යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ……
(මාගේ පෞද්ගලික අදහස් අනුව ලියන මේ සටහන බලා ඇතැම් ගිහියන්,ජීවිත රක්ෂණ නියෝජිතයන් සහ බටහිර ධනාත්මක චින්තකයන් ඇතුලු භෞතිකවාදීන් කලබල වීමට ඉඩ ඇති බව කරුණාවෙන් සළකන්න....)
මට මතකයි අපේ ගෙදරින් මා වෙනුවෙන් පත්තරේට දාපු මංගල යෝජනාව..
“දකුණේ බොදු ගොවි 1979 නොවැම්බර් උපන්,නවීන නිවසක් ,මෝටර් රථයක් හිමි,බහුජාතික සමාගමක විධායක නිළධාරි පවුල් බරින් තොර බාල පුතුට දහමට සහ කලාවට ලැදි මනාලියක් මව සොයයි.. “
මනමාලියො විස්සකට වඩා බලන්න ගිහිං මම එකකටවත් කැමති නොවී මොකක් හරි අඩුවක් කිව්වේ මට අවිවාහකව ඉන්න තිබුන අරමුණ නිසා මිසක් ඒ අය අතරේ මගේ හිත ගිය අය නොසිටි නිසා නෙවෙයි.....මාතර ගැහැණු ළමයෙක් ,කොලඹ සරසවියෙ නීති උපාධිය හදාරපු...මල්ලිල දෙන්නයි...එක්කෙනෙක් කොලඹ වෛද්‍ය පීඨයේ අනෙකා ජ්'පුරෙ කළමණාකරණ පීඨයෙ ඉගෙන ගත්ත..තාත්ත කුඩා පාසලක විදුහල්පති....ඒ ළමයත් හරිම ආකර්ශනීයයි.....ඒ යෝජනාවට මම අකමැති වුනා කියල අම්ම මා එක්ක සතියක් කතා කලේ නැහැ.... ඒ ළමයගේ තාත්ත මට දිගින් දිගටම කෝල් කලා..
"අනේ පුතා අපෙන් මොකක් හරි වරදක්වත් වුනාද ?"
මම මග ඇරියා...
ඊට කලිං වසරේ දෙසැම්බරයේ විසිපස් වෙනිදා අපි කැකිරාවෙ ලබුනෝරුකන්ද සේනාසනයට වාර්ෂික සලාක දානය රැගෙන ගිය වෙලාවේ මාංකඩවල සුදස්සන හිමි හමුවෙන්න මම තනියම කුටියට ගියා....
“අපොයි මහත්තයෝ,බඳින්න නම් එපා...මහණ නොවුනට කමක් නැහැ...ඔය ගැටේ ගහගත්තොත් නම් ලිහල හමාරයි..”
ඒ සුදස්සන හිමිගෙ අවවාදය....
පස්සේ දවසක රාජගිරියේ අරියඤාණ හිමි බූන්දල කුටියෙදි මට කියනව...
“මහත්තය් බැඳලද ? “
“නෑ ස්වාමීනි......”
“අපොයි පුතේ බඳින්න නම් එපා...මහණ නොවුනට කමක් නැහැ....බැඳල පොඩි එවුන්ගේ කක්කා චූ ඇද ඇද ,මොන විකාරයක්ද පුතේ...ඊට වැඩිය කාත් කවුරුවත් නැතුව මහ පාරෙ මැරිල ගියත් මොකද පුතේ සිත නිදහස් නම්.... “
අසනීප වූ දා මට ඒ හිමිවරුන්ගේ උපදෙස් මතක් වුනා...මගේ ගත අපහසු වුනත් හිත නිදහස්.......
“කවදාවත් ඔබගේ රසායනික ශරීරය නිසා හටගන්නා රාග අරමුණු වලට ද්වේශ කරන්න එපා,බුදුන් සතිපට්ඨාන සූත්‍රයේ කියල තියෙන්නේ "සරාගංවා චිත්තං-සරාගංවා චිත්තංච පජානාති" කියල...ඒ කියන්නේ තමන්ට රාග සිතක් හට ගත්තම මුලින්ම කළ යුත්තේ එම රාග සිත හදුනා ගැනීමයි...ඒ සදහා තමයි කෙනෙකුට සිහිය ඕන වෙන්නේ....තමන්ට රාග සිතක් ආවම දත් මිටි කාගෙන දැඟලුවට වැඩක් වෙන්නේ නෑ....මිනිස්සුන්ට රාගය ඇතිවෙන එක ප්‍රශ්නයක් නෙවෙයි....වැදගත් වෙන්නේ ඒ බව හඳුනාගෙන කෙලෙස් තවන වීර්යෙන් යුතුව බුදුන් දෙසූ දේ අනුගමනය කිරීමයි....මොකද මේ අපේ හිත පිස්සු හැදුන රිලවෙක් වගේ මහා නොකෑමනා දහපඳුරා පට්ට පදුරු හිතක්.....”
ඒ වටිනා උපදේශය මගෙ ගුරු හිමි කෙනෙක්වුන උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ......
ඇතැම් සුචරිතවාදීන් නම් කියන්නේ තමන්ට නම් රාග සිත් හට ගන්නේ නෑ කියල......ඒ වෙලාවට මතක්වෙනව බුදුන් අඩවන් දෙනෙතින් යුතුව බාගෙට සිනාවෙවී ඉන්න...මහමෙව්නාවේ සමාධි පිළිමෙ...ධම්මජීව හිමි කියන්නේ බුදුන් එහෙම බාගෙට හිනාවෙවී ඉන්නේ මේ බොරු සුචරිත්වාදීන් කියන පට්ටපල් බොරු අහල කියලයි...මොකද බුදුන් අපිට කලින් දස බිම්බරක් මාර සෙනග එක්ක මහා යුද්ධයක් කොට තනිවම ජයගත් කෙනෙක් නිසා...ඇයි තණ්හා,රති ,රගා......සෙල්ලංද...?
"අනේ අපිට නම් රාගය හට ගන්නේ නැහැ අපි නම් හරීම නිවිල " කියල මේ අන්ධබාල පෘථග්ජනයෝ කියනකොට ඉතිං බුදුන්ට හිනා යනව තමයි....
මහගමසේකර දවසක් කාමරේ දොර වහල රෙදි ඔක්කොම ගලවල කැඩපත ලඟට ගිහිං තමන්ගෙ "හෙළුව" හොදින් බලනව...ඔහුට එකපාරට මතක් වෙනව මීට වසර දහස් ගනනකට කලිං ගල් යුගයේ වානරයෙක්ට තමන්ගේ යාලුවෙක් මුනගැහුන වගේ සිද්දියක් තමයි මේක...ඔහු ඒ ගැන ලස්සන කවියක් ලියනව...නමුත් මට දැන් ඒ කවිය මතක නෑ...මොකද මම ඒ පොත් බැලුවෙ ගොඩාක් ඉස්සර මගේ ලොකු අක්කා උසස් අධ්‍යාපනය ලබපු කාලේ....බුදුන්ට අනුව නම් කෙනෙක් තුන්වෙනි මාර්ග-ඵල තත්වයට පත්වුනාම තමයි රාගයෙන් මිදෙන්නේ....මොකද අනාගාමී ඵලයෙදි ප්‍රහීන වෙන්නේ කාම රාග සහ පටිඝ කියන ඕරම්භාගීය සංයොජන ධර්ම...
ගෘහ ජීවිතය අපේක්ෂාවෙන් ඉන්න ගැහැණියකට හෝ පිරිමියෙකුට සුදුසු කල්හි ආවාහ -විවාහ කර දීම මවුපියන්ගේ වගකීමක් බව බුදුන් සිඟාලෝවාද සූත්‍රයේ පැහැදිළිව කියනව......ඒත් පෙරදිග රටක කෙනෙක් විවාහයට කලින් සම්පූර්ණ කරගතයුතු මූලික අවශ්‍යතා බොහෝමයි....නිවසක් සහ ස්ථීර ආදායම් මාර්ගයක්....දැං නම් මොකක් හෝ වාහනයක් අඩුම තරමින් මෝටර් බයික් එකක් වත් ඕන ඊට අමතරව……මේ සියල්ලම කිසිදු අඩුවක් නැතුව තිබියදී මම විවාහකයෙක් නොවුනේ ඇයි කියල මම කලිංම ඔබට කියල තියෙනව……
ඒත් මේ ගේ දොර ඉඩකඩම්,රස්සාවක්,මාල වලලු කිසිත් නැති විවාහය ප්‍රමාද වෙන තරුණයෙකුට මානව හැඟීම් ඇති වෙන්නෙ නැද්ද...?
ඔහු නිදාගන්න ඇඳ ලණු ලිහුන වැල් ඇඳක්...ඒක තමයි ඔහුගෙ සිරි යහන... ඔහුගේ මේ කැඩුනු ඇඳට උඩින් තියෙන "වියන" මකුලු දැල් මිසක් වෙන මොනවද.......?
රෑ තිස්සේ ඔහු ඉන්නේ වේදනාවෙන් සුසුම් ලමින්....මේ කැඩුනු ඇඳේ උඩු අතට වැතිරිලා නොනිදා ඉන්න ඔහුගේ සිතේ හටගන්න රාගය නිසා ඉහලින් පෙනෙන යට ලීයේ පෙනෙන්නෙ ලස්සන ගෑනු රූප.......කවදාවත් එලිපිට කිසිවකටත් නොහඬන ඔහු කාටත් හොරා හෙමින් අඬන්නේ තමන්ගේ යෞවන කාලය ඔහේ ගෙවිලා යන නිසා.. හැම පෝය දවසේම ඔහුට හිතෙනව "අනේ තව මාසයක් ගියා... ඒත් මම එතනමයි"...ඒ නිසා ඔහු පෝය දවස් එනවට බයයි...මොකද ඔහුගෙ වයස යන නිසා.....දරිද්‍රතාවය හේතුවෙන්..... …දුප්පත් මාල වලලු නොතිබුණ තරුණියක් ඔහු වෙනුවෙන් කාලයක් බලං ඉඳල ඇයත් හොර රහ්සේම දීග ගිහින්....
යහන තලා සැප විඳිනා-ඵලදී නැතුවා පෙර පිං
මාල වලලු නොතිබ් අයට -අප අමතක වෙලා ගිහිං……
සඳෙන් සඳට මුවා වෙලා -කල දවසත් ගෙවී ගිහිං
නෙතට නුහුරු කඳුලු බිංදු පැදුරට මුසු වෙලා ගිහිං…..
සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුලු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ……
පද ගෙත්තම : ලූෂන් බුලත්සිංහල
සටහන : චාමර වන්නිආරච්චි
https://www.youtube.com/watch?v=kK417dcS8ts

ඔය හාමුදුරුවරු අපිට හම්බුනේ නෑනේ.. සෙහ්.. :D
ReplyDeleteමෙච්චර කාලයක් බ්ලොග්ස් කියෙව්වත් මම දැනන් හිටියේ නැහැ ඔබට බ්ලොග් එකක් තියෙනවා කියල. දැනුයි බුකියෙන් පාර හොයා ගත්තේ. මුල ඉඳලම කියවල එන්නම්.
ReplyDeleteBlog එකකට log වුන පලවෙනි වතාව.සතුටුයි...
ReplyDeleteකියවලා බලන්නම ඕන...
ReplyDelete