවතුන් බිහි නොවේ..........ගුණවතුන් බිහිවන්නේ තමා දෙසටම නැමුන(අන්තරාවර්තීවූ-Introward ) " ධ්යාපනය "හරහාම පමණි.............
එහෙත් මිනිසුන් ගුණවත් බවෙන්,අන්තරාවර්තී බවෙන් සහ ධ්යාපනයෙන් කොතරම් ඈත්වී ඇත්දැයි මෙම ලිපියට දමනු ලබන ඇතැම් උපහාසාත්මක කමෙන්ට් වලින්ම ඔබටම සිතා ගත හැක.....


---- චාමර වන්නිආරච්චි --------

Comments

Popular Posts