මා එන්නේ නැත රන් දෝලාවෙන් නම්......
සුසුඛං වත ජීවාම-සෙයියං නො නත්ථි කිඤ්ඤණං
පීති භක්ඛා භවිස්සාම-දේවා ආභස්සරා යථා
"සියලු රාගාදී කෙලෙසුගෙන් විමුක්තවූ අපි ආභස්සර බඹුන් මෙන් ප්රීතිය ආහාරකොට වෙසෙන්නෙමු"
-ඛුද්ධක නිකාය,ධම්මපදය-සුඛ වග්ගය-
සූත්ර පිටකයේ කොටස් පහයි..දීඝ නිකාය,අංගුත්තර නිකාය,මජ්ජිම නිකාය,සංයුත්ත නිකාය සහ ඛුද්ධක නිකාය.....බ්රහ්මජාල සූත්රය වගේ දීර්ඝ ඒවා දීඝ නිකායෙ,මධ්යම ප්රමාණයේ ඒවා මජ්ජිම නිකායෙ ප්රශන සහ උත්තර ලෙස තියෙන ඒවා අංගුත්තර නිකායෙ,විවිධ පුද්ගලයන් සහ සිද්ධීන් වලින් සංයුක්තවූ කොටස් සංයුත්ත නිකායෙ,ඉතාම කෙටි වුනත් ගැඹුරුම සූත්ර ඛුද්ධක නිකායෙ..... ,
ධම්මපදය,ජාතක පාලිය,සුත්ත නිපාතය වගේම ථේර-ථේරී ගාථා තියෙන්නේත් මේ ඛුද්ධක නිකායෙ…….සුත්ත නිපාතයේ ඛග්ඝවිසාණ සූත්ර සහ ථේර-ථේරී ගාථා තමයි මගේ ප්රියතම කොටස...
ජීවිතේ විවිධ තැන් වල ඉඳලා මහා වාසනාවකට බුදුන් හමුවෙලා රහත් වෙලා..තමන්ගේ සියුම් උදානය ප්රකාශ කිරීම තමයි මේ ථේර-ථේරී ගාථා වල තියෙන්නේ...ඒවායින් මම කැමතිම එක නං සාරිපුත්ත ථේර ගාථාව.....ඒක කියවද්දි මට හැමැදාම ඇස්වලට කඳුලු එනවා...බුද්ධ සාසනයේ දෙවෙනියා කොතරම් නිහතමානීද කියල....... සාරිපුත්ත ථේර ගාථා ඔක්කොම තිහක් තියෙනව..... ඔක්කොම මෙතන ලියන්න බැහැ...මම කැමතිම එක ලියන්නම්....
“භාවනාවට වාඩිවුනාට පස්සේ, දනහිස් දෙක වැස්සට තෙමෙන්නේ නැත්තම්,අන්න ඒ වගේ කුටියක් වුනත් මට හොඳටෝම ඇති.....”
(ඛුද්දක නිකාය , ථේර-ථේරී ගාථා පාලි ,සාරිපුත්ත ථේර ගාථා)
මීට අමතරව අටුවා ලෙස පසුව ලියවුනු ථේර-ථේරී ගාථා බොහෝමයක් තියෙනව....
උපතින් ක්ෂත්රීය කුලයේ ඔහුගෙ නම විවේකානන්ද..දෙමාපියන් ඔහු කුඩා කාලෙදිම අචිරවතී නදිය දෙගොඩ තලලා වතුරේ ගහගෙන යනවා...රථාචාරියෙක් ඔහු හදා වඩා ගන්නව...ඔහුගේ ඇවෑමෙන් එක්තරා ප්රාදේශීය රාජ්යක කුමාරයාගේ අස් රථයේ ධාවකයා බවට විවේකානන්ද පත්වෙන්නේ හදා වඩාගත් "රථාචාරී" කුලයේ සුලු පියා කළ වෘත්තිය ඔහුට උරුම නිසා.....
එක් දිනක් ඔහු කුමරාගේ අශ්වයා පදවාගෙන අචිරවතියෙ ඉවුර දිගේ හෙමින් හෙමින් යන්නේ තම ස්වාමියා වූ රජ කුමරා දඩ කෙළි පිණිස අසල වන ලැහැබකට ගිය නිසා.....දැන් ඔහු රථාචාරියෙක් වුනත් උපතින් ලැබුණ ක්ෂත්රීය පෙනුමෙන් ඔහුට කිසිම අඩුවක් නැහැ..ඒ වගේම ඔහුගේ යහපත් විනීත සේවාව නිසා කුමාරයා ඔහුට මිතුරකුට මෙන් සලකනව...ඔහු දන්නවා මොහුත් උපතින් ක්ෂත්රීය බව..... වෛශ්ය කුලයේ තරුණියක් ඇයගේ පිරිවරත් සමග අචිරවතී නදියේ දිය කෙළිනව......හරියට අර ක්ශේෂ්පියර්ගෙ නාට්ය වලදි වගේම ඉතා ඉක්මනින් මේ තරුණය ඇයට බැඳෙනවා...ඇය සිතන්නේ ඔහු වංශවත් රජ කුමරෙක් කියල මොකද ඔහු යන්නේ කුමර ශ්රීයෙන් නිසා......මේ පෙම් පලහිලව්ව තීරණාත්මක තැනට එන්නේ තමන් රථාචාරියෙක් බව කියන්න සිදුවුන දවසේ....ඒත් මේ තරුණයා කෙරෙහි බැඳී ඉන්න තරුණිය ඔහුගෙන් වෙන් වෙන්න කැමති වෙන්නේ නැහැ...ඇය ඔහුට යෝජනාවක් කරනව ....මාළිගය තුලදී කුමරා මරා ඔහුගේ වස්තුව සොරාගෙන ඇයත් සමග වෙනත් ප්රදේශයකට යන ලෙස....තමනට ඉතා හොඳින් සළකන මේ ස්වාමියා මරා දමන්නේ කොහොමද? ඔහු බරපතල ගැටලුවකට මුහුණ දෙනවා...මේ ගැන සිතමින් ඔහු දිනක් මහමග ඇවිද යන්නේ දින කීපයකට කුමරාගෙන් විවේකයක් ඉල්ලාගෙන...
ඔහුගේ වාසනාවට අනද හිමියන් සමග බැහැර වඩිනා බුදුන් ඔහුට හමුවන්නේ අතරමගදී...බුදුන් ගැන අසා තිබුනත් සියැසින් දැක ගත්තේ පළමු වතාවට....
“අවසරයි ස්වාමීනි,මම විවේකානන්ද නම් රථාචාරියා වෙමි”
“විවේකානන්ද ,ඔබ යම් සිත් තැවුලකින් පසුවන්නේද ?”
“එහෙමයි ස්වාමීනි,මා ජීවිත ඉරණම තීරණය වන තරමේ මහා ගැටලුවකින් පීඩා විඳිමි.....”
ඔහු තමන්ගේ ගැටලුව බුදුන්ට කියනව....
“ඔබේ ගැටලුව මා දැක ගතිමි..කැමතිද සදහටම ඒ ලාමක ගැටලුවෙන් පමණක් නොව මෙවැනි ගැටලු සහිත තෙරක් නොපෙනෙන සංසාරයෙන්ම නිදහස් වෙන්න....?"
“එහෙමයි ස්වාමීනි...මම දැංමම ඔබ වහන්සේ සමග එන්නෙමි....”
“කලබල නොවන්න ....ඔබගේ දෙමාපිය වැඩි හිට්යන්ගෙන් අවසර රැගෙන එන්න..”
“මට කිසිවෙක් නෑ ස්වාමීනි...”
“එසේ නම් ඔබ සේවය කරන ස්වාමියට දන්වා අවසර රැගෙන එන්න..”
මේ තරුණයා තමන් කියූ පරිධි වස්තුවද රැගෙන තමා ගෙනයාමට එතැයි ඇය තම සඳලු තලයේ සිට පෙර මග බලාගෙන ඉන්නේ නොඉවසිල්ලෙන්....
බුදුන් සරණ වෙනුවෙන් පිටත්වීමට ඔහු කුමරා ගෙන් අවසරය ලබා ගන්නේ ඉතා අපහසුවෙන්......ඔහු තමන් සතු අත්යාවශ්යම දේ පමණක් මල්ලක දමා ගන්නව....තල් පතක ඇයට අවසන් ලිපිය ලියනව...
සඳලු තලේ සිට පෙරමග බලනා - මානවිකාවිය ඔබට කියන වග නම්....
ඔබ ගෙනයන්නට සහ පිරිවරහා මා එන්නේ නැත රන් දෝලාවෙන් නම්......
ඇත්හල් අස් හල් සිවුරඟ සේනා -දැසි දස් පිරිවර සහ රන් දෝලා ......
පැතූ බවක් හෙම මා සිතුවේ නැත - සෙනේහයේ මුල් අකුරු කියූ දා අචිරවතී ගං ඉවුරු කොනේ.....
රන් පට රන්සළු දර්ශණ මාලා -මැදුරු සඳලුතල මංගල යානා......
නිසරු ඉසුරකට මහදේ ඉඩ නැත- ඔබගෙන් සමුගෙන ඈතට යන්නට ඉතිං අවසරයි කුමාරියේ.....
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=Dy-ftBolHvo

ඒ.. මේ සින්දුව දහස් වාරයක් විතර අහල ඇති.. වචනත් කට පාඩම්.. ඒත් කියන්නේ මොකක්ද කියල 'නිකමටවත්' හිතල තිබ්බේ නෑනේ.. :)
ReplyDelete